Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තාරුකා නිවා දමන්න නෙත් කැලුම් හෙලා මෙන්න මේ සින්දුවේ මැද විතරයි මම දන්නේ . මේකේ Mp3 එක තියනවද ?
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
හරි හම්බ උනා

ප්‍රේමයේ මන්දහාසිනී... යෞවනේ සිහින සාධනී
නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ
ප්‍රේමයේ මන්දහාසිනී...

තාරකා නිවා දමන්න නෙත් කැලුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
සඳත් වසන් වෙලා රැයක් මුදුන් කලා
පාව යයි සුන්දරයි ජීවිතේ

ප්‍රේමයේ මන්දහාසිනී...


මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තලා
මී විතේ අමා පුරම්ද රත් ලවන් පෙලා
සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා
පාව යයි සුන්දරයි ජීවිතේ

ප්‍රේමයේ මන්දහාසිනී...
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මා හද සැලෙනා ගී හඩ මුමුණා.....
ඔබට ගයන්නට මට සිතුණා......
අහිමි වූ පැතුමක මා තනි වී ඇත......
මා සිත ඉන් සැලුණා........

නෙලන්න බැරි මල් අතු අග පිපුනත්.....
ඒ මල තනි වේද......
පියාපත් ලැබ ඉගිලී ආවොත්
ඔබ මට පිටුපාද......
තනි වූ කුසුමෙක රුහිරු මදනල.......
කැදවා ගෙන යාද......
නොදනිමි ඔබ මට හමුවෙද ඒ ලෙස......
මුකුලිත වූ මලෙක.....

දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත......
කෙලෙසින් දෙඩුවෙමුද.......
නිසලව හමු වූ දෙනයන ඔබ මට.....
කීවේ මොනවාද......

දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත......
කෙලෙසින් දෙඩුවෙමුද......
මා සිත් රගහල රග දෙන ඔබ මට.......
කෙලෙසින් හමුවේද.......

මා හද සැලෙනා ගී හඩ මුමුණා.....
ඔබට ගයන්නට මට සිතුණා......
අහිමි වූ පැතුමක මා තනි වී ඇත......
මා සිත ඉන් සැලුණා........//