Mutath van eke yanna weida

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    වැළි බිස්නස් නවමු මුහුනුවරකින්.

    පුදුම ගැහිලි ලංකාවෙ තියෙන්නෙ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,054
    113
    කෑගල්ල
    මොකක්ද බන් උනේ මාත් ඔක ගියපු වේලාවේ බැලුවා පුරා විද්‍යා එකෙන් නැවැත්තුවා කියලා නේද කිවේ. එතනින් එහාට ඇහුවේ නෑ.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    https://www.lankadeepa.lk/latest_news/තිස්ස-වැවේ-ප්‍රතිසංස්කරණ-පුරාවිද්‍යාව-නවතයි/1-593427

    තිස්ස වැවේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යාව නවතයි​


    චීන සමාගමක් සිදු කළ තිස්ස වැවේ පස් හා මඩ ඉවත් කිරීමේ කටයුතු නතර කරවූ බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

    ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී ඉදිකර ඇතැයි සැළකෙන තිස්ස වැවේ කවර ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකළත් ඒ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගත යුතු බවත් එවැනි කිසිදු අවසරයක් තොරව බර යන්ත්‍ර යොදාගෙන චීන සමාගමක් වැව හෑරීමේ කටයුතු සිදුකර ගෙන ගොස් ඇති බවත් මනතුංග මහතා කියයි.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගන්නා තුරු එම ව්‍යාපෘතිය නතර කරන්නැයි හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන් මහත්මිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා ඇති අතර ඒ අනුව ඉකුත් 25 දා එම කටයුතු නවත්වා ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

    කෙසේ වෙතත් මේ වනතුරුත් එකී කටයුතු සඳහා අවසර ඉල්ලා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලිපියක් එවා නැතැයි ද ඔහු සඳහන් කළේය.

    පැරණී මාගම නගරය මෙම වැව ඉස්මත්තේ පිහිටා ඇති අතර එහි පැවැති බොහෝ පුරා වස්තූන් සේදී ගොස් වැව් පතුලේ ඇතැයි විශ්වාස විශවාස කරන බව පුරාවිද්‍යාව පිළීබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කියයි.

    එහි මීට පෙර කරනලද කැණීම්වල දී ගජ ලක්ෂ්මී කාසි දහස් ගණනක් හමුවූ බවත් වැවෙහි මඩ ඉවත් කිරීම අනිවාර්යයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තු පරික්ෂණවලින් පසු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මොනවද බං මේ වේස පුතාලා කරන්නෙ. එහෙන් ගස් ටික කපනවා, කැලෑ ටික එළි කරනවා. මෙහෙන් වැලි ගොඩ දානවා..
     
    • Haha
    Reactions: Identity