Motorola Moto X4 ළගදීම

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    IP68 certified - dust/water proof Moto X4 නිකුත් කිරීමට සූදානම්


    මෝටරෝලා සමාගම සිය නවතම දුරකථනය නිකුත් කිරීමට සූදානම්ව සිටිනවා. මෙය මෝටරෝලා Moto X4 ලෙස නම් කර තිබෙනවා.

    ජලයෙන් මීටර් එකහමාරක් ගැඹුරේ මිනිත්තු 30ක කාලයක් තිබිය හැකි මෙම උපාංගය දුහුවිල්ලෙන් වන හානිද වැළැක්වීමට හැකිවන අයුරින් නිපදවා තිබෙනවා.

    මෙහි තිරය (LTPS IPS LCD) අඟල් 5.2ක අගයකින් යුක්තයි. එයට Multi touch පහසුකම සහ Corning Gorilla Glass තිර ආරක්ෂකයක්ද යොදා තිබෙනවා.

    මෙය නවතම ඇන්ඩ්‍රොයිඩ් ඔරියෝ (Oreo) සමගින් නොපැමිණෙන අතර ඇන්ඩ්‍රොයිඩ් 7.1(Nougat) මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙනු ලබනවා.

    Octa-core 2.2 GHz ප්‍රොසෙසරයකින් මෙය බලගැන්වෙනු ලබනවා.

    ගිගාබයිට් 256ක් දක්වා මතකය (SD Card) ඉහළ දමන්නට හැකියාව ඇති අතර, ගිගාබයිට් 32ක අභ්‍යන්තර මතකයක් හා 3GB රැම් අගයකින් මෙය සමන්විතයි.

    මෙහි පසුපස මූලික කැමරා පද්ධතිය 12 MP වනවා. එහි 8 MP ද්විත්ව කැමරා අන්තර්ගතයි.

    එසේම geo-tagging, touch focus, face detection, panorama, auto-HDR යන පහසුකම්ද එහි පවතිනවා.

    මෙහි ගුණාත්මක 1080p තත්වයෙන් වීඩියෝ පටිගත කිරීමේ හැකියාවද තිබෙනවා.

    Super Black හා Sterling Blue යන වර්ණයන්ගෙන් නිකුත් වන අතර Li-Ion 3000 mAh බැටරියකින් බලගන්වෙනු ලැබෙනවා.







    motorola-moto-x4-hands-on-sg-9.jpg


    Ibis-Blog-Image-Update.png



    http://www.gsmarena.com/motorola_moto_x4-8634.php
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ දිහත් ඉස්සර තිබ්බ මොන්ටෝරෝල ගඩොලක් :nerd: