දෙන Discover 125 එක ෆට්ට චාටර් , ගෙදර ගෙනත් දවසින් යකෝ ඇනට් මලකඩ කාල , සයිඩ් මිරර්ස් පිහියෙන් කපපුවා වගේ , ඒවායේ අර බුෂ් ටේප් දාලා අලවන්න වෙයි .....මගේ මසින කාරයට හම්බ උන එක
ඔන්න බලහන්
View attachment 53858
View attachment 53859
View attachment 53860
මගෙත් ඔය වගේම තමා. ඇන ටික නම් ගෙනෙද්දිම මලකඩ කාල තිබුනේ. බිල්ට් කොලිටි එක නම් අන්තිමයි. මම පළවෙනි දවසේ අරන් එන කොට ක්ලච් කේබල් එක ගැලවුනා. අනිත් කොටස් එහෙමත් නිකම් අලවල වගේ. මගේ කලින් ඩිස්කවර් 100 එකකුයි, දැන් 150 එකකුයි තියෙනව. ඒවත් එක්ක බැලුවත් කොලිටි එක අතින් මේක ගොඩක් පහලින් තියෙන්නෙ.
මට තියෙන අප්සෙට්.
හැඩල් එක කොටයි. ඇගට ලග වැඩයි. කිසිම ලුක් එකක් නෑ. කලින් ඩිස්කවර් වල දෙපැත්ත තිබ්බ යකට ගුලි දෙකත් නෑ. බයික් එකත් ටිකක් කොටයි. මම ටිකක් උසයි. ඒක හින්ද කකුල් තියන ඒවත් ලග වැඩයි වගේ. ගියරුත් ඔක්කොම අනික් පැත්තට. පේන්ට් එකේ වුනත් වැඩිය ශයින් එකක් නෑ. ඉස්සරහ කවුල් එක ඇතුලේ මොකුත් දාන්න ඉඩක් නෑ. කොටින්ම කීවොත් අලුත්ම බයික් එකක් වුනාට පදින කොට ඇගට කිසි ෆීලින්ග් එකක් දැනුනෙ නෑ.
ඕව තමා මට දැනට දැනිච්ච දේවල්. තාම කි.මි. 35 යි පැද්දෙ.
මේකක් කඩේ 2.15 ක්ද කොහෙද වෙනවලු. ඒ ගානට මේකක් ගන්න එකනම් පාඩුයි. මටනම් මේක ලක්ෂයක් වගේ තමා වටිනාකම තක්සේරු කරන්න පුලුවන්. මට 50000 හම්බුන හින්ද අවුලක් නෑ. හැබැයි ගෙවපු රිසිට් වල තියෙන්නෙ මූලික ගෙවීම කියල. ඡන්දෙන් පස්සෙ ඉතුරු ටික කපා ගනීද කියල නොදනිමි.
තව මේ ගැන දැනගන්න දේවල් තියෙනව නම් කියන්න.