මොකක්ද බං ඒ සීං එක....?
උගේ නම් ඉඩම . ඒකට ඔප්පුත් තියේ නම්, කෝමද බං පොලීයෙන් ඇවිල්ල මිනිස්සුන්ව පදිංචි කරවන්නෙ ඉඩම් වල...? කොහොමත් පොලීසිය තමන්ගෙ නිළ ඇදුමෙ බලය අයුතු ලෙස පාවිච්චි කරනව. ඒක ඔප්පු කරවන්න මිනිස්සු ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ ඒ වගේ මිනිස්සුන්ටත් බලපෑම් කරනව පොලීසියෙන්.
ඒක තමයි වෙන්නෙ මේ රටේ. ගොඩක් පොලීසි වල ලොකු මහත්වරු මේක කරනව.
කෙසේ හෝ වේවා මේ පවතින දේශපාලන පක්ශ වලට අතිමහත් වූ ලෙස 2/3 ක බලය ලැබුන විට දේශපාලුවන්ට පෙර මෙවන් වූ පාතාල කරුවන් සහ දූශිත පොලිස් නිළදාරීන්ගේ අසාධාරණයන්ට අනිව දුප්පත් අසරණ බලයක් නොමැති මිනිස්සු ලක් වෙන බවනම් නිසැකයි.
කවුරු කොහොම චන්දෙ දීල හිතුවත් මේ රටේ අසාධාරණයනම් රජයනව මේ චන්දෙන් පස්සෙ දිනන ආණ්ඩු බලේ අයුතු ලෙස භාවිතාකරල. මොකද චන්දෙ ඉල්ලන ආණ්ඩු පක්ශෙ මැති ඇමතිල සහයෝගය අරගන්නෙ මෙව්න් වූ දූශිත නිලදාරීන් සහ චන්ඩි.
රටට දෙයියන්ගේම පිහිටයි. එන්න අපි ජෙප්පො ටික එලවමු පාලිමන්ට් එකෙන්. උන් තමා මේ සේරටම හේතුව. කොහොම උනත් විපක්ශෙ එවුන් චන්දෙන් පස්සෙ ආණ්ඩු පක්ශෙ වාඩි වෙලා ඇමතිකම් ගන්නව. උන්ගෙ නඩු හබ යට යනව. උන්ව බේරනව. පේනවනෙ රවියගෙ රනිල්ගෙ ඇලෝසියස්ගෙ එහෙම නඩු චන්දෙන් පස්සටම කල් ගියා.. වරෙන්තු කරල හැංගිලා හිටිය රවිය කිසි කරදරයක් නැතුව ඕං ආණ්ඩු පක්ශෙ එක්ක. මෙව්ව් කල්පනා කරපල්ල. තේරුම් ගනිල්ල. උබල අපි කොහොම හිතුවත් උන් උන් ගේම ගහනව. පාට පක්ශ මාරු කරනව. ඔය ඉන්නෙ එකම සෙට් එක. එකම ගේම දෙපිල බෙදිල ගහන්නෙ.
පේනවනෙ නීතිය. මෙතන සීං එක නම් දන්නෙ නෑ ඒත් මේ වගේ දේවල් ඕන තරම් වෙනව මේ රටේ..