Murali ලංකාවට ගෙන්වයි

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Murali ලංකාවට ගෙන්වයි

    මුරලි ලංකාවට ගෙන්වයි

    242308601murali.jpg

    අබාධ තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් 20 / 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් යළි දිවයිනට කැඳවීමට තීරණය කර තිබේ.

    පසුගිය දා සිය පාදයේ මස් පිඩු ඉරීමක් හේතුවෙන් මුත්තයියා මුරලිදරන් අබාධයකට ලක් විය.. එහෙත් පෙරේදා දිනයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සමග පැවති තරගයට මුත්තයියා මුරලිදරන් සහභාගී වූ අතර එහි දී ඔහුගේ ආබාධය උත්සන්න වී ඇති බව ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කළේය.

    එම නිසා ඔහු යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව නිශාන්ත රණතුංග මහතා අද දෙරණට සඳහන් කළේය.

    මුත්තයියා මුරලිදරන්ගේ පුරප්පාඩුව පිරවීම සඳහා වේග පන්දු යවන තිලාන් තුෂාර මේ වන විටත් බටහිර ඉන්දීය කොදෙව් වෙත යවා තිබේ.