markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    උබ යකාගේ ඩයල් එකක්නේ බ්‍රෝ. තවත් තියනවද එල එල දාපං දාපං
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    ඔන්න අද කතාවෙ තුන්වෙනි කොටස. මතක්වෙනකොට ටිකක් විතර දුකයි.

    Chapter 3 (Tune)


    මෙන්න මේකයි කතාව,

    අපි A/L කරල ඉවර උනාට පස්සෙ ටික දවසක් යනකන් සෙල්ලම් කලා. මටනම් ඒ exam එකනම් චුට්ටක්වත් sure උනෙ නෑ pass වේ කියල. අනිවාරෙන් fail වෙනව කියල දන්නව. ගෙදරින් අම්ම බනිනව 2වෙනි පාරට exam කරන්න පන්තියන්න කියල. තාම result ඇවිත්වත් නෑ. අපේ අයිය ඉන්නෙ කුරුනෑගල. අම්ම අයියට කියල මාව එහෙ පන්තියකට දාන්න කියල. අයිය වහාම ඇවිත් මාව එකතුකරගෙන ගියා කුරුනෑගල පන්තියන්න. මං කුරුනෑගල ගැන පොඩ්ඩක්වත් දන්නෙ නෑ. මං පොඩ්ඩක්වත් කැමති උනේ නෑ කුරුනෑගල පන්තියන්න. එක යාලුවෙක්වත් නෑ. අනිත තව සති 3 4ක්ම හොදට සෙල්ලම් කරන්න තිබුනා ගෙදර හිටියනම්. එකත් නැතිඋනා. කොහොමහරි A/L result ආව. මට ලොකුවැයින් F තුනක්ම තිබුන. කමක්නෑ කියල හිතාගෙන දෙවෙනිපාර කුරුනෑගල පන්ති ගිහින් යන්තම් දෙවෙනි පාර A/L ගොඩදාගත්ත. ඊට පස්සෙ මාසයක් දෙකක් විතරම අපි කරේ ක්‍රිකට් ගහපු එක. ඊටපස්සෙ අයිය මාව දැම්ම කුරුනෑගලම තිබුන computer cls එකකට. සති අන්තෙට අපේ යාලුවො ඔක්කොම එකතුවෙලා කරන්නෙ ක්‍රිකට් ගහන එක.

    ක්‍රිකට් ගහල එහෙම ඉවරවුනාම අපි මරු වැඩක් කලා. කොහෙන් හරි කෙල්ලෙක්ගෙ 4n number එකක් හොයාගෙන කට්ටිය ඔක්කොම එකතුවෙලා bite පාරක් දානව call කරල. මගෙ යාලුවෙක් එකදවසක් මට number 1ක් දුන්න එකක් කෙල්ලෙක්ගෙ. bitak දාන්න කියල. 0XXX308404 කවදාවත්ම අමතක නොවෙන අංකයක් ඔය. මට නිකන් කතාකරන්න මොකද්ද වගේ හිතුන. මන් නිකන් miscall එකක් දුන්න බලන්න. මෙන්න බොලේ අනිත් පැත්තට එ number එකෙනුත් miscall එකක් ආව. මං හිතුවෙ නෑ එකක් reply 1ක් එයි කියලනම්. මං අයෙමත් එකක් miscall 1ක් ගැහුව. reply ත් ආව ඒවටත්. යාලුවනම් කිව්ව miscall එකක් දුන්නම ඒකෙනුත් miscall එනව කියල. මන් miscall දෙක තුනක් දුන්නම මෙන්න යකෝ call එකක් එනව. මට නිකන් මොකද්දවගේ හිතුන. මන් answer කලේ නෑ. බැරිවෙලාවත් කොල්ලෙක්වත් කතාකරල මට බැන්නොත් කියල හිතුන. මොනවහරි කිව්වොත් එකපාරටම කියන්න දෙයක් මතක්වෙන්නෙත් නෑ තනියෙම ඉන්නකොට. මන් ඒක නිස අයෙ miscall ගහන්න ගියේ නෑ ඒ number එකට.


    ඊටපස්සෙ සෑහෙන දවසකට පස්සෙ මට හිතුන අයෙ මේ number එකට miscall එකක් දීල බලන්න. සුපුරුදු පරිදි ring කලාම එහෙනුත් miscall එකක් ආව. ඒ එක්කම msg එකක් ආව "Who R U?" කියල අහල. මාත් බයෙන් බයෙන් කෙටුව reply එකක්. මං කිව්ව මං හොල්මනක් කියල. මොකද මම එදා කුරුනෑගල හිටියෙ. රෑ වෙලා තමා මං මේ number එකට ring කලේ.

    ඔන්න ඔහොම msg කෙටිල්ල පටන්ගත්ත. එයත් එක එක විකාර එවනව මමත් ඒවට reply කරනව. ඔහොම ඔහොම කොහොම හරි සතියක් විතර ගියා. මෙයා මට කිව්ව කතා කරන්න ඕනෙ කියල. මට බයයි හරියටම sure නෑ කෙල්ලෙක්මද කියල. මොනවත්ම විස්තරයක් දන්නෙ නෑනෙ මෙයා ගැන. ඒකයි. මං කොහොමහරි සති අන්තෙ ගෙදර ආවම මං යාලුවෙක්ට කිව්ව මේ කතාව. ඌ කිව්ව උබට බැරිනම් මට කියපන් මං කතාකරන්නම් කියල. මටත් ඉතින් මොකෝ මගෙ අතින් පයින් යනව කියලැ. මාත් මගෙ 4n එකෙන්ම එකිට යැව්ව අද කතාකරමු කියල msg එකක්. ඒකිත් හා කියල msg එකක් එව්ව. පස්සෙ කොහොමහරි මන් ඒකිට රින්ග් කලා ආපහු හවස. කතාකරන්න කියල හිතාගෙන. යාලුවත් ලග ඉන්නව. එවෙලෙම වෙන 4n එකකින් ආව call එකක්. මට හිතුන මේ කෙල්ල වෙන්නැති කියල මන් පටස්ගාල දුන්න 4n එක මගෙ යාලුවට. ඌ හෙන දක්ෂය ඔයවගෙ වැඩවලට. පස්සෙ මු ඒ කෙල්ලත් එක්ක 10min විතර කතාකල. මූ නිකන් කතකලේ ඒකිව bite එකට අරන් වගේ. ඒකි කිව්වලු අන්තිමටම ආයෙ ඒකිට miscall, msg, call දෙන්න එපා කියල. මොකටද එක එක කෙල්ලන්ගෙ ආඩම්බර බලන්නෙ කියල හිතාගෙන අපිත් msg නොකර ඉන්න ලෑස්තිඋනා. එක bite 1ට හොයාගත්ත එකක්නෙ. ඒනිසා හිටියත් එකයි නැතත් එකයි.

    to Be continued . . . . . . .


    මේ ටිකත් type කරෙ බොහොම අමාරුවෙන්. chat කරන ගමන්. එහෙම කරනකොට එපාවෙනව. ඉතුරුටික තව ටිකකින් දාන්නම්.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් :)
    ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න
    රෙපය දෙන්න බැ ලු පස්සෙ දෙන්නම්:yes:
    ජයවෙවා
    11.gif
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    ඔන්න කතාවෙ ඉතුරු ටික.......

    ඕන බම්බුවක් වෙන්න කියල මාත් ඕක අතැරල දාල නිකන් හිටිය. මං ගිය computer cls එකෙ කොල්ලොටිකත් ඔයවගෙම කෙල්ලන්ව bite කරා. මට උන්ට මේකිගෙ number එක දෙන්නත් හිතුන මං දුන්නෙ නෑ ඒත්. මට සෑහෙන දවසකට පස්සෙ ආයෙ මතක් උනා අර girl ව.මන් පස්සෙ අයෙ දවසක් ring කලා මෙයාට. ආයෙ msg කරන්න miscall ගහන්න එපා කිව්ව කෙල්ලම මෙන්න බොලෙ මට ආයෙ miscall ගහනව. පස්සෙ මෙයා ආපහු කියල msg එකක් එව්ව "Who r U ?" කියල. මට හිතුන එතකොට මේකිට දැන් මාව මතක නැතුව ඇති කියල. මගෙන් who r u කියල ඇහුව එකට මන් දුන්න answer එකක්. I'm casper කියල. ඒකි ගත්ත මට call කතාකරන්න කිව්ව. මං කතාකරේ නෑ ඒකි එක්ක. මට ඒකි දිගටම msg කර එදා. මං කිව්ව මට එක එක හේතුනිසා දැන් කතාකරන්න බෑකියල බොරු ගොඩාක් කියල යැව්ව msg. ඒකි මට එවන එක එක msg වලට මං funny answer දුන්න. ඒකිටත් මං කිව්ව ඒවට මාව fit වෙන්න ඇති එකිත් දිගටම msg කලා. ඔහොම දවස්ගානක් කලා. මේකිට මාත් එක්ක කතාකරන්න ඕනෙයිලු. මන් බොරු කියල මග අරිනව. ඔහොම සතිගානක් ගෙවුන.

    මන් අපෙ computer cls එකෙ කොල්ලෙක්ට දවසක් මේකිගෙ number එක දුන්න කතාකරපන් කියල. මූත් කතාකලා එකටත් එක්ක. කතාකල දවසෙ මේකි මුට බැන්නලු. අම්මේ මට බය හිතුන මාත් කතාකලානම් මටත් වෙන්නෙ ඔය දේමනෙකියල හිතුන. මේ යාලුව මට කිව්ව මොනව උනත් බන් මාර ලස්සන voice එකක් ඒක බන් කියල. මට ඔය කතාවම මේකිත් එක්ක කතාකරපු මගෙ තව යාලුවෙක් කියල තිබුන. ඉතින් මටත් පොඩි ආසවක් ඇතිඋනා මේ ලස්සන voice එක අහන්න. මට මේ girl fit උනාට බයත් හිතුන කතාකරාම බනීද දන්නෑ කියල. මෙයා කියනව මට හැමසති අන්තෙකම කතාකරමු කියල කියනව මං මගරිනව මොකක් හරි වැඩක් තිබුන කියල. වෙලාවකට හිතෙනව පව් කියලත්. කොහොමහරි msg වලින්ම අපි දෙන්න මාරවිදිහට fit උනා. දවල්ට කන්න යන්නේ දෙන්නම එකට රෑට අහනව කෑවද කියල එක විකාරයයි ඒ දවස්වල. ඔක්කොම වෙන්නෙ msg වලින් විතරයි. හරියට නිකන් අලුත බැදපු කපල් එක වගේ. මට කෙල්ලො ගැන එච්චර උනන්දුවක් තිබුනෙ නෑ. ඒ උනාට මෙයා මගෙ ඒ අදහස වෙනස් කරා.

    කොහොමහරි ඔන්න එක දවසක් මං කුරුනෑගල යන්න කියල බස් එකට ගියාම හිතුන මට එයා එක්ක කතාකරල බලන්න. මන් msg එකක් යැව්වම එයත් පන්තිගිහින් හිටියේ. එයත් කිව්ව එහෙනම් කතාකරන්න කියල. ඔන්න මං ඉතින් හා හා පුරා කියල කතාකරන්න ගත්ත. එදා මං කතාකරනව කිව්වනිසාද මන්ද මේකි මට විනාඩි 5න් 5ට වගේ miscall ගහනව. msg එවනව. පිස්සු හැදිල වගේ. දවල් 12-1 අතර වෙලාව. ඔන්න ඉතින් මං ගත්ත call එක. මගෙ තිබුනෙ මොබිටෙල් එකක්. එයාගෙ මොබිටෙල් නෙවේ. මට කැපෙනව අම්බානක. ඒගැන නොහිත ගත්ත call එක.

    දැන්නම් හිතෙනව අපරාදෙ මගෙ සල්ලි කපාගෙන ඒකිට call ගත්තෙ කියල. 1st love එකනෙ. හදවතින් බුර බුරා නැගෙන ප්‍රතම ප්‍රේමයේ ගිනිදැල් වලින් අපිව පිච්චිලා ගිහින් තිබුනේ. (හොදද වචන ගැලපීම:lol:) ඉතින් පලවෙනි දුරකතන ඇමතුම. ඇත්තම කියනවනම් මාරම ලස්සන කටහඩ ඒක. මට අද වෙනකන්ම හම්බුනේ නෑ අයෙත් ඒවගෙ කටහඩක් තියෙන කෙල්ලෙක්නම්. මන් දැනට අහල තියෙන කටහඩවල් වලින් NO 1 voice එක. MaXXXa. 2009.03.15 දිනයේ තමා මං එයාට කතාකලේ. එදා ඉරිදා දවසක්ද කොහෙද. පලවෙනි ඇමතුම නිස වැඩිවෙලා කතාකලේ නෑ විනාඩි 5ක් විතර කතාකලේ දෙන්නම ගොලුවෙලා ම්ම්ම්..... ගගා හිටියා. පස්සෙ මං බොරුවට යාලුවෙක් ආව මං තියන්නම් කියල තිබ්බ. කතාකරන්න තරම් දෙයක් මතක් උනෙත් නෑමට එවෙලේ. msg වලින් කොච්චර ලන් උනත් කතාකරන්න දෙවල් මතක් වෙන්නෙත් නෑ එකපාරටම. එදා හවස එයා පන්තියට ගිහින් තනිකරම කලේ මට msg කරපු එකයි miscall ගහුව එකයි. ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ. එදා එයාමට miscall 120ට වඩා දීල තිබුන. මාත් එව හැම miscall එකකටම reply එකක් විදිහට miscall දුන්න. ඊලග සති අන්තය ආව. ආපහු කතාකරන්න හිතුන. කතාකරා ඊටපස්සෙ. කතාකරන්න තිබුන බය නැතිඋනා. එයා පොඩි කෙල්ලෙක්. ගිය අවුරුද්දෙ තමා A/L කලේ. ඔහොම ඔහොම අපි දෙන්න වෙලාව ලැබෙන හැම වෙලේම කතාකලා. ඔහොම ඔහොම අපි දෙන්න නොදැනීම ආදරේ කරන්න පටන්ගත්ත. දින සති ගෙවුන. මගෙ computer course එකත් ඉවරවෙලා මට bank එකේ job එකක් උනා. contract විදිහට වැඩකරන්න.
    මං වැඩකලේ counter එකේ.

    අදට කතාව මේ ඇති. ඉතුරු ටික හෙට. මේ chapter එක ටිකක් දිගයි.
    ආ මට කියන්න බැරිඋන දෙයක් තියෙනව. මෙයාට TUNE කියන්නෙ ඇයි කියන එක. මම එයාගෙ 4n number එක මගෙ 4n එකේ save කරල තිබුනෙ කියල ඒ නමින්. ඇත්ත නම් මං මේකට යොදාගන්නේ නැතෝ....

    මං මේව ඔක්කොම කරන්නෙ දෙන්නෙක් එක්ක chat කරනගමන්. ඒ නිස එපාවෙනව මේක කරන්න ගියාම.

    ඒ නිසා ඉතිරිය හෙට...........
    to Be continued.........

     
    Last edited: