මම stock සහ crypto trade (spot) කරල ගත්ත experience උඹල එක්ක share කරගන්න හිතුවා. මේ ගොඩක් දේවල් මම ඉගෙනගත්තේ මගේ fist hand experience වලින් - ඒ කියන්නේ කෙල වීම තුලින් ඉගෙනගත්ත දේවල්. අලුතින් එන කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතෙනවා, උඹලගේ experience එහමත් දාගෙන යන්න. (මම crypto වල perspective එකෙන් ලියන්නේ ලේසියට,ඒ උනාට මේවා stock trading වලටත් අදාලයි)
අලුතින් එන එවුන්ට තව උපදෙසක්, මේ දේවල් ඉගෙනගන්න ක්‍රම තුනක් තියෙනවා:

දැනට මෙච්චරයි, තව ඒවා පස්සේ add කරන්නම්. උඹලගේ experience එහෙමත් share කරගෙන යන්න. හැමෝටම ජය! <3
- මගහැරීමේ බය (Fear of Missing Out) - පෘතක්ජනයෝ විදියට මේක අපි හැමෝටම තියෙනවා, coin එකක් නගිනවා දැක්කම අම්මටසිරි මේක හඳට යනවා මට මේක මිස් වෙයි කියල හිතලා ඒක කලබලෙන් buy කරනවා, අන්තිමට බලද්දී ගත්ත වෙලේ ඉඳල බහිනවා. මේවගේ වේලාවකදී හොඳම වැඩේ තමයි Dollar Cost Average කරන එක (price එක fluctuate වෙද්දී කොටස් වශයෙන් ටික ටික ගන්න එක, ඔක්කොම එකපාර ගන්නේ නැතුව). තවත් All Time High වලදී buy කරන එක පුළුවන් තරම් අඩු කරන්න.
- Believing in Moonshots - ප්‍රදාන coins වලට අමතරව gambling කරන්නත් ගොඩක් අය coins ගන්නවා, ඒ මොකද ඒවායින් කෙටි කාලෙකදී ලොකු ප්රෝෆිට් එකක් ගන්න පුළුවන් නිසා. මේ වගේ දේකට සල්ලි දාද්දි අනිවා නැති උනාට අව්ලක් නැති සල්ලි ප්‍රමාණයක් විතරක් දාන්න (මේක crypto වලට general rule එකක්), අනිත් පැත්තට කැරකුනොත් ඔක්කොම ඉවරයි. වැදගත්ම දේ තමයි stick to your exit strategy. උදාහරණයක් විදියට මම එක coin එකක් ගත්ත $50 ක, ටික දවසකින් මේක $1000 ත් පහු කරලා ගියා, ලෝබ කමට ප්රෝෆිට් ගන්නේ නැතුව තව නගී කියල තියන් හිටියා දැන් ඒකෙ value එක $15

- Try to Free Ride - උඩ point එකටම අදාළ දෙයක්, coin එකක් නගිද්දී ඔයාගේ original ඉන්වෙස්ට්මෙන්ට් එක ටික ටික withdraw කරන්න, උඹ invest කරපු මුළු ගානම withdraw උනාම (when coin hits x2) ඉතුරු coins ටික ෆ්‍රී ගත්ත දෙයක් නිසා පස්සේ loss උනත් දුකක් නෑ.
- Know the Basic Theories - සරල theories මුලින් හොඳට දැනන් ඉන්න. උදාහරණයක් විදියට 'buy the rumors, sell the news' වගේ concept. Apple වගේ chart එකක් බැලුවොත්, හැමදාම අලුත් phone එකක් announce කරන කාලෙට rumors වලට stock price එක නගිනවා, එත් ඇත්තටම announce කරන දවසේ price එක කඩන් වැටෙනවා. ඒක නිසා මේ වගේ concept දැනන් ඉන්න එක වටිනවා.
- It isn't profit until it is in your pocket - මේකනම් වැදගත්ම දෙයක් සහ ගොඩක් අය කරන වරදක්. තමන් invest කරපු coin එකක් up වෙලා තියෙනවා දැක්කම පට්ට happy එකේ ඉන්නවා හොඳ investment එකක් කියලා. ඒ උනාට ඊළඟ දවසේ බලද්දී හොඳටම down වෙලා. ඒක නිසා ප්රෝෆිට් එක සාක්කුවට දාගන්නකම් ඔයාට ඇත්තටම ප්රෝෆිට් එකක් හම්බවෙලා නෑ කියල මතක තියාගන්න!
- A loss isn't a loss until you sell - උඩ point එකේම අනිත් පැත්ත. තමන් buy කරපු coin එකක් down වෙලා තියෙනවා කියල දැක්කම අව්ල් ගිහින් සෙල් කරනවා ගොඩක් අය තව යට යාවි කියල හිතල. ඒ උනාට හැමතිස්සෙම මතක තියාගන්න, ඔයා coin එක සෙල් කරනකම් ඔයාට අලාබයක් වෙලා නෑ කියල! believe කරන coin එකක්නම් ඔයාගේ decision එක වෙනස් නොකර තියාගන්න,
- HODL is the king - crypto invest කරද්දී තව අවරුදු 5කට 10කට පාවිච්චි නොකරන සල්ලි විතරක් ඉන්වෙස්ට් කරන්න කියනවනේ. ඒ දීර්ගකාලීනව hold කරන් ඉන්න පුළුවන් මිනිස්සුන්ට කවදාහරි profit ගන්න පුලුවන් නිසා

- Diversify - මේකත් common concept එකක්, ඔක්කොම බිත්තර එක වට්ටියේ තියාගන්න එපා කියනවනේ. එකම coin එක මත්තේ නැහෙන්නේ නැතුව manage කරන්න පුළුවන් කීපයක් තෝරාගෙන ඉන්වෙස්ට් කරන්න, එතකොට රිස්ක් එක අඩුයි. එකක් කෙලවෙද්දී අනිත් එකෙන් ඒක balanace වෙනවා. crypto විතරක් කරන අය stock market එකට diversify කරන්න, ඒ දෙකම කරන අය ඒ profit වලින් ඉඩමක් අරන් දාන්න. මේ වගේ ඔයාලගේ investment diversify කරන්න.
අලුතින් එන එවුන්ට තව උපදෙසක්, මේ දේවල් ඉගෙනගන්න ක්‍රම තුනක් තියෙනවා:
- Easy way: tutorial/ youtube එකේ මේ වගේ investment ටිප්ස් ඕනෑතරම් තියෙනවා, ලේසියෙන් ඒවා බලල ඉගෙනගන්න පුළුවන්.
- hard way: trading එහෙම demo account හදල trade කරලා simulation වලින් තමන්ගේම experience එකෙන් ඉගෙනගන්න පුළුවන්.
- painful way: කෙලින්ම වතුරට පැනලා ගිලී ගිලී පීනන්න ඉගෙනගන්න පුළුවන්, හැබැයි හුස්ම හිරවෙද්දී අල්ලන් ඉන්න ටිකක් අමාරුයි.

දැනට මෙච්චරයි, තව ඒවා පස්සේ add කරන්නම්. උඹලගේ experience එහෙමත් share කරගෙන යන්න. හැමෝටම ජය! <3