උසස් පෙළ කරන නොකරන එක තීරණය කරන්න ඕන නිසා එකට මෙතනදී අදහස් නැ.නමුත් ඔය මෙකාට්‍රොනික් ගැන හොයන නිසා මන් විස්තරේ මෙතන ගහන්නම්,
මාත් කරන්නේ මෙකාට්‍රොනික් තමයි , ඒ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ , දැනට මන් ඩිප්ලෝම ලෙවල් එකේ ඉන්නේ,මේකේ උපධියටම අවුරුදු 5 ක් යනවා , ඒ හැබැයි පුතෝ උසස් පෙළ ගණිත අංශයෙන් S 3 ක් වත් තියන අයට , එහෙම සමත් නැත්නම් පදනම් පාඨමාලාවක් තියේ එක් අවුරුද්දක , මේ අවුරුද්දේදී උසස් පෙළ සදහා කරන විෂයන් වල මුලික දැනුම දෙනවා, මේක හරියට කලොත් ඔයාට 24 දී මෙකාට්‍රොනික්ස් උපාදියක් ( B.Tec ) ලංකාවෙන්ම ගන්න පුළුවන්. හැබැයි මේකට එන්න වයස 18 සම්පුර්ණ වෙලා තියෙන්නේ ඕන, මේ විෂය පථයට අදාල නවීන විද්‍යාගාර පහසුකන් අපේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තියනවා, ඒ හැන ඔයාට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂන පිඨයේ ඉන්න ඕන ගෙන් අහල දැනගන්න පුළුවන්,
ලංකාවේ මේ විෂයට රස්සාවල් නැ කියන්නේ මේක ගැන හරි හැටි දන්නේ නැති උන් , අනාගතේ මේක ලංකාවේ නැතුවම බැරි දෙයක් වෙනවා නියතයි,