MRගෙන් සමාව ගත්තොත් SF ගෙදර

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
MRගෙන් සමාව ගත්තොත් SF ගෙදර

ජනපතිගෙන් සමාව ගත්තොත් ෆොන්සේකා ගෙදර
pdf_button.png
printButton.png
emailButton.png
දේශීය 2010 අප්‍රේල් 06 වෙනි අඟහරුවාදා, 09:56
gamini_lokuge.jpg
ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාගෙන් සමාව ගත හොත් ඔහුට නිදහස්වීමට හැකි බව ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. පසුගියදා දෙල්කඳ දී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැලියකදී අදහස් දක්වමින් අමාත්‍ය ගාමිණී ලොකුගේ මෙසේ පැවසීය.


"ජේ.වී.පී. එක දැන් කියන්නේ අපි ෆොන්සේකා මහත්තය බේරගන්න උදවු කරනව කියල. ඡන්දෙ ඉල්ලනව කියල. ෆොන්සේකා බේර ගන්න කවුරුවත් ඉදිරිපත් වෙන්න ඕනෙ නෑ. ජනාධිපතිතුමාගෙන් සමාව ඉල්ලුවොත් හෙට උදේට ෆොන්සේකා ගෙදර යයි."

අමාත්‍ය ගාමිණී ලොකුගේගේ මෙම අදහසට අනුව ෆොන්සේකා මහතාට විරුද්ධව ආණ්ඩුව විසින් එල්ල කර ඇති සියලු ‍චෝදනා ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලීමත් සමඟම අහෝසි වී යන අතර, ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලූ සැනින් ආණ්ඩුව දිගින් දිගටම පවසන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ හෝ වංචා, දූෂණ ආදී සියලු චෝදනාවලින් ෆොන්සේකා මහතා නිදහස් වනු ඇත.

කෙසේ වෙතත් මෙවැනි ප්‍රකාශවලින් තවදුරටත් තහවුරු වන්නේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව රජය විසින් ගොනු කර ඇති සියලු චෝදනා අසත්‍ය වන අතර, රජයේ ඒකායන පරමාර්ථය වන්නේ ජනරාල් සරත් ෆොන්සේකා තමන් ඉදිරියේ දණ ගස්වා තමන්ට උවමනා ආකාරයෙන් පාලනය කිරීමට බව පැහැදිලිය.