නියමයි මචං... REP.
මේ වගේ දෙයක් බලන්න අපි කොච්චර ආසද..?
ඇයි බං මේ වගේ නිර්මාණාත්මක වැඩක් අපේ උන්ට කරන්න බැරි.?
කොහෙන් හරි උස්සගත්තු කෙල්ලො ටිකකුයි කොල්ලො ටිකකුයි අරං මොකක් හරි පවුල් අවුලක් ඇදගෙන.. නැත්තං ලව් කරන දෙන්න තව උන් එක්ක අවුලක් ඇදගෙන.. මෙගා කියල ටෙලි නාට්‍ය සතියෙ දවස් පහේම ලාමක දේවල් පෙන්නන්න විතරයි අපේ උන් දන්නෙ. මේ ලස්සනට පේන කෙල්ලො ටිකක් දැම්මම box office record තියන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නව ද දන්නෙ නෑ. පොඩි music video එකක තත්පර 10 ක 20 ක වැඩ කෑල්ලක් දාන එක නෙමෙයි නිර්මාණාත්මක බව කියන්නෙ.
නිකමට හිතල බලන්න... පිටරට උන්ගෙ ඒවට වඩා අපිට අපේ දේ වටිනව කියල කට ඇරල කියන්න අපි කවුරුත් කැමතියි. ඒත් මොනවද වැඩිපුර තියෙන්නෙ... අර වැඩකට නැති පල් හෑලි තියෙන ටෙලි නාට්‍ය විතරයි. කලාතුරකින් විතරයි ටිකක් හරි හොඳයි කියන්න එකක් එන්නෙ.
උදාහරණයක් විදිහට... Prison Break කියන පිටරට drama එක ගොඩක් අය දන්නව ඇති. ඒක effect දාලා හදපු එකක් නෙමෙයි. effects වලින් ජනප්‍රිය වෙච්චි කතාවක් නෙමෙයි නෙ. සම්පූර්ණව අලුත් විදිහට හිතපු... වෙනස් ම විදිහෙ කතාවක්.
ඒත් අපේ කතා ගත්තම... හැම එකකම වැඩිපුරම දකින්න තියෙන්නෙ මොනවද...? එක්කෝ... ලව් සීන් විකාරයක්... නැත්තං පවුලක් ඇතුලෙ කා කොටා ගන්න දෙයක්... මේවද බං කතා කියන්නෙ...?