Mr Ranil Wickramasinghe

ufo218

Member
Oct 29, 2010
1,435
48
0
hamathanama innawa anywhere
ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ දේශන මාලාවකට සහභාගී වු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
වික්‍රමසිංහ මහතා මාසයක් පමණ දේශන හා අධ්‍යයන චාරිකාවක නිරත විය.




2014-05-15 11:16:28
ඒ වුණාට අලුත් අවුරුද්දට, වෙසක් එකටවත් ලංකාවේ ඉන්න තිබුණා (නි)​

කමල් 2014-05-15 11:18:53
රටට ඔබ නැති අඩුව තදින් දැනුනා. (නි)​

අසන්ක-මිලානො 2014-05-15 11:24:19
මම සන්ධාන සාමාජිකයෙක්. නමුත් මට කියන්න්න තියෙන්නේ, මෙතුමා තමයි එ.ජ.ප.යේ ඉන්න ප්‍රභලම, දක්ෂම කෙනා කියලා මෙතුමාට අභියෝග කළ හැකි කෙනෙකු එ.ජා.ප. යේ නැත. (නි)​

connect_fb_icon.png
දයා අළහකෝන් 2014-05-15 11:25:18
අපරාදේ නේද වියදම්? මොකද දේශනයේ විස්තර අපි මාධ්‍ය වලින් දැක්කා (නි)​

connect_fb_icon.png
නිරෝෂන් 2014-05-15 11:25:24
මේ අදද මෙතුමා එන්නේ? (නි)​

නිශාන්ත 2014-05-15 11:38:35
රටේ කරුමෙට මෙතුමාගේ උගත් බුද්දිමත් කමට තැනක් නැහැ.(නදී)​

සඳරුවන් 2014-05-15 11:40:03
අනේ අපේ සමහරුන්ගේ අදහස් දැක්කම දුකත් හිතෙනවා. රනිල්ගේ මොලෙන් මේ රටේ මිනිස්සු වැඩක් ගන්න දන්නේ නෑ මොකද අපේ මිනිස්සු කොච්චර බුද්ධිමත්ද කියනවා නම් ඒ අය කැමති කුඩු කාරයෝ, මංකොල්ල කාරයෝ ගෑනු දූෂකයන්ට මිසක් හොඳ උගත් රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සු නෙමේ. රනිල්ගේ මොළේ අපේ මිනිස්සුන්ට වැඩක් නැත්තේ එ්කයි. එහේ ගියේ දේශනයකට ආරාධනා කරපු නිසා මිසක් බලෙන් නෙමේ. කුහක වෙන්න එපා. ඔය මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ දේශනයකට අපේ ලංකාවේ මනුස්සයෙකුට ආරාධනා කරපු එකට ආඩම්බර වෙන්න. (නදී)​

සුජීය ජෙඩා 2014-05-15 11:52:58
එහේ ගියේ දේශනයකට ආරාධනා කරපු නිසා මිසක් බලෙන් නෙමේ. කුහක වෙන්න එපා. ඔය මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ දේශනයකට අපේ ලංකාවේ මනුස්සයෙකුට ආරාධනා කරපු එකට ආඩම්බර වෙන්න. (නදී)​

දයාන් 2014-05-15 12:01:42
කිසිම දෙයක් ගැන නොසැලී තම මතයේම සිටින නායකයෙක්. සියලුම පීඩනයන් කාලයට ඉඩදී හෝ හොඳින් පාලනය කළහැකි හොඳ මහත්මයෙක්. ඔහුගේ ඉවසීමේ ගුණාංගය නම් ඉතාම ඉහලයි. (නදී)​

කල්ප 2014-05-15 12:14:24
මමත් එක්සත් ජාතික පක්ෂයේ නොවෙයි.මෙතුමා කොටියට කෙළින් කොටියා කිවුවා නම් මෙතුමා අද ඉන්නේ ඔතන නෙමෙයි.රටේ නායකයා වීමට ඔබ නියම සුදුස්සෙක්. තවද ඔබට අවස්ථාව ඇත. එහෙම වුණෙතේ අපත් ඔබ සමඟයි (නි)​

බමුණුසිංහ 2014-05-15 12:24:20
දේශනයෙදී ඔබතුමා සාර්ථක වුණා නේද? (නි)​

බමුණුසිංහ 2014-05-15 12:25:06
එහේ දේශනයකට ආරාධනා කිරීමට එතුමාට ඇති සුදුසුකම මොකක්ද කියලා මම දැනගන්න කැමතියි (නි)​

බමුණුසිංහ 2014-05-15 12:27:32
"රනිල්ගේ මොළෙන් මේ රටේ මිනිස්සු වැඩක් ගන්න දන්නේ නැහැ" ඕකත් එක මොළේ නැති කතාවක් කියලයි මට නම් හිතෙන්නේ (නි)​

සහන් 2014-05-15 12:32:14
අපි මාධ්‍ය වලින් දුටුවා ඔහුගේ දේශනයට සවන්දීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගි වුණා කියලා.ඒ වගේම සැන්ෆ්‍රැන්සිස්කෝ ,ලොස් ඇන්ජලීස් වගේ දුරබැහැර සිට පැමිණි තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට එම අවස්ථාව අහිමි වුණා කියලා. (නි)​

පෙරේරා 2014-05-15 12:53:14
සහන් ඔබ හරි ,මෙතුමාගේ දේශන නිසා මුළු ඇමෙරිකාවේම ජන ජීවිතය අඩාල උනා කීවොත් නිවැරදියි. ඒ තරමටම මෙතුමාට සවන් දීමට මුළු ඇමරිකාවම දැක්වූයේ විශාල උනන්දුවක්. (ස)​

සිරියලතා-කෙන්යා 2014-05-15 13:00:39
අනේ මන්දා! මේ ප්‍රතිචාර නම් මට තේරෙන්නේ නැහැ.සමහරවිට මගේ වයසත් එක්ක නොවැටහීම වෙන්න ඇති (නි)​

බණ්ඩාර 2014-05-15 13:28:41
මමත් ඡන්දෙ දුන්නේ දැන් ඉන්න ජනාදිපතිට. නමුත් ඊලග සැරේ දෙන්නේ මේ වගේ බුද්දිමත් මහත්ම ගතිගුණ තියෙන සෝබන නැති ඔබ තුමාට.(නදී)​

තබුක් සිල්වා 2014-05-15 13:30:45
සිරියලතා තේරෙන්නේ නැති තරමට හොඳයි.(නදී)​

නඩරාජා 2014-05-15 13:41:11
ආන්ඩු පෙරලන ක්‍රමය හෙට අනිද්දම එළි පෙහෙළි වෙයිද? (නදී)​

දයා 2014-05-15 13:46:41
ආණ්ඩු පෙරලන ක්‍රමය එලියට දාන්න කලින් මේ වෙසක් සමයේ සිල් අරගෙන සිත සන්සුන් කරගත්තොත් වඩා හොඳයි. (ස)​

පෙරුමාල් 2014-05-15 13:53:07
දේශනය අවසන් කරලද එතුමා ආවේ? (නි)​

නලින් 2014-05-15 14:01:09
මම නම් මධ්‍යස්ත මත දරන්නේ. උගතාගේ ලක්ෂණය තමා අනෙක් අයගේ උගත්කම ගැන ප්‍රශ්න නොකිරීම. මේ සරසවිය ලෝකයේ ඉහල පෙලේ උගතුන් සහ බුද්ධිමතුන් බිහි කල සරසවියක්. ඔබේ හිතේ ඉන්න නායකයා ට මෙතනට ආරධනා ලැබුනොත් ඔහොම ප්‍රශ්න කරන්නේ නැහැනේ. මෙතනට දේශනා පවත්තන්න විපක්ෂනායක ලාට බැහැ කියලා නීතියක්. නැහැ. වැදගත් වන්නේ ආරාධනයක් ලැබුනා නම් වැදගත් විදියට එය පිළිගෙන සහභාගී වීම. අන්න එකයි උගත්කම සහ සුදුසුකම. (ස)​

සෝමසිරි 2014-05-15 14:08:47
හැබෑටම? රට ගිහිල්ලා හිටියද? අපිට නම් දැනුනෙවත් නැහැ. (නි)​

ෂෙරිෆ් 2014-05-15 14:39:28
නැවතත් කවදාද යන්නේ? (නි)​

සුනිල් ගම්පහ 2014-05-15 14:55:40
දේශකයනුත් එක්ක ඔක්කොම සිටියේ 5 දෙනෙකු පමණයි , කියා පින්තුර සහිත වීඩියෝ පටයක් දැක්කා. කෙසේ නමුත් ඔබ තුමා අනික් 4 දෙනාට හෝ දේශනය පවත්වනවා දුටුවා . රනිල් මහතාට දිර්ඝායුෂ සහ සුවපත් දිවියක් පතමි , ලැබුවා වූ වෙසක් අසිරියත් සමග. (ස)​

ලෝගේෂ්වරන් 2014-05-15 15:04:54
මුළු ඇමරිකාවම මේ සඳහා දැක්වූයේ විශාල උනන්දුවක් (නි)​

බමුණු 2014-05-15 15:24:24
ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ අය පස්දුන් කෝරලය ගැනත් දැනගන්න ඇති. (ස)​

බමුණු 2014-05-15 15:25:21
"මුළු ඇමරිකාවම මේ සඳහා දැක්වූයේ විශාල උනන්දුවක්" පස්දුන් කෝරලය ගැනද? (ස)​

බමුණු 2014-05-15 15:26:34
"නැවතත් කවදාද යන්නේ"? මෙහේ බකට් එකක් පෙරලෙන්න කිට්ටු වෙන විට. (ස)​

නවීන් 2014-05-15 15:34:30
බමුණු ඔබ බන්දුල තුමා ගේ පෞද්ගලික ලේකම් ද ? පල කරන අදහස් බොහොම සමානයි . ඒකයි අහන්නේ. (ස)​

අශාන් 2014-05-15 15:37:36
බමුණුසිංහ, සුදුසුකම මොකක්ද කියල ආරාධනා කරපු තැනින් අහන්න. කොහොමත් විශ්ව විද්‍යාලයක දේශනයකට ඔයාල වගේ අයට නම් කතා කරන්නේ නැහැ. මිනිහෙකුගේ උගත් කමට ගරු කරන්න පුරුදු වෙන්න. (ස)​

අජිත්කරුණාරත්න ලියනගේ 2014-05-15 15:39:03
සඳරුවන්, මම ඔබගේ අදහස 100% ක් අනුමත කරනවා. රනිල් කියන නිහතමානී නායකතුමාට, වංචා චෝදනා නැහැ. දුෂණ චෝදනා නැහැ. පවුල් දේශපාලන චෝදනා නැහැ. ඒ වගේම එතුමා ජනතාවට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. බොරු සෝභන වැඩ කරන්නේ නැහැ.කරන්න පුළුවන් දේවල් බැරි දේවල් කෙලින්ම කියනවා. (ස) මිනිස්සු රවට්ටන්න කතා කරන්න දන්නේ නැහැ. බින්දුවට නොවෙයි ඉනුත් පහල තිබුන රටේ ආර්ථිකය අවුරුදු දෙකක් ඇතුලත ඉහල අගයකට ගත්තු එකම නායකයා ඔහුයි. ආර්ථිකය ඉහල නංවන්න කියල දැන් වගේ බදු බර ජනතාවට දුන්නේ නැහැ. රජයේ අනවශ්‍ය වියදම් කපා හැරිය විතරයි කලේ. අරව වික්ක මේවා වික්ක කියල කියන අයත් ඉන්නවා. දැන් විකුනන්නේ නැද්ද? ඉඩම් අක්කර ගණන් විකුනනවා.ඒත් ආර්ථිකය නංවන්න කියල බදු ගහනවා. මේ ගොල්ලන්ගෙයි, රනිල් මහත්මයගෙයි වෙනස මෙහෙම යනකොට රටේ ජනතාවට ඉක්මනින්ම තේරේවි.​

බමුණු 2014-05-15 15:44:30
"බමුණු ඔබ බන්දුල තුමා ගේ පෞද්ගලික ලේකම් ද ? පල කරන අදහස් බොහොම සමානයි . ඒකයි අහන්නේ." ඔබ වටහා ගන්නේ පෙනෙන අර්ථයද නැතහොත් සැඟවී තිබෙන අර්ථයද? (ස)​

බමුණු 2014-05-15 16:00:08
"මිනිහෙකුගේ උගත් කමට ගරු කරන්න පුරුදු වෙන්න." මෙහේ කරන කතා වලින් අපට ඒ බව තහවුරු වෙලා බොහොම කල්. (ස)​

බමුණු 2014-05-15 16:06:24
අසනීපෙකට බෙහෙත් ගන්න ගියාමත් පාක්ෂිකයෝ කියන්නේ අපේ තුමා ගියේ අහවල් ආයතනයේ දේශනයක් පවත් වන්න කියල. අපි ඕව නොදන්නවා නොවෙයි. අනික් මෙහේ කරන කියන කතා සහ කෙරුවාවල් හොදටම ඇති කවුරු කවුරුත් ගැන දැනගන්න. (ස)​

පිටිගල 2014-05-15 16:11:30
"පිරුන කළේ දිය නොසැලේ " කියන්නේ ඒකනේ! (ස)​

කෙවින් 2014-05-15 16:13:02
මේ අය කුමන දේශපාලන අදහස් දරුවත් බාල්දි පෙරලීම සෑම දේශපාලන පක්ෂයකටම පොදුයි කියලා දන්නේ නැහැ වගේ. සමහරවිට මේ සරසවියේ නමවත් අහලා නැතිව ඇති. (ස)​

බමුණු 2014-05-15 16:27:03
"ඉඩම් අක්කර ගණන් විකුනනවා.ඒත් ආර්ථිකය නංවන්න කියල බදු ගහනවා. මේ ගොල්ලන්ගෙයි, රනිල් මහත්මයගෙයි වෙනස මෙහෙම යනකොට රටේ ජනතාවට ඉක්මනින්ම තේරේවි" අපි ඕක 2007-8 දී පමණ තේරුම් ගත්ත. (ස)​





Copy Paste from Lankadeepa http://lankadeepa.lk/index.php/articles/233598?utm_source=twitterfeed&utm_medium=facebook


Elakiri Kattiyage adahasa mokkada mewa gana
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    "ඉඩම් අක්කර ගණන් විකුනනවා.ඒත් ආර්ථිකය නංවන්න කියල බදු ගහනවා. මේ ගොල්ලන්ගෙයි, රනිල් මහත්මයගෙයි වෙනස මෙහෙම යනකොට රටේ ජනතාවට ඉක්මනින්ම තේරේවි" අපි ඕක 2007-8 දී පමණ තේරුම් ගත්ත. (ස)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,234
    113
    Auckland
    Samething happened in Philippine 40 years ago :lol:

    I'll just wait and see whats coming hikz

    ඉයෙ රෑ ගොට්ටා අබේසුන්දරයගෙ විමසුමෙ කියනව කොටි 1983දි රණවිරුවො 12ක් ගාතනය කරාලු.. මෝඩයා දන්නෙ නෑ කිසි දෙයක් හරියට වන්දිබට්ටකම් කරනව ඇරෙන්න.
    ඇත්තටම 13දෙනෙක් මැරුවෙ. ගොට්ට දන්න ඉතිහාසෙ :lol:
     

    wave.slay

    Active member
  • Sep 13, 2008
    715
    65
    28
    atana metana
    අසන්ක-මිලානො 2014-05-15 11:24:19
    මම සන්ධාන සාමාජිකයෙක්. නමුත් මට කියන්න්න තියෙන්නේ, මෙතුමා තමයි එ.ජ.ප.යේ ඉන්න ප්‍රභලම, දක්ෂම කෙනා කියලා මෙතුමාට අභියෝග කළ හැකි කෙනෙකු එ.ජා.ප. යේ නැත. (නි)


    meka tamai patta.. unp karayo nemei dan ranilta adare sandane aya