MSG වලින් කොහොමද කෑම රස වෙන්නේ

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    MSG වලින් කොහොමද කෑම රස වෙන්නේ

    bag-of-msg.jpg


    අපේ දිවට සංවේදනය කරගන්න පුලුවන්, ලුණු රස, පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, උමාමි රස. ලුණු,තිත්ත,පැණිරස,ඇඹුල් රස නම් දන්නවනෙ. ඒත් මොකක්ද මේ උම්මා රස? :oo::oo: උම්මා නෙමේ යකෝ උමාමි රස. :growl::growl: "උමාමි" කියන්නේ ජපන් වචනයක්. ශුධ්ධ සිංහලෙන් ගත්තොත් "ප්‍රසන්න රසකාරක රසය" යන අදහස තමයි එන්නෙ. සින්හලෙන් කිව්වොත් "Meatness " එහෙම නැත්තන් "Pleasent savour taste" කියන අදහස තමයි එන්නෙ. මේ රස අපෙ දිවට දැනෙන පස්වන රසය විදියටත් හඳුන්වනවා. උමාමි රස දිගු වේලාවක් පවතින මෘදු රසක් විදියටත් හඳුන්වනවා.

    සොඩියම් වල රසය විස්තර කිරිමට ලුණු රස යොදාගන්නා ලෙසටම මේ උමාමි රස විස්තර කිරීමට "ග්ලූටමේට්" යොදා ගන්නවා. ස්භාවිකව උමාමි රස මස්, බිම්මල්, තක්කාලි, පාර්මිසන් චීස්, සොයා සෝස්, සුප් ඇතුලු අප එදිනෙදා පරිභොජනයට ගන්නා අහාර විශාල ප්‍රමාණයක අඩංගු වෙනවා. මේ උමාමි රස නිසා තමයි අපිට මේ අහාර අනෙක් ආහාර වලට වඩා ඉතා රසවත් වෙන්නේ.

    මොනො සොඩියම් ග්ලුටමේට් කියන්නෙ ශුද්ධ ග්ලූටමේට්. මේ ග්ලුටමේට් වලට පුලුවන් මේ උමාමි රස අහාර වලට එකතු කරන්න. සොඩියම් වලින් ලුණු රස උත්තේජනය කරන ලෙසටම මේ ග්ලුටමෙට් වලින් අපෙ දිවෙ උමාමි රස උත්තේජනය කරනවා. ඒ විදියට තමයි MSG නිසා ආහාර වල රස වැඩි වෙන්නෙ. ස්වභාවිකව මේ උමාමි රස අහාර වලට එකතු කරනවට වඩා ඉහල ක්‍රියාකාරිත්වයෙන් යුත් ලාභදායි MSG ඉතා සුලු ප්‍රමාණයක් භාවිත කරලා මේ ස්ව්භාවික උමාමි රස උත්තේජනය කරනා පුලුවන් නිසා MSG ඉතා ජනප්‍රිය වෙලා තියෙනවා.

    මොනොසොඩියම මුලින්ම නිශ්පාදනය කරේ 1908දි "කිකුනේ ඉකෙඩා" කියන ජපන් ජාතිකයා විසිනුයි. උමාමි රසත් හොයගත්තෙ මොහු කියලයි කියන්නේත්.

    ලොව විශාලම MSG නිශ්පදකයා තමයි අජිනමොටෝ කියන්නේ.
    රසායනිකව මොනොසොඩියම් වල දල වශයෙන් ග්ලුටමික් අම්ලය 78%, සෝඩියම් 21% හා කොන්ටමිනන්ට්ස් 1% අඩංගුවෙනවා.

    හැබැයි MSG කියන්නෙ නිහඬ මාරයෙක් විදියට තමයි දැන් හොයාගෙන තියෙන්නේ.

    monosodium-glutamate.jpg










     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    MSG කෑවම මෑරෙනවනම් සින්ගාපුරුව, මෑලේසිය, තායි, හොන්කොන්ග්, චයිනා වල මිනිස්සු ඔක්කොම මෑරිලා තියෙන්න ඕන මෙලහකට.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    man hituwe me msg kyala me messange krana aka gana mokaka hri mgulk kyla mu mee msg kyla tyne wena mgulakta komaa unth mat hoya hoya hitapu akak thanks bn :lol:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Owa lab created artificial flavors machanla.Natural substances nemei.Owa kanna honda naha api ithin owa tiyena kaama rasa kara kara kaawata:):yes: