Motherboard Parts - මදර්බෝර්ඩ් කොටස් දැනගමු

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
Motherboard Parts - මදර්බෝර්ඩ් කොටස් දැනගමු


:P කරුණාවෙන් සලකන්න, වචන වල වැරදි තිබේනම් සමාව දෙනු මැන :P
:) මෙම ලිපිය සැදුවේ දන්නා කරුණු සහ වෙබ් අඩවි වල ඇති කරුණු වලින් :)
;) මෙම ලිපිය කියවන්නට බැරිනම් හෝ අකුරු පෙනෙන්නේ නැතිනම් මෙම වචනය ඔබලා සිංහල අකුරු අරගන්න ;)



මදර්බෝර්ඩ් කොටස්


මෙම ලිපියේ මදර්බෝර්ඩ් එකක ඇති ප්‍රධාන කොටස් ගැන කෙටි සරල විස්තරයක් දී ඇත.
මෙහි ඇති පින්තූර වෙනත් වෙබ් අඩවි වලින් අරගෙන වෙනස් කරපු ඒවාය.


motherboardo.jpg



pcediticon.jpg
ප්‍රොසෙසර් සහ සොකට්
pcediticon.jpg


සරලව කියුවොත් ප්‍රොසෙසර් සොකට් එකේ තමයි සෙන්ත්‍රල් ප්‍රොසෙසින් යුනිට් (CPU / සී.පී.යු.) එක තිබෙන්නේ.
CPU එකට ප්‍රොසෙසර් කියා ද කියා හැකි.
එක මදර්-බෝර්ඩ් ජාතියකට එකකට එක ජාතියේ ප්‍රොසෙසර් එකක් පමණි සවි කරන්නට හැකි.

ප්‍රොසෙසර් එක පරිගණකයේ මොලය කියා හදුන්වන්නට හැකි. දන්ත ප්‍රොසෙස් වන්නේ ප්‍රොසෙසර් හෝ සී.පී.යු. එකෙන්.
එකියන්නේ පරිගණකයට අපි දෙන විඩාන ක්‍රියාත්මක වීම සිදුවන්නේ ප්‍රොසෙසර් එක හරා.

ප්‍රොසෙසර් එකක් මනින්නේ ප්‍රධාන ලෙස එම ප්‍රොසෙසර් එකේ වේගය සැලකිල්ලට අරගෙන. වේගය වැඩි නම් පරිගණකය සුමට (smoothly) වැඩ කරයි.
දැනට සාමානයෙන් මෙගා හර්ට්ස් (MHz) හෝ ගිගා හර්ට්ස් (GHz) වලින් තමයි ප්‍රොසෙසර් වේගය මනින්නේ.


pcediticon.jpg
මෙමරි කාර්ඩ් සහ සොකට්
pcediticon.jpg


අපි පරිගණකය භාවිතා කරනකොට දන්ත ප්‍රොසෙස් වෙමින් පවතී. මෙම දන්ත තාවකාලීනව රාදවා තියා ගන්නේ මෙමරි එකේ.
අද කාලයේ සාමානයෙන් මෙමරි එකේ ප්‍රාමාණය මෙගාබයිට් (MB) හෝ ගිගාබයිට් (GB) වලින් මනින්නේ.

මෙමරි එක ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න, පරිගණකය වේගයෙන් වැඩ කරයි.
උදාහරණයට, A නම් වූ පරිගණකයේ 1 GB මෙමරි එකක් තිබේ, B නම් වූ පරිගණකයේ 2 GB මෙමරි එකක් තිබේ.
මෙම පරිගණක දෙක අතරින් ඉතා වේගවත් හා වැඩකටයුතු කරන්නට වැඩියෙන්ම පහසු වෙන මෙමරි එක තිබෙන්නේ B යන පරිගනයකටය.

මෙමරි ජාති කිහිපයක් බෙදන්න හැකි, SDR හෝ DDR කියා.
ස්.ඩී.ර් කියන්නේ සින්ග්ලේ ඩේටා රේට්. ඩි.ඩි.ර් කියන්නේ ඩබල් ඩේටා රේට්.
SDR සමග සංසන්දනය කරනකොට DDR මෙමරි එකේ වේගය වැඩි.
DDR1/2/3/4 කියා DDR ටාක්ෂණය වැඩි දියුණු කර තිබේ. DDR3 මෙමරි එකක් DDR2 මෙමරියකට වඩා වේගවත්.

මෙමරි ස්ලොට් ඒකාක තමයි මෙමරි චාර්ඩ් එකක් සවි කරන්නේ. අද කාලේ තිබෙන මදර්-බෝඅර්ඩ්් වල මෙමරි ස්ලෝට්ස් තුන හතර තිබෙනවා.

ramedit.jpg



pcediticon.jpg
ප්‍රධාන විදුලිය සම්බන්ධකය
pcediticon.jpg


ප්‍රධාන විදුලිය සම්බන්ධකය විසින් මදර්බෝර්ඩ් එකට විදුලිය (power) සපයයි.
මෙම විදුලිය එන්නේ කොහෙන්ද?
මෙම විදුලි බලය නිවසේ හෝ කාර්යාලයේදි තිබෙන පේනුව තුලින් පවර් සැපයුම් යුනිට්
(power supply) එකෙන් ප්‍රධාන විදුලිය සම්බන්ධකයෙන් ඇවිත් මදර්බෝර්ඩ් එකට යයි.


pcediticon.jpg
පී.සි.අයි. එක්ස්ප්‍රේස් සහ ඒ.ජී.පී ස්ලොට්
pcediticon.jpg


PCIe සහ AGP කියා හදුන්වන ස්ලෝට්ස් වල තමයි ග්‍රැෆික් කාර්ඩ් සවි කරන්නේ.
මදර්බෝර්ඩ් එකක එක්කෝ පී.සී.අයි. ස්ලෝට්ස් තිබෙනවා හෝ ඒ.ජී.පී ස්ලෝට්ස් තිබෙනවා.

ඒ.ජී.පී ස්ලොට් නම් දන පාවිච්චි වෙනවා අඩුයි, මොකද ඒවා වල වේගය අඩුයි.
පී.සී.අයි. එක්ස්ප්‍රේස් ස්ලෝට්ස් තමයි අද කාලේ බහුලව භාවිතා කරන්නේ.
සමහර මදර්බෝර්ඩ් වල මෙම ස්ලෝට්ස් සතරක් දක්වා තිබෙනවා.
මේම මදර් බෝර්ඩ් ගෙමින් වලට ගැලපෙන ඒවා.

vgacardedit.jpg



pcediticon.jpg
පී.සී.අයි. ස්ලෝට්ස්
pcediticon.jpg


PCI ස්ලෝට්ස් කිහිපයක් මදර්බෝර්ඩ් එකේ තිබේ.
මේවා PCIe ස්ලෝට්ස් සමග පටලවගන්න එපා. මේවා වෙනත් ස්ලොට් වර්ගයක්.

මෙම ස්ලෝට්ස් තිබෙන්නේ අමතර චාර්ඩ් සවි කරන්නට.
අමතර කාර්ඩ් වලට ශ්‍රව්‍ය කාර්ඩ් හෝ සෞන්ඩ් කාර්ඩ් අයත් වෙනවා.
තව ටී.වි. කාර්ඩ් ද LAN කාර්ඩ් ද මෙම ස්ලොට් වලට හයිකර හැක.


pcediticon.jpg
හාර්ඩ් ඩිස්ක් ද්‍රයිව්ස් හා සී.ඩි. රොම් පොර්ට්ස්
pcediticon.jpg


හාර්ඩ් ඩිස්ක් ද්‍රයිව්ස් සහ ඔප්ටිකල් ද්‍රයිව්ස් මදර්බෝර්ඩ් එකට එකතු කරන්නේ මෙම පොර්ට් වලින්.
ඔප්ටිකල් ද්‍රයිවස් කියන්නේ සී.ඩි. සහ ඩ්.වී.ඩ්. ද්‍රයිවස්.

ඉස්සර කාලයේ IDE කියා පොර්ට් වර්ගයක් තිබුනා.
අද තිබෙන්නේ ATA හා SATA පොර්ට්ස්.
ATA ට වඩා SATA වේගවත්. SATA තාක්ෂනය දියුණු වෙමින් පවතී.
දැනට තප්පරේට ගිගාබයිට් තුනක් පමණ හුවමාරු කිරීමට හැකි.


pcediticon.jpg
ෆ්ලොපි ද්‍රයිව් පොර්ට්
pcediticon.jpg

ෆ්ලොපි දිස්ක්ස් නම දන භාවිතේ නොමැත නමුත් ඉස්සර ඒවා පමණයි තිබුනේ.
නවීන මදර්බෝර්ඩ් වල ෆ්ලොපි ද්‍රයිව් පොර්ට්ස් නැත.


pcediticon.jpg
පී.ස්. සහ යු.ස්.බී. පොර්ට්ස්
pcediticon.jpg


PS සහ USB පොර්ට්ස් පිහිටා තිබෙන්නේ මදර්බෝර්ඩ් එකේ එක කොටසක.
මදර්බෝර්ඩ් එක පරිගණක කෙස් එකට සවි කරලා ඉවර වුනාම කෙස් ඒකෙන් එලියට එන කොටසේ තමයි මෙම පොර්ට්ස් තවත් පොර්ට්ස් සමග තිබෙන්නේ.

අද කාලයේ එන මූසිකය (mouse) සහ යතුරු පූරුව (keyboard) මදර්බෝර්ඩ් එකට සවි කරන්නේ USB පොර්ට් වලින්.
USB පොර්ට් යොදා අතුරු හෝ බාහිර හාර්ඩ් ඩිස්ක් ද්‍රයිව් මදර්බෝර්ඩ් එකට සවි කරන්නට හැකි.

mouseedit.jpg



pcediticon.jpg
ජම්පර්
pcediticon.jpg


Jumpers කියා පොඩි පාර්ට් එකක් තියෙනවා හුගාක් මදර්බෝර්ඩ් වල.
මේවා වලින් තමයි හාර්ඩ් ද්‍රයිව් ඩිස්ක් එකක් ප්‍රධාන (මාස්ටර්) සහ උප (ස්ලෙව්) ද්‍රයිව් කරන්නේ.

jumperedit.jpg



pcediticon.jpg
කූලින් ෆැන්ස්
pcediticon.jpg


මදර්බෝර්ඩ් එකේ සිදු වෙන නොයෙකුත් ක්‍රියාවලි නිසා තාපය උපදනවා.
මෙම උණුසුම වැඩි වුනොත් එය මදර්බෝර්ඩ් එකට හානිකරයි.
මෙම තත්වය පාලනය කරන්නට තමයි කූලින් ෆැන් භාවිතා කරන්නේ.
අද කාලේ අනිවාරයෙන් මදර්බෝර්ඩ් එකේ ෆැන් තිබෙනවා.
ප්‍රොසෙසර් එකට උඩින ෆැන්ෆ එකක් තිබේ.



:P අර පරිගණක අයිකොන් ලොකු වැඩිද මන්දා :P
:rofl: Kudos Utopia (c) 200 8- 2011 :rofl:




 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    elakiri මල්ලි ම හෙමින් කියවල බලල කියන්නම්කො කොහොමද කියල :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පොඩි පොඩි සිංහල වැරදි තමා තියෙන්නෙ :rofl:

    හොදයි මල්ලි , දන්නැති කෙනෙකුට අළුතෙන් ඉගෙනගන්න පුළුවන් සිංහල නිසා ලේසියි තවත් :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ශා... වටිනවා මලේ.
    You must spread some Reputation around before giving it to kudos_utopia again. ලු. මේකට නම් දෙන්නම ඕනා.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    yaluwa wade ela..
    eth machan sinhala bari ayata methanin ganna kiyala
    link ekak dala thibba neda uba?

    sinhala nathi ayata eka penneth naha machan...:P