Mouthwash can raise cancer risk

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,424
    16,117
    113
    මුඛ සෝදනයෙන් පිළිකා එයි



    listerine.jpg



    බහුල ලෙස මුඛ සෝදනයන් භාවිතා කරණ්නන්ට මුඛ පිලිකා ඇතිවීමේ ඉහළ අවධානමක් පවතින බව පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි ග්ලැස්ගෝ විශ්ව විද්‍යාලයේ දන්ත විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඩේවිඩ් කොන්වේ පවසයි.
    දිනකට තුන් වරකට වඩා මුඛ සෝදන යොදා ගැනීම අහිතකර බව එම පර්යේෂණ වාර්තාව පෙන්වාදෙයි. මුඛ සෞඛ්‍ය පිරිහුනු අය මෙම ද්‍රාවනයන් ගෙන් තම මුඛය සේදිම පුරුද්දක් කරගෙන තිබෙන බව පෙන්වා දෙන පර්යේෂකයෝ තම මුඛය බුරුසුවකින් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් යොදාගෙන පිරිසිදු කර පිරිසිදු ජලයෙන් සෝදා හැරීම වඩා හිතකර බව කියති.
    මුඛ සෝදනවල මධ්‍යසාර අඩංගු බවත් එමගින් පිළිකා ජනක සංඝටකයනට මුඛය තුලට කාවැදි යා හැකි බවට ප්‍රමානවත් සාක්ෂි ලැබි ඇති බවත් ඔවුන් පවසයි.

    අධ්‍යයනය සඳහා ලොව රටවල් 13න් මුඛ පිලිකා රෝගීන් 1962ක් සහ නිරෝගි පුද්ගලයන් 1993ක් සහභාගීකරගෙන තිබේ. බොරුදත් පලඳින්නන් සහ දත්මුල් දියවන්නන්ගේ ද පිළිකා තත්වය වැළදීමේ අවධානම වැඩිවී ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයේ උපදේශක මහාචාර්ය ඩේමියන් වොල්ම්ස්ලේ පෙන්වා දෙන්නේ එම අධ්‍යයන මගින් අවසන් තීරණයක් ගැනීමට නොහැකි බවයි. කෙසේ වෙතත් දුම්බීම, අධික ලෙස මත්පැන් පානය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම මුඛ කුහරයේ සහ ගලනාලයේ පිලිකා ඇතිවීමේ ප්‍රබල සාධක බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.





     
    • Like
    Reactions: jsandun