MS Word, Excel, Power Point ෂෝට්කට්

umedhah

Active member
  • Jun 14, 2006
    466
    207
    43
    AKL, NZAA
    මේ ෂෝට්කට් ටික දැන ගත්තොත් MS Word, Excel, Power Point වගේ ඔෆිස් වැඩ ගේමක්ම නෑ

    මයික්‍රොසොෆ්ට් වර්ඩ්, එක්සෙල්, පවර්පොයින්ට් වගේ ඔෆිස් ප්‍රෝග්‍රෑම්ස් කියන්නෙ අපි දශක ගණනාවක් තිස්සේ ඉඳන් පාවිච්චි කරන වැඩසටහන් කීපයක්. විශේෂයෙන්ම රැකියා කටයුතු වලදී අපිට සෑහෙන්න පාචිච්චි කරන්න වෙන වැඩසටහන් තමයි මේවා. හැබැයි කොච්චර කාලයක් තිස්සේ මේ ප්‍රෝග්‍රෑම්ස් අපිට හුරුපුරුදු වුණත් මේවා භාවිතා කරද්දි අපේ වැඩ ලේසි කරගෙන, කාලය ඉතිරි කරගන්න තියන කෙටි ක්‍රම බොහොමයක් ගැන අපි අදටත් දන්නේ නැහැ. අන්න ඒ නිසයි අපි හිතුවේ මයික්‍රොසොෆ්ට් ඔෆිස් වැඩ ලේසි කරගන්න ඔයාලට උදවුවෙන ෂෝට් කට්ස්, ෂෝට් කීස් ගැන ඔයාලව දැනුවත් කරන්න. මේ කියන ක්‍රම වලට හුරු වුනොත් කීබෝඩ් එකෙන් මවුස් එකට මාරු වෙවී කාලෙ කකා ඉන්නෙ නැතිව ෆුල් එක්ස්පර්ට් ලෙවල් එකෙන් ඔෆිස් වැඩ ගොඩදාගන්න පුලුවන් වෙනවා ෂුවර්.

    1. හැම ඔෆිස් වැඩකටම පොදුවේ භාවිතා කරන්න පුලුවන් ෂෝට් කට්ස්

    MS Office Shortcuts

    මේ කියන්න යන කෙටි යතුරු වර්ඩ්, එක්සෙල් සහ පවර්පොයින්ට් වගේ ඔෆිස් වැඩසටහන් හැම එකකටම යොදාගන්න පුලුවන්. Ctrl සහ C යතුරු එකවර එබීමෙන් කොපි කිරීමටත්, Ctrl සහ V එකවර එබීමෙන් පේස්ට් (Paste) කිරීමටත්, Ctrl සහ X යතුරු එකවර එබීමෙන් කට් (Cut) කිරීමටත් පුලුවන්ය කියන එක නම් හැමෝම දන්නව ඇතිනෙ නේද? මේ තියෙන්නෙ එතනින් එහාට ගිහින් වර්ඩ්, එක්සෙල් සහ පවර් පොයින්ට් යන තුනටම එකසේ භාවිතා කරන්න පුලුවන් ෂෝට් කට්ස් කීපයක් තමයි. මේකෙදි (+) ලකුණෙන් කියවෙන්නේ මේ යතුරු එකපාර ඔබන්න ඕනෑය කියන එකයි.

    Ctrl + S – මේක තමයි ප්‍රයෝජනවත්ම ෂෝට් කට් එක. මේ යතුරු දෙක එබීමෙන් තමන් වැඩ කරමින් ඉන්න ෆයිල් එක සේව් (Save) කරන්න පුලුවන්. හදිසි කරදරයක් නිසා ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් උනොත් කන්න වෙන කට්ට අඩු කරගන්න පුලුවන් වැඩ කරන අතරතුර මේ යතුරු දෙක නිතර ඔබන්න හුරු වීමෙන්. සාමාන්‍යයෙන් ඔෆිස් වැඩසටහන්වල ෆයිල් එකක් සෑම විනාඩි 10කට වතාවක්ම ඔටෝ සේව් වෙන විධියටයි සැකසිලා තියෙන්නේ. අපිට ඕන නම් පුළුවන් මේක File > Options > Save හරහා මිනිත්තුවක් දක්වා අඩු කරගන්න.

    Ctrl + A – මේ යතුරු දෙක එකපාර එබීමෙන් පිටුවේ ඇති සියල්ල තේරීමකට ලක්කරන්න (Select කරන්න) පුලුවන්.

    Ctrl + B – තමන් තෝරපු කොටසක් “බෝල්ඩ් (Bold)” කරන්නට මේ යතුරු දෙක ඔබන්න.

    Ctrl + I – මේකෙන් කෙරෙන්නේ තමන් තෝරපු කොටස “ඉටැලික් (Italic)” කිරීමයි.

    Ctrl + U – තෝරපු කොටස යටින් “ඉරක් ගහන්න (Underline)” පුලුවන් මේ ෂෝට් කට් එකෙන්.

    Ctrl + P – මේ යතුරු දෙක එබීමෙන් ඔබට පුලුවන් කෙලින්ම ප්‍රින්ට් පිටුවට යන්න.

    Ctrl + Z – වැරැද්ද හදාගන්න ආපස්සට යන්න, එහෙමත් නැත්නම් දන්න බාසාවෙන් කියනවනම් Undo කරන්නෙ මෙහෙමයි.

    Ctrl + Y – Redo කිරීමේ කෙටි යතුරු දෙක තමයි මේ.

    Ctrl + F – Find Box එක ලබාගෙන පිටුවේ ඇති දෙයක් සොයාගන්න පුලුවන් මේකෙන්.

    Ctrl + K – Hyperlink කරන්න, ඒ කිවුවෙ වෙනත් සබැඳියක් අපේ ඩොකියුමන්ට් එකට එකතු කරන්න පුලුවන් මේ විදිහට. තමන් වැඩ කරන පිටුවේ කොටසක් තෝරාගෙන ඒකට එකතු කරන්න හරි අලුත්ම හයිපර්ලින්ක් එකක් හැටියට එකතු කරන්නට මේ විදිහට පුලුවන්

    Ctrl + F6 – එකම ඔෆිස් ප්‍රෝග්‍රෑම් එකේ ෆයිල්ස් කීපයක් ඕපන් කරගෙන ඉන්න වෙලාවට මේ යතුරු දෙක එකපාර එබීමෙන් ඒවා අතර මාරු වෙන්න පුලුවන්.

    Ctrl + N – අලුත් ඩොකියුමන්ට් එකක් ඕපන් කරගන්න තමයි මේ ෂෝට් කට් එක

    2. මයික්‍රොසොෆ්ට් වර්ඩ් (Microsoft Word)

    MS Office Shortcuts

    මයික්‍රොසොෆ්ට් වර්ඩ් කියන්නේ ඔෆිස් පැකේජයේ වැඩසටහන් අතරින් වැඩිපුරම භාවිතා වෙන වැඩසටහනක්. අපි බලමු මොනවද වර්ඩ් වැඩ ලේසි කරගන්න අපිට තියන ෂෝට්කට්ස් කියලා.

    Ctrl + D – මේ යතුරු දෙක එබීමෙන් පස්සෙ කෙලින්ම ෆොන්ට් (Font) වින්ඩෝ එක එකට ගිහින් වෙනස්කම් කරන්න පුලුවන්.

    Ctrl + E – ටෙක්ස්ට් එක සෙන්ටර් කරන්න. ඒ කිවුවේ අකුරු සහ ඉලක්කම් පිටුවේ මැද්දට හිටින්න සකසන්නෙ මේකෙන්. මේ යතුරු නැවත එබීමෙන් ආයෙ මුල් ස්ථානයට ටෙක්ස්ට් එක ගෙන එන්නත් පුලුවන්.

    Ctrl + R – ටෙක්ස්ට් එක දකුණු පැත්තට හිටින්න සකසන්නෙ මේ යතුරු එබීමෙන්.

    Ctrl + Shift + L – බුලට් පොයින්ට් (Bullet Point) එකක් හදන්න පුලුවන් මේකෙන්.

    Ctrl + Shift + > – තෝරන ලද ෆොන්ට් එකේ විශාලත්වය වැඩි කරන්නට ෂෝට් කට් එක තමයි මේ. මේකෙදි1 සිට 12pt දක්වා 1pt ප්‍රමාණයක් බැගිනුත් 12 සිට ඉහලට 2pt බැගිනුත් තමයි විශාල වෙන්නෙ.

    Ctrl + Shift + < – අපි කලින් කියපු එකේ අනිත් පැත්ත, ඒ කිවුවෙ ෆොන්ට් සයිස් එක අඩු කරන්නයි මේ ෂෝට් කී එක.

    Ctrl+[ සහ Ctrl + ] – මේ දෙකත් ෆොන්ට් සයිස් එක අඩු කිරීමට සහ වැඩි කිරීමටයි භාවිතා කරන්නේ

    Ctrl + Shift + G – මේකෙන් පුලුවන් ඔයාගෙ ඩොකියුමන්ට් එකේ තියන වචන ගණන, අකුරු ගණන, පේළි, ඡේද සහ පිටු ගණන ගැන විස්තරයක් ගන්න.

    Ctrl + දකුණු/වම් ඊතලය (Left/Right Arrow) – අපි සාමාන්‍යයෙන් ඇරෝ කීස් ඔබද්දි අකුරෙන් අකුරටනෙ කර්සර් එක යන්නෙ. හැබැයි Ctrl එක්ක ඇරෝ කී එකක් එබීමේදී අපි ඔබන දිශාවට කර්සර් එක යන්නෙ අකුරින් අකුරට නෙමයි වචනෙන් වචනෙට පන්නලයි.

    Ctrl + උඩ/පහත ඊතලය (Up/Down Arrow) – මේකෙන් වෙන්නේ ඩොකියුමන්ට් එකේ ඡේදය (Paragraph) බැගින් උඩට හෝ පහතට කර්සරය ගෙන යාමයි.

    Shift + F3 – වැරදීමකින් ඩොකියුමන්ට් එකක ඔක්කොම කැපිටල් හරි (ALL CAPS) ලෝවර් කේස් (lower case) අකුරු වලින් ටයිප් කරලනම් ඒවා එකින් එක හදන එක පණයන වැඩක්නෙ. අන්න ඒ වැරැද්ද ලේසියෙන්ම හදන්න පුලුවන් මේ ක්‍රමේට. ඔක්කොම කැපිටල්, ලෝවර් කේස් හැටියට හෝ පළමු අකුර කැපිටල් වෙන හැටියට මේ යතුරු නැවත නැවත එබීමෙන් හදාගන්න පුලුවන්.

    Shift + Alt + D – අද දිනය ඩොකියුමන්ට් එකේ සටහන් කරන්නට මේ මගින් පුලුවන්

    තුන්වරක් ක්ලික් කිරීම (Triple Click) – ඩොකියුමන්ට් එක මත තුන් වරක් ක්ලික් කිරීමෙන් ඒ ආසන්නයේ ඇති මුළු ඡේදයම තෝරාගන්නට පුලුවන්.

    3. මයික්‍රොසොෆ්ට් එක්සෙල් (Microsoft Excel)

    MS Office Shortcuts

    Ctrl + Page Up/Down – එක්සෙල් වල ටැබ්ස් එකකට වඩා තියන අවස්ථාවකදී මවුස් එක භාවිතා කරන්නෙ නැතිව ඒවා එකිනෙක අතර මාරුවෙන්න තමයි මේ ෂෝට් කට් එක.

    Ctrl + 1
    – අදාල සෙල් (Cell) එකේ ටෙක්ස්ට් එක ෆෝමැට් කරන්න පුලුවන් මේ කෙටි ක්‍රමයෙන්.

    F2 – මේ යතුර එබීමෙන් සෙල් එකක් එඩිට් කරන්නට පුලුවන්.

    Ctrl + ` – සෙල් එකක ඇති සූත්‍ර (Formula) බලාගන්නට පුලුවන් මේ මගින්.

    ‍F4 – සෙල් එකක් තෝරා මේ යතුර එබීමෙන් ඊට කලින් සෙල් එකකට කල වර්ණ වෙනස්කමක් තෝරන ලද මේ සෙල් එකටත් කරන්න පුලුවන්.

    Alt + Shift + F1 – අලුත් වර්ක්ශීට් එකක් ඕපන් කරන්නේ මෙහෙමයි.

    Ctrl + D – යම් සෙල් එකකට මේ කියන කෙටි යතුරු දෙක භාවිතා කලොත් ඒ සෙල් එකට උඩ සෙල් එකේ ඇති තොරතුරු එයට පිරවෙනවා.

    Ctrl + Space – සිරස් අතට පේළියක් (Column) තෝරාගන්නට මේ යතුරු එබීමෙන් පුලුවන්.

    Shift + Space
    – හරස් පේළියක් (Row) තෝරාගන්නෙ මෙහෙමයි.

    Alt + = – තෝරන ලද ඕනෑම සෙල් ප්‍රමාණයක ඇති සංඛ්‍යා වල එකතුව (Sum) බලන්න මේ මගින් පුලුවන්.

    4. මයික්‍රොසොෆ්ට් පවර්පොයින්ට් (Microsoft PowerPoint)

    MS Office Shortcuts

    Ctrl + M – අලුත් ස්ලයිඩ් එකක් එකතු කරන්නට මේ විදිහට පුලුවන්.
    Ctrl + Shift + D – ස්ලයිඩ් එකක් ඩුප්ලිකේට් කරන්න භාවිතා කරන්න.
    F5 – මේකෙන් පුලුවන් ස්ලයිඩ් ෂෝ එක ආරම්භ කරන්න.
    Ctrl + Shift + Tab – Outline සහ Slide View අතර මාරු වෙන්නට මේ මගින් පුලුවන්.
    Shift + F9 – ග්‍රිඩ් එක පෙන්නුම් කිරීමට හෝ සැඟවීමටයි මෙය.
    Shift + F5 – රැඳී ඉන්නා ස්ලයිඩ් එකේ සිට ස්ලයිඩ් ෂෝ එක ඇරඹීමට මේ යතුරු භාවිතා කරන්න.

    http://www.aniwa.lk
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    size 4- best 4 read
     
    • Like
    Reactions: umedhah