Motorcycle Lease [Guide]
කිහිප දෙනෙක්ම ත්‍රෙඩ් දාල විස්තර අහල තිබ්බ කොහොමද බයික් එකක් lease එකක් දාල ගන්නේ කියල.ඉතින් මම හිතුව මගේ අලුත් scooter එක ගන්නකොට මම මුහුණදීපු ගැටළු සහ සුදානම් කරගතයුතු ලියකියවිලි මොනවද කියනදේ සහ කොහොමද එකට සුදානම් වියයුත්තේ කියන එක ඔයාලත් එක්ක බෙදාහදාගන්න.
මෙතන මම සියලුම ක්‍රමවේදයන් දාන්න අදහසක් නැහැ.මොකද මම lease එක දැම්මේ බැංකුවකින් වන නිසා.නමුත් මම සුදානම් කරගතයුතු ලිපිලේඛන ගැන දාන්නම් . මොකද කොහෙන් lease කලත් ඒ ලිපි ලේඛන සුදානම් කරගත යුතුමයි.
මුලිකව දැනගතයුතු දෑ......
• දැන් බොහොමයක් ආයතන Brand new unregistered බයික් වලට පමණයි lease කරන්න දෙන්නේ. (Documents සහිත සහ ආයතනයකින් නිකුත් කල invoice එකක් සමඟ)
• Registered බයික් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට පුළුවන් එයට කැමති ආයතනයකට කතා කරලා පසුව බයික් එකේ valuation එකක් කරලා ඒ report එක leasing company එකට ඉදිරිපත් කරන්න. (දැනට මෙය Commercial Credit එකේ සිදුකරනවා කියල ආරංචියක් ලැබුණ)
• ඔබට ලැබෙන සියලුම ලිපිලේඛන වල photocopy ළඟ තබාගන්න මතක තියාගන්න.(ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකයද ඇතුලත්ව.)
• ගෙවූ හැම මුදලකට අදාලව රිසිට් පතක් ලබාගන්න.
ඔබ විසින් සුදානම් කරගතයුතු ලිපි ලේඛන (කරුණාකර මෙහි photocopy අනිවාර්යෙන් රැගෙන යන්න).
• ඔබගේ NIC,
• Driving License,
• ලඟදි update කරපු බැංකු pass පොත් දෙකක සහ එහි මුල පිටු සහ අවසාන ශේෂය සහිත පිටුවල photocopy
• ඔබගේ මාස තුනක paysheets නැතහොත් salary slips.
• ඔබගේ නමට ස්ථිර පදිංචියට එන බිලක (ලයිට්, වතුර, ෆෝන් වැනි )
• ඔබට Current Account එකක් තිබේ නම් එහෙ මාස මාස තුනක statements
• Nationstrust වැනි බැංකුවකින් professionals ලට දෙන loan හෝ lease ගන්න නම් ඔබගේ උපාධි සහතිකය.
• Passport size color ෆොටෝ 3ක්
මීට අමතරව......
• ඇපකරුගේ NIC
• ඇපකරුගේ ලඟදි update කරපු බැංකු pass පොත් දෙකක සහ එහි මුල පිටු සහ අවසාන ශේෂය සහිත පිටුවල photocopy
• ඇපකරුගේ මාස තුනක paysheets නැතහොත් salary slips.
• ඇපකරුගේ නමට ස්ථිර පදිංචියට එන බිලක (ලයිට්, වතුර, ෆෝන් වැනි )
• ඇපකරුට Current Account එකක් තිබේ නම් එහෙ මාස මාස තුනක statements
(වර්තමානයේ නම් ඇප කරුවන් දෙදෙනෙකු වෙනුවට එක අයෙකු පමණක් ප්‍රමානවත්වේ නමුත් එය කලින් අදාළ ආයතනයෙන් අසා දැනගන්න.)
වැදගත්:
• විශ්‍රාම ගිය අය ඇපකරුවන් ලෙස භාරගැනීමට අදමදී කරන නිසා කරුණාකර ඒ ගැන සැලකිලිමත් වන්න.
• සමහර leasing company වල එතරම් තදින් ලිපිලේඛන හෝ ඇප කරුවන් පිළිබඳව ගොඩක් අවදානය යොමු නොකලත් rates වැඩිවේ. ඒ වගේම අවදනමද වැඩිය.
බයික් එකක් lease කරලා ගන්න procedure එක.
01.මුලින්ම ඔබ මිලදී ගැනීමට යන බයික් එක බලල එහි බදු සහිත වටිනාකම දැනගන්න.
02.මුලින්ම ඔබ lease කරන්නේ යන්නේ කොහෙටද කියල තීරණය කරලා එයාලත් එක්ක වැඩේ කොහොමද වෙන්නේ කියල කතා කරගන්න.
03.ඔබ විසින් භාරදියයුතු සියලුම ලිපිලේඛන සහ ඔබගේ ඇපකරුවන්ගේ අදාළ ලිපිලේඛන අදාළ ආයතනයට භාර දෙන්න.
04. දැන් බයික් එක ගන්න යන කඩෙන් ගන්න ඕන invoice එකක්.ඒ කියන්නේ එන්ජින් චැසි නම්බර් දැම්ම invoice එකක්.
05.එක අරගෙන ගිහිල්ල අදාළ leasing company එකකට ගිහිල්ල එක බාරදෙන්න ඕන.
06. ඉන්පසුව එම ආයතනයෙන් documents process කරලා approve වෙලා ආවම කියයි ඇප කාරයෝ එකතුකරගෙන එන්න කියල.හැබැයි මේ වැඩේට දවසක් හෝ දෙකක් යාවි.
07. ඇප කාරයෝ සමඟ ඇවිල්ල Down payment ඒකත් ගෙවල, ඇපකරුවන්ගේ සහ ඔබගේ සහතික කිරීම් වලින් පස්සේ PO හෙවත් Purchasing Order එකට ඔබට බාරදෙනවා.
08. බොහෝ ආයතන වල temporary දෙන insurance එක PO ඒකත් එක්කම දෙනවා.එහෙම නැත්නම් එම ආයතනයෙන් ලියුමක් අරගෙන ගිහිල්ල අදාළ රක්ෂණ සමාගමෙන් original temporary insurance documents ම ගන්නත් පුළුවන්.(මෙය ලබාදෙන්නේ ඔබට බයික් එක ගෙදරට රැගෙන යාමට).
09. ඉන්පස්සේ අනිවාර්යෙන් කලයුතු දෙයක් තියෙනවා ගොඩක් අය නොකරන.ඔබට ආයතනයෙන් ලබාදුන් PO සහ insurance සහ සියලුම ලිපි photocopy කරගන්න. මොකද PO එක භාරදුන් පසු එය ඔබට ලැබෙන්නේ නැත.
10. ඉන්පසු PO එක බයික් showroom එකට භාරදුන් විට ඔබට බයික් එක නිකුත් කරනවා.
11.බොහොමයක් විට අදාළ showroom එකෙන්ම registration කරලා දෙනවා.ඒ විදියට කරගන්න එය ඉතාමත් ලේසි.හැබැයි අනිවාර්යෙන්ම ඔබගේ පළාත සඳහන් කරන්න.නැත්නම් අදාල showroom එකේ පලාතට reg වෙලා එයි.
තව දෙයක් අර ෆොටෝ 3 න් දෙකක් දෙන්න වෙයි ඔයාලට registration වලට.
11. ඊට පස්සේ ඉතින් සතියකට පස්සේ number plates සමඟ පොතේ copy එකක් ඒවි. (මොකද original පොත සමඟ duplicate key එක යන්නේ අදාළ leasing company එකට.
12.ඉන්පසු පොතේ copy එක තව photocopy එකක් ගන්න.
13. Insurance company එකට ගිහිල්ල එක copy එකක් දීල වාහනේ නොම්මරයට අදාලව රක්ෂණ සහතිකය ලබාගන්න.
14. ඉන්පසුව ඔබ අදාළ leasing company එකට ගිහිල්ල පොතේ copy එක සහතික කරගෙන එක්කෝ පොතේ copy එකේම හෝ වෙනත් ලිපියකින් මෙම වාහනය සඳහා ආදායම් සහතිකය නිකුත් කරන මෙන් ඉල්ලා සිටින seal එක හෝ ලිපිය ලබාගන්න.
15. ඔබගේ NIC එක, සහතික කරන ලද පොතේ copy සමඟ සහතික කරන ලද සහ ආදායම් බලපත්‍රය නිකුත් කරන ලෙස ඉල්ලු ලිපියද, රක්ෂණ සහතිකයද රැගෙන දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ආදායම් බලපත්‍රය ලබාගන්න.
ඔන්න ඉතින් හැමදේම පිළිවෙලට කියල තියෙනවා බයික් එක බලන තැන ඉඳල ආදායම් බලපත්‍රය ගන්න තැන දක්වා...
වැදගත්:
• වාහනයේ පොත leasing company එකෙන් සහතික කරගැනීමට යන අවස්ථාවේදී ඔබට වාරික ගෙවිය යුතු ආකාරය දැක්වෙන ලියුමක් ඔබට ලබාදෙයි. එහෙම නැතිනම් ඔබට තැපෑලෙන් එවන බව දන්වා සිටියි.
• ඔබගේ leasing company එකෙන් මුදල් ගෙවනතුරු සමහර insurance company ඔබට card එක ලබානොදී එය printed document එකක් විදියට ලබාදෙයි.මසකට පමණ පසුව ගොස් ඔබ රක්ෂණ සමාගමට කතා කරන්න. එවිට leasing company එකෙන් මුදල් ගෙවා ඇත්නම් card එක print කර ලබා දෙයි.
• බොහොම නම්‍යශීලීව කතාකර කටයුතුකිරීමෙන් ඔබට පහසුවෙන් ඉක්මනින් ඔබගේ කටයුතු කරගැනීමට පුළුවන්.
• දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හැර අනිත් කාර්යාල වල 12.30 සිට 1.00 පමණ වනතුරු දහවල් කෑම විවෙකය තිබෙන නිසා ඊට කලින් හෝ පසුව යන්න.
• තව දෙයක් මතක තියාගන්න ඕන.ඔබගේ වාරිකය මාසික පඩියෙන් 40% ට වැඩ නොවැඩි වන පරිදි සකසා ගන්න නැත්නම් අනිවාර්යෙන් ටිකක් කලක් යනකොට lease එකේ වරිකේ ගෙව්වම ජීවත් වෙන්න බැරි වෙයි.කොහොමත් 40% වැඩිවුනොත් එක leasing company එකෙන් කියනවා.
• මතක තියාගන්න ඔබට හැකි නම් Down payment එක හෙවත් මුලික ගෙවීම අදාල මුළු මුදලෙන් හරි අඩක් පමණ උනොත් ඔබට වාසි වෙයි. අඩුම ගැන දීල ලීස් කලොත් ලොකු ගණනක් වාරිකය විදියට ගෙවන්න වන අතර පොඩි මුදලක් ලීස් කිරීමෙන් නිරපරාදේ ඔබගේ මුදල් නාස්ති වෙයි.
•
හැමදාමත් කියනවා වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා....
මොකද මමත් සැහෙන්න මහන්සි වෙලා මගේ දැනුම ඔයාලට දෙන්නේ..........
මගේ වෙනත් ලිපි:
ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....
Honda VTR250
Honda Hornet CB250F
Honda Jade CB250F
Latest Scooters From Honda 2013
Honda CB400 Super Four
All-in-one Honda CB400 SF models
Chain Lubricants [GUIDE]
What is Honda Dio HET (Indian)

මචන් තවත් දෙයක්..... ලිසින්ග් එකේ මාසික වාරිකය ගෙවන දවස උබලගේ පඩි දවසට පහු වෙලා එන දවසක දා ගනිල්ලා...
එක ගොඩක් පහසුයි... නැත්තන් අපි හරියට ගෙව්වත් දවස් ගානක Arriyas එකක් CRIB එකේ පෙන්නන්යි එක ගැන අනිවා බලන්න........

Last edited: