Muammar Gaddafi dead - video

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka





    කර්නල් ගඩාෆිගේ මළ සිරුර මිස්රාටා නගරයේ රහසිගත ස්ථානයක වැලලූ බව කැරලිකාර පාලනය පවසයි. ඊයේ දිනයේදී සියට් නගරය අත්පත් කර ගත් කැරළිකරුවන් බංකරයක් තුළ සැඟවී සිටි ලිබියානු නායකයා වෙඩි තබා ඝාතනය කළ අතර ඔහුගේ මළ සිරුර වීදි දිගේ ඇදගෙන යන අයුරු එරට රූපවාහිනී නාලිකා විකාශ කලේය. කර්නල් ගඩාෆිගේ පුත්‍රයකු වන මොටසීම් ද මිය ගිය බව ලිබියානු පාලකයින් ප‍්‍රකාශ කරන අතර අතර ඔහු‍ගේ හිසට හා ගෙල ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවද ඔවුන් පවසයි.
    කෙසේ වෙතත් නේටෝ ගුවන් ප්‍රහාරයකින් පසු අල්ලා ගනු ලැබූ ගඩාෆි කුමන අයුරකින් මිය ගියේද යන්න පිළිබඳ පරස්පර වාර්තා පවතින බවද විදෙස් පුවත් අඩවි වාර්තා වල සඳහන්ය.
     
    Last edited: