මේක සියදිවි නසා ගැනීමක් වෙන්නත් පුලුවන්. මිනී මැරුමක් වෙන්නත් පුලුවන්. ලිය ලිය හිටපු ලියුමෙ පෑන තියෙන්නෙ වම් පැත්තෙ. ඒකෙන් ගොඩක් දුරට හිතන්න පුලුවන් මෙයා වමත් කාරයෙක් කියල. ඒ වගේම සිගරට් අළු දාන එක තියෙන්නෙත් වම් පැත්තෙමයි. සිගරට් ගහන ගමන් පෑනෙන් දෙයක් ලිය ලිය හිටිය නම් අළු ටික දාන්න පෑන තියන්න වෙනව. එහෙම හිතුවොත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනව. ගොඩක් අය කණ්ණාඩිය ගලවන්නෙ අත් දෙකම පාවිච්චි කරල. අත් දෙකම පාවිච්චි කරල ගැලෙව්වත් මේසයක් උඩින් තියද්දි තියන්නෙ තනි අතකින්. ඒක ගොඩක් වෙලාවට හුරු නැති අතින් තියන්නෙ. හුරු අතින් තියන අවස්ථාත් නැතුව නෙමෙයි. මෙයා කණ්ණාඩිය ගලවල තියෙන්නෙ වම් අතින්. වම් අතින් ගලවල තිබ්බම තමයි කණ්ණාඩිය ඔය හැරිල තියෙන පැත්තට හැරෙන්නෙ. අනිත් එක ලෑම්ප් එක. ලෑම්ප් එක දකුණු පැත්තෙන් තියාගෙන වැඩ කරන්නෙ සාමාන්‍යයෙන් වම් අත හුරු කෙනෙක්. මොකද දකුණු අත හුරු කෙනෙක් ලැම්ප් එක දකුණු පැත්තෙන් තියාගත්තොත් අතේ හෙවනැල්ල වැටෙනව ලියන එකට. ඒක නිසා මෙයා ගොඩක් වෙලාවට වම හුරු කෙනෙක්. මෙයා ඉන්න විදිහ දැක්කම පේනව මේ වෙඩි තියන වෙලාවෙ මෙයා ඉදල තියෙන්නෙ ජනේලෙ පැත්ත හැරිල නෙමෙයි. ඒ පැත්ත හැරිල හිටිය නම් මෙයාගෙ කකුල් දෙක මේ විදිහට හැරිල තියෙන්න විදිහක් නෑ. මෙයා ඉදල තියෙන්නෙ ජනේලෙට පිටුපාල. ජනේලෙට පිටුපාල හිටිය නම් මෙයාගෙ තුවක්කුව තියෙන අතේ හැටියට වෙඩි තියල තියෙන විදිහ අනුව බිත්තියේ ලේ පැල්ලමක් තියෙන විදිහ හරි. අනිත් දේ ඔහොම ලේ පැල්ලමක් සාමාන්‍යයෙන් හිටින්නෙ ලග ඉදන් වෙඩි තිබ්බොත්. තමන් වමත් උනත් දකුණත් උනත් තුවක්කුව ඕනෙ අතකින් අල්ලන්න පුලුවන්. මෙයා වමත් ඒත් තුවක්කුව අල්ලල තියෙන්නෙ දකුණෙන් කියන එකෙන් මේක මිනීමැරුමක් කියල ඔප්පු වෙන්නෙ නෑ. අනිත් දේ එයාගෙ වෙඩි පාර පේන්නෙ නෑ ෆොටෝ එකේ. ඒක දැක්ක නම් ඒකෙ ඇන්ගල් එකත් එක්ක හිතල මීට වඩා ලොකු විස්තරයක් කියන්න පුලුවන්. ඒක තමයි අනිවාර්යෙන් දකින්න ඔනේ සාක්ෂිය. ඒක නැතුව කියන්න අමාරුයි. තව පොඩි අවුලක් තියෙනව. ඉදගෙන හිටපු පුටුව මෙයාගෙ ඇගෙන් පස්සට ගිහින්. වැටෙන විදිහ අනුව ඒක වෙන්න අමාරු දෙයක්. එතන පොඩි අවුලක් තියෙනව. සාක්ෂි මදි මේක මිනීමැරුමක්ද සියදිවි නසාගැනීමක්ද කියන්න. ඒක තමයි අන්තිම උත්තරේ.
Last edited: