Must watch this

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    meka balala mata bada kora wenan hina giya :rofl: mokada yako thopila bumma gena inne? meka funny story ekakata serious visual ekak gahala wage cn ekakne

    e asse SAITM ekath mekata adagena :lol:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න
    ටෙලි‍ෆෝන් එකින් බෙහෙත් කියූ
    දොස්තර නෝනා උසාවි ඇවිත්

    කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී අවුරුදු දෙකහමාරක පිරිමි දරුවකු සැකසහිත ලෙස මියයෑම සම්බන්ධයෙන් ඊයේ අධිකරණයේ නඩුවක් විභාග වුණා. එම දරුවා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍යවරිය පරීක්ෂාවකින් තොරව දුරකථන මාර්ගයෙන් හෙදියන්ට දන්වා නොසැලකිල්ලෙන් දුන් එන්නතක් නිසා මරණය සිදුවූ බව
    මේ සම්බන්ධ පැමිණිල්ලේදී

    කරුණු හෙළි කර තිබුණි.
    උණ රෝගයක් වැළඳී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිඟිත්තා හට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යම මොහොතක අදාළ වෛද්‍යවරිය දුරකථන පණිවිඩ මාර්ගයෙන් එම වෛද්‍ය උපදෙස් ලබා දී ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව දන්වා සිටියදී රොසපින් නැමැති එන්නතක් සිඟිත්තා හට ලබාදීමට කටයුතු කර තිබේ. එන්නත ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාව නිසා පසුව දරුවා මරුමුවට පත්ව ඇත.

    මෙවැනි ආකාරයෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර දුරකථන පණිවිඩ මාර්ගයෙන් ලබාදීම සදාචාරාත්මක නොවන ක්‍රියාවලියක් බවත් එය දැඩි අවධානයකට ලක් කළ යුතු කරුණක් බවත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා සටහන් තබා ඇත.
    වේයන්ගොඩ බෝගහවත්ත පදිංචිව සිටි දිදුල සෙනහස් නමැති අවුරුදු දෙකහමාරක් වයසැති පිරිමි දරුවකු මේ ආකාරයට

    මියගොස් තිබුණි. දරුවාගේ පියා වන හෂාන් උල්ලලපතිගේ කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ ගැන විමර්ශනයක් සිදු විය.
    වෛද්‍ය හේවා මුණසිංහගේ අරුණා ප්‍රියංගනී (51) නමැති වෛද්‍යවරිය මෙම ප්‍රතිකාරය නියම කර තිබුණි. ඇය අධිකරණය හමුවේ කරුණු දක්වමින් දන්වා සිටියේ
    මියගිය දරුවා පුද්ගලික රෝහලට ඇතුළත් කළ බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් තමා එම අවස්ථාවේ රෝහලේ නොසිටි නිසා ලබාදුන් උපදෙස් මත ප්‍රතිකාර ලබාදීමට අදාළ අංශ දැනුවත් කළ බව ඇත්තක් බවයි.

    එහිදී දරුවාට පසුදා උදේ රොසපින් 350 mg දෙන ලෙසට දන්වනු ලැබූ බව පිළිගත් වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ රොසපින් සාමාන්‍ය දෙන බෙහෙතක් බවත් එය සැර නැති බෙහෙතක් බවත්ය.
    මරණය සම්බන්ධයෙන් වැඩිදුර සාක්කි විභාගයේදී රොසපින් නැමැති එන්නතක් ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාව නිසා මියයාම සිද්ධවී තිබීම හඳුනාගන්නට හැකිවූ බව කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ප්‍රතවන් මහතා දන්වා ඇති අතර මරණ පරීක්ෂකවරයා එය නම් කර තිබුනේ හදිසි අනතුරක් ලෙසය.
    කොල්ලුපිටිය පොලිසියේ (14004) ජයලත් හා මරදාන පොලිසියේ පොලිස් සැරයන් (27689) ලාල් පතිරණ යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූ අතර වැඩිදුර විභාගය ඉදිරියටත් සිදුවේ