Mr. Pres Maithree Jokes

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    'මම පයට පෑගෙන දූවිල්ලක්' යනුයෙන් මහත්මා ගාන්ධි පවසා තිබෙනවා. ආර්. ප්‍රේමදාස මහතා 'මම දූවිල්ලටත් පෑගෙන දූවිල්ලක්' යනුවෙන් පවසා තිබෙනවා. මේ සියල්ලටම වඩා වෙනස්, අපූරු ප්‍රකාශයක් මෛත්‍රීපාල සිරිසේන මහතා මැයි මස දෙවැනිදා සිදුකළා.

    එය තමයි 'බලය දන් දී මම අසීමිත සතුටක් ලබනවා. එහෙම කරන්න පුළුවන් මුනිවරයෙකුට පමණයි' යනුවෙන් සිදුකළ මහාචාර්ය ගංගානාත් දිසානායකයන්ගේ හඳුන්වාදීමත් සමග උපුල් ශාන්න සන්නස්ගලයන්ගේ 'සන්න අරගලය' පොත් එළිදැක්ම වෙනුවෙන් සිය දේශනය පවත්වන්නට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපූරු කතාවක් කළා. මේ සටහන ඒ පිළිබඳවය.

    "මෙ‍ෙතන්ට ආවම මට මතක් වෙනව මගේ මාධ්‍ය සගයෙක්ව. 70 -80 දශකයේ දක්ෂ ජනමාධ්‍යවේදියෙක්, නිවේදකයෙක්, හොඳ කථිකයෙක්. ඔහු අද ජීවතුන් අතර නෑ. අමරබන්දු රූපසිංහ. 89 මං පළමුවැනි වරට පාර්ලිමේන්තු ඇවිල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ඉතා ළඟින් මාධ්‍යවේදීන් ඇසුරු කරන්න පටන්ගත්තා. එහි සුවිශේෂී මිතුරෙක් තමයි අමරබන්දු රූපසිංහ.

    ඔහු කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 'දිනකර' පුවත්පතේ වැඩ කළා. අමරබන්දු ගමේ භාෂාවෙන්ම කියනවා නම් කුණුවෙන්න ගහන කෙනෙක්. ළඟ නමන්න පුළුවන්. දිනකර පුවත්පත් කාර්යාලයේදී සමහර දවස්වල හවසට හම්බුණාම අමරබන්දු කුණු වෙන්න බීල ඉන්නකොට අපි සින්දුවක් කියන්න කිව්වම, මෙන්න මෙහෙම සින්දුවක් කිව්ව.

    අමරබන්දු ..... අමරබන්දු
    අමරබන්දු..... රූපසිංහ‍
    අමරබන්දු..... අමරබන්දු
    අමරබන්දු....... රූපසිංහ

    ඔහොම ඉඳල බණ්ඩාරනායක මැතිනිත් එක්ක පොළොන්නරුවෙ රැස්වීමක් කරල පොළොන්නරුවෙන් දවල්ට කාලා ත්‍රිකුණාමලේ යන්න ලෑස්ති වුණා. මැතිනිය මුදල් ගෙවල චොපර් එකක් අරගෙන ඇවිත් තිබුණේ. 'මෛත්‍රී... මාත් එක්ක කොළඹ යන්න පුළුවන් චොපර් එකේ' කියල මැතිනි කිව්ව. දවල් බණ්ඩාරනායක මැතිනිත් එක්ක පොළොන්නරුව ගෙදරක තමයි කෑම කෑවෙ. ඒ අතරෙ මාධ්‍ය මිත්‍රයන්ට පොඩ්ඩක් සප්පායම් වෙන්න අවස්ථාවක් තිබුණ. අමරබන්දු තැන නොතැන මොකද්ද බලන්නෙ නෑ. අහුවෙච්ච තැන කුණුවෙන්න ගහනව.

    දැන් මැතිනිත් එක්ක චොපර් එකට ගියා. කැමරා ශිල්පී එඩ්වින් වීරසිංහ මහතාත් ඒ සඳහා එක්ව හිටියා. එඩ්වින්ගෙ කැමරාවයි, අමරබන්දුගෙ බඩු භාණ්ඩයි එක්ක චොපර් එකට නැග්ගා. මං දන්නෙ නෑ අමරබන්දු හොඳටම ගහල ඉන්නෙ කියල. දැන් වාගෙ චොපර් නෙවෙයි, ඒ කාලෙ පොඩි චොපර්.. සීට් හතරයි තියෙන්නෙ. මැතිනිය මැද්දෙ තියල මං මෙහා පැත්තෙ කොණෙන් වාඩිවුණා. එහා පැත්තෙ අමරබන්දු. අනිත් පැත්තෙ එඩ්වින්. දැන් මැතිනියට ගඳ ඇවිල්ල.

    'මෛත්‍රී... බිව්වද?'
    මැතිනි ගාව හැමවෙලේම තේ බෝතලේ තියෙනව. මං හිතුවෙ තේ බිව්වද කියල ඇහුව කියල. කෑව ගමන් නෙ.
    මං 'නෑ ඕන නෑ' කිව්ව...
    'ඒක නෙවෙයි මං අහන්නෙ... බිව්ව නේද?'
    'මං ... මං බිව්වෙ නෑ.. ඔය බලන්න එහා පැත්ත.....'

    දැන් අමරබන්දු සින්දු කියන්න ගත්ත... මැතිනිත් දැන් වටපිට බල බල රව රව යනවා. වැඩිදුරක් යන්න හම්බවුණේ නෑ. අමරබන්දුව ඕක් ගාල වමනෙ දැම්ම මැතිනිගෙ ඔඩොක්කුවට. බණ්ඩාරනායක මැතිනිය නෑවිලා. හිතන්න පුළුවන්නෙ මැතිනිය බීල කියල දැනගත්තම ප්‍රතිචාරෙ එහෙම නං බීල ඔඩොක්කුවට වමනෙ දැම්මම කොහොම වෙන්නැද්ද කියල. ඉතිං රැස්වීමට කලින් ගෙදරකට ගිහින් ඇඳුම් මාරු කරගෙන ගියා...

    විපක්ෂෙ ඉන්නකොට මං මාධ්‍යවේදීන්ට බොහොම ආදරේ කළා. දැනුත් එහෙමයි. මෙතුමාගෙ මාධ්‍ය ජීවිතේ ගැන කියද්දි මට තවත් මාධ්‍යවේදියෙක් මතක් වෙනව. ඔහුගේ නම කියන්න කැමති නෑ. ඔහුත් දැන් ජීවතුන් අතර නෑ. අදත් තිබෙන වැදගත් ජාතික පුවත්පතක් තමා ඔහු නියෝජනය කළේ. ආණ්ඩුවේ වැරදි මොනාහරි තිබුණොත් ඒක බලන්න යං කියල එකක්ගෙන යනව.

    89 මං පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුද දෙකක් යනකං හැංගිලා හිටියෙ. ඒ කාලෙ භීෂණයක් තිබුණ. ජීවිත තර්ජනයක් තිබුණා. අද රෑ එක ගෙදරක හිටියොත්, හෙට රෑ තව ගෙදරක තමයි ඉන්නෙ. මගේ මුස්ලිම් මිත්‍රයෙක් හිටිය පොළොන්නරුව කදුරුවෙල නගරයේ. මං එහේ නිතර යන එනවා. මං ඔය කියන මාධ්‍යවේදියත් එක්කගෙන ගියා පොළොන්නරුවෙ.

    එදා හවස මේ කියන මිත්‍රයත් කුණුවෙන්න බිව්වා. මේ ගෙදර ගියාම මං ඉන්නෙ ගේ ඇතුළෙ තියෙන කාමරේක. මොකද ආරක්ෂාවටත් එක්ක. මගේ මිත්‍රයයි අපියි එක කාමරේක නිදාගන්නව. එයාගෙ නෝනයි, දරුවොයි, වැඩිහිටි ගෑනු අයයි, එහා කාමරේ නිදි. අපේ කාමරේ මායි, මුස්ලිම් මිත්‍රයයි මාධ්‍යවේදියයි. කොහොමහරි අපට නින්ද ගියා. ඒත් ටික වෙලාවකින් එහා පැත්තෙ කාමරේ ගෑනු පාර්ශ්වය හෙම කෑගහන සද්දෙට අපි ඇහැරිලා ගිහින් බැලුව. බැලින්නම්, මගේ මිත්‍රයා එළියට යනව කියල ගිහින් තියෙන්නෙ ගෑනු අය නිදන් හිටපු කාමරේට. ඇඟවල් තෙත්වෙද්දි තමයි ඒ අයට ඇහැරිලා කෑගහල තියෙන්නෙ.


    Source - Ada
     
    Last edited:
    • Like
    Reactions: Peter Quinn

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    sonna aragalaya?? :P

    471ea881142662778212337466_700wa_0.gif
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Kawru Monawa kiwwath.Me thawa ekek karapu weerakamak thaman kala wage "Yudde mama dinna" kiyala pampori gahala pati gahaganna rajekuta wada..Thamange balaya anunta pawarala ratata unu poronduwa rakka Goviya shreshtai.:cool:

    Attha attha kiyalama piliganna oney machan.jathy paksha bedha wadaka naha othanata.
    :yes::yes: