N.E.R.D.

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    ගොඩ යන්න ඔ්න නම් කියවා බලන්න.


    'නර්ඩ්-එක'කිව්වම අපි ඒ ගැන මොනවද දන්නේ?....
    ස්වයං රැකියා කරන හෝ කිරීමට අපේක්ෂා කරනන්ට නර්ඩ් ආයතනයෙන් ගත හැකි ප්රයෝජන අතිවිශාලයි.. National Engineering Research and Development Centre (NERD)
    ===============================
    'නර්ඩ්-එක'කිව්වම අපි ඒ ගැන මොනවද දන්නේ? 'නර්ඩ්' කියලා ආයතනයක් තියෙනවා කියලා දන්නෙත් කීයෙන් කී දෙනාද? ඒත් නර්ඩ්-එක අපේ රටට කොතරම් නම් සේවයක් කරනවාද? ඇත්තටම නර්ඩ්-එක ගැන හොයලා බැලුවම පුදුම හිතෙනවා, අපේ රටේ මෙතරම්
    විශ්වකර්ම වැඩ කරන ආයතන තියෙනවද කියලා.
    අපේ රටට පිටරටවලින් ඇවිත් පැළපදියම් වුණු මැක්ඩොනල්ඩ්ස් වගේ කෑම
    කඩ, තවත් ජනප්රිය ඇඳුම් සාප්පු, විනෝද මධ්යස්ථාන...
    මේවා ගැන අහන පරක්කුවෙන් විස්තර කියන්න බොහෝ දෙනෙක් ඉඳියි. ඒත්
    ඒවායෙන් ඔබ ගන්න ප්රයෝජන මොනවාද? ඒ වෙනුවට මේ වගේ
    ආයතන ඔබගේ අතේ තියෙන තුට්ටු දෙකත් වියදම් කරවයි.
    ඒත් ඔබගේ මුදලත් ඉතිරි කරවලා, ඔබට වඩාත් හොඳ විශ්වසනීය සේවයක් සලසා දෙන ආයතන ඔබ වෙනුවෙන්ම රටේ ස්ථාපිත වෙලා තියනවා. නර්ඩ් ආයතනයත් ඒ අතරින්
    එකක්. අපේ රටට අගනා මෙහෙයක් කරන නර්ඩ් ආයතනය ගැන තමයි අද අපි ඔබට මේ විස්තර කියන්නේ.
    'නර්ඩ්' කියලා කෙටියෙන් කිව්වට මේ ආයතනයේ නාමය 'ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්යස්ථානය' යි. නමේ හැටියටම මේ ආයතනයෙන් කරන්නේ අපේ රටේ ඉංජිනේරු කර්යයන් සම්බන්ධව පර්යේෂණ පැවැත්වීම, ඒ ඔස්සේ නවෝත්පාදන බිහි කිරීම
    සහ ඉන් පසු ඒ දැනුම රටට බෙදා දීමයි.
    ඉතින් මේ සරල හැඳින්වීමෙන්ම වැටහේවි නර්ඩ්-එක හෙවත් ජාතික ඉංජිනේරු පර්යේෂණ මධ්යස්ථානය අපේ රටට කොතරම් අත්යවශ්ය සේවයක් ඉටු කරන ආයතනයක්ද කියලා.
    මේ ආයතනය සතුව අපේ රටින්ම බිහි වුණු දක්ෂ ඉංජිනේරුවන් රාශියක් ඉන්නවා. ඔවුන්ගේ මූලික කාර්යය තමයි නොයෙක් අංශ යටතේ පර්යේෂණවල නිරත වීම. ඒ අංශ සිවිල් ඉංජිනේරු,
    කෘෂිකාර්මික, පුනර්ජනනීය බලශක්ති, පාරිසරික, මැකෑනිකල් සහ ඉලෙක්ට්රොනික් යනාදි වශයෙන් විවිධ අංශ යටතේ සේවය කරනවා. ඒ අතර තියෙන සුවිශේෂ අංශයක්
    ලෙස තාක්ෂණික අලෙවි අංශයත් සඳහන් කළ යුතුමයි.
    නර්ඩ් ආයතනයේ ආරම්භය සටහන් වන්නේ 1978 වර්ෂයේදී. රටේ සංවර්ධනයට උර දීම සඳහා මෙවැනි ආයතනයක් අත්යවශ්යයි කියලා හඳුනාගත් බලධාරීන් මේ ආයතනය ස්ථාපිත
    කරන්න කටයුතු කළා. මෙහි ආරම්භක සභාපතිවරයා වූයේ කේකේවයිඑන් පෙරේරා මහතායි. ඒත් වැඩියෙන්ම රටේ ප්රසිද්ධියක් අත් කරගත්තේ, ඒ වගේම දැනට වැඩිම කාලයක් සභාපතිත්වය
    දරා ඇත්තේත් රටම දන්න අතිදක්ෂ ඉංජිනේරුවකු වූ ආචාර්ය කුලසිංහ මහතා. අපේ රටේ විතරක් නෙමෙයි, ලෝකයේ බොහෝ රටවල ඉදිකිරීම් ක්ෂේත්රයේ පෙරළියක් කිරීමට සමත් වූ කොන්ක්රීට් නිමැවුම් ක්රම ආචාර්ය කුලසිංහගේ සංකල්පයක් ඔස්සේ නර්ඩ් ආයතනය විසින්
    ලොවට හඳුන්වා දුන් තවත් අගනා පර්යේෂණ ප්රතිඵලයක් බව අමතක නොකළ යුතුයි.
    නර්ඩ් ආයතනයේ වර්තමාන සභාපතිවරයා ශවේන්ද්රනාත් ප්රනාන්දු. ඔහු විදුලි ඉංජිනේරුවෙක්. ඔහු රටේ ජනතාවට පවසන අතිශයින් වැදගත් කාරණයක් තියෙනවා.
    ඒ "නර්ඩ්-එකෙන් වැඩ ගන්න" කියලයි. ඇත්තටම නර්ඩ් වගේ අායතනයකින් අපේ රට වැඩ ගන්නවා මදි. එතරම් සම්පත් ප්රමාණයක් එහි අන්තර්ගතයි. ඒ අතුරින් මානව සම්පත
    ඉදිරියෙන්ම සිටිනවා. අපේ රටෙන් බිහි වුණු අතිදක්ෂ ඉංජිනේරුවන් නර්ඩ් ආයතනයේ සේවයට
    බඳවාගන්නේ විශේෂ පරීක්ෂණ කිහිපයකින්ම සමත් වූවාට පසුවයි. එතනදී තමන් විශේෂ දක්ෂතා දක්වන ක්ෂේත්රයකට එක් වන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. එතැන් සිට ඔවුන් කළ යුත්තේ
    තමන්ගේ දැනුමෙන් රටේ අනාගතයට දායක කළ හැකි සුවිශේෂ යමක් නිපදවීමට උත්සාහ දැරීමයි. ඒ ඔස්සේ නිපදවෙන දේ රටේ ජනතාව අතරට ගෙන යෑමටත් නර්ඩ් ආයතනයේ විශේෂ ඒකකයක්
    තියෙනවා. ඒ වගේම මෙවැනි ක්රියාදාමයක් යටතේ බිහි කෙරුණු නවෝත්පාදන රාශියක් නර්ඩ් ආයතනය සතුයි. අපේ රටේ ජනතාව කළ යුත්තේ මේ සම්බන්ධව දැනුම්වත් වෙලා එවැනි දෙයින්
    ප්රයෝජන ගැනීමයි.
    උදාහරණයක් විදිහට අපි සලකමු නර්ඩ් ආයතනයේ සිවිල් ඉංජිනේරු ඒකකය. මේ ඒකකයේ ප්රධාන අරමුණ තමයි රටේ ජනතාවට තමන් වැය කරන මුදලට සරිලන වටිනාකමක්
    සහිත ඉදි කිරීම් කරගැනීමට තාක්ෂණික දැනුම සැපයීම. ඒ සඳහා මුදල් පිරිමහන ගොඩනැගිලි කර්මාන්තයේ නව නිපැයුම් රාශියක් ඔවුන් සතුයි. නර්ඩ් පිරිමැසුම්දායක තලාද හෙවත්
    ස්ලැබ් ක්රමය මේ සඳහා හොඳම උදාහරණයක්. ඒ විතරක් නොවෙයි; නිවෙසක් ඉදි කිරීමේදී අවශ්ය කරන කොන්ක්රීට් පෙරනිමි පියගැට, උළුවහු ඇතුළු තවත් බොහෝ දේ නර්ඩ් ආයතනය සතුයි. තමන්ගේ නිවෙස නර්ඩ් තාක්ෂණය යටතේ ඉදි කරවාගැනීමට අපේක්ෂා
    කරනවා නම් ඒ සඳහා ඉංජිනේරු උපදෙස් ඔබට ලබා දෙන්නත් නර්ඩ් ආයතනය බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඔබට තියෙන්නේ ජාඇළ පිහිටි නර්ඩ් ආයතනයට ගිහින් ඔවුන් සමග කතාබහ කිරීම පමණයි. මේ විතරක් නෙමෙයි නර්ඩ් ආයතනයේ විද්යුත් සහ විදුලි ඉංජිනේරු ඒකකය මගින් මේ රටට තිළිණ කර ඇති දේ බොහෝමයි. යන්ත්රෝපකරණ
    රාශියක්ද ඒ අතරට ඇතුළත්. සමස්ත බල ශක්තිය ඉතිරි කරන පිරිමැසුම්දායක ක්රම බලශක්ති කළමනාකරණය, පුරෝකථන සහ පරීක්ෂණ කටයුතුද ඔවුන් සිදු කරනවා. ඒ බලශක්ති සහ
    පරිසර ඉංජිනේරු අංශයෙන්. කෘෂි සහ පශු අස්වනු ඉංජිනේරු අංශයත් කෘෂිකාර්මික රටක් වන
    අපේ රටේ ඉදිරි ගමනට ඇවැසි වන බොහෝ නවෝත්පාදන සිදු කර ඇති සහ සිදු කරමින් පවතින අංශයක්.
    නර්ඩ් ආයතනයට ගියාම එහි කාර්යාල අංශය විතරක් නොවෙයි; ප්රදර්ශන අංශයත් දැක-බලාගන්න හැකියාව ලැබෙනවා. මේ ප්රදර්ශන අංශයේ තිබෙන නොයෙක් ප්රදර්ශන
    භාණ්ඩ අතරේ ඇවිද ගියාම නර්ඩ් ආයතනය ගැන සරල අදහසක් ඇති කරගන්න හරිම ලේසියි. ඒ විතරක් නොවෙයි; දූදරුවන්ට මේ ප්රදර්ශන භාණ්ඩ පෙන්වීමෙන් ඔවුන්ට තමන්ගේ අනාගතය
    ගැන ඉලක්කයක් ඇති කරගන්න අදහසක් ලබා දෙන්නත් හැකියාව ලැබේවි.
    මේ අංශයේ එක් ප්රදේශයක සම්පූර්ණයෙන් ඉදි කෙරුණු නවීන නිවහනක්.
    මේ නිවහන ඉදි කරලා තියෙන්නේ නර්ඩ් තාක්ෂණය සම්පූර්ණයෙන් භාවිත කරමින්. ඒ විතරක් නොවෙයි; ප්රදර්ශන භූමියේ තවත් කෙළවරක පොල්තෙල් හිඳින යන්ත්රයක්. තවත් කෙළවරක ජෛව ස්කන්ධවලින් ක්රියාත්මක බේකරි උදුන්. එහි තවත් පසෙක තියෙන විජලන යන්ත්ර. මේ යන්ත්ර මගින් එළවුළු සහ පලතුරු වියළීමට හැකියි. එහෙත් මේ යන්ත්ර සාමාන්යයෙන් ඒ සඳහා භාවිත කරන යන්ත්රවලට සාපේක්ෂව මිලෙන් ඉතා අඩුයි. එහෙමත් නැත් නම්
    එකවර යෙදිය හැකි ධාරිතාව විශාලයි. යෝගට් නිපදවීමේ කර්මාන්තයක් ආරම්භ කිරීමට ඔබට අවශ්ය නම් රුපියල් 30,000ක මුදලකට යෝගට් ඉන්කියුබේටරයක් මිල දී ගැනීමට පුළුවන්.
    පාර දිගට විකුණන්න තියෙන පෙති කපලා තෙලෙන් බැදපු මඤ්ඤෝක්කා කන්න කවුරුත් ආසයි. ඒ නිසාම ඔබට හිතෙනවා නම් එවැනි ව්යාපාරයක් කරන්න, රුපියල්
    35,000කට ඒ සඳහාම නිපදවා ඇති මඤ්ඤොක්කා පෙති කපන යන්ත්රයක් මිල දී ගත හැකියි. මේ යන්ත්රයේ ඇති සුවිශේෂත්වය වෙන්නේ එය පැයකට කිලෝග්රෑම් 100ක මඤ්ඤොක්කා පෙති කැපීමට සමත් වීමයි. ආයුරේවේද වෛද්ය ක්රමයේදී භාවිත කෙරෙන බෙහෙත් වර්ග
    පහසුවෙන් නිපදවාගැනීමට හැකි යන්ත්ර, කුරුඳු වගාකරුවන්ට පහසුකම් සපයන එමෙන්ම ලාබ ලබාදෙන කුරුඳු තෙල් හිඳින යන්ත්ර අතර විශේෂයෙන්ම සඳහන් කළ යුතු පිරිසුදු පොල් තෙල්
    ලබාගත හැකි යන්ත්රයත් ගෘහස්ථව භාවිතයට ඉතා යෝග්ය බව මෙහිදී සඳහන් කළ යුතුමයි.
    මේ සඳහන් කර ඇත්තේ නර්ඩ් ආයතනයෙන් දැනට සිදු කර ඇති පර්යේෂණ සහ එහි ප්රතිඵල සම්බන්ධව පමණයි. මේ ගෙවී යන මොහොත වන විටත් නර්ඩ් ඉංජිනේරුවන් අපේ රටේ ජනතාව වෙනුවෙන් තවතවත් පර්යේෂණ රාශියක නිරත වෙමින් සිටිනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව ඒ
    නවොත්පාදන මගින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමයි. ජලජ පැළෑටි ඉවත් කිරීමේ ක්රම, උළු කර්මාන්තයේ යෙදෙන්නන්ට උළු වියළීමේ තාක්ෂණික ක්රම, කෘෂි කර්මාන්ත ඉංජිනේරු අංශයෙන් පොල් ලෙලි ගහන යන්ත්ර, පෝර දැමීමේ යන්ත්ර ඉදිරියේදී අපේ රටේ ජනතාව වෙත තිළිණ වීමට නියමිතයි.
    නර්ඩ් සභාපතිතුමා අවධාරණය කරන අන්දමට නර්ඩ් ආයතනයේ ප්රධාන කාර්යයන් දෙකක් සිදු කිරීමට බැඳී සිටිනවා. ඒ අතරින් එක දෙයක් තමයි තව තාක්ෂණය සොයා පර්යේෂණ පැවැත්වීම. ඒ ගැන තමයි අපි මෙතෙක් වෙලා කතා කළේ.
    දෙවැනි කාරණය තමයි එසේ සිදු කරන පර්යේෂණවල ප්රතිඵල සේවාවක් ලෙස ජනතාවට ලබා දීම. අන්න එතනදී තමයි ජනතාව දැනුම්වත් වෙන්න අවශ්ය වන්නේ නර්ඩ් අායතනය ගැන.
    නර්ඩ් ආයතනය වැඩියෙන්ම උදවු කරන්නේ පොඩි මිනිස්සුන්ට. විශේෂයෙන්ම නර්ඩ් ආයතනයේ එකොළොස්වැනි සභාපතිවරයා ලෙස වර්තමානයේ එහි සේවය කරන ශවේන්ද්රනාත් ප්රනාන්දු
    මහතාත් එහි අධ්යක්ෂ ජනරාල් ආනන්දනාම මහතාත් පැහැදිලිව අපේ රටේ මහජනතාවට කියන්නේ නර්ඩ් ආයතනයට ඇවිත් එහි කාර්යභාරය ගැන දැනුම්වත් වී, එයින්
    තාක්ෂණික දැනුම ලබාගෙන සාර්ථක ස්වයං රැකියා නියුක්තිකයකු වන ලෙසයි.



    National Engineering Research and Development Centre of Sri Lanka.
    2P/17B, IDB Industrial Estate, Ekala,
    Ja-Ela , Sri Lanka.
    011-2236284 / 011-2236384 / 011-2236307
    011-5354597 / E-mail Address [email protected]
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    මාත් පොඩි කාලේ ගියා ඕක බලන්න.
    රටේ මේ වගේ දෙයක් ට්ජියෙන එක ගැන මාර සතුටුයි. හුග දෙනෙක් දන්නේ නෑ NERD එක ගැන
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    මාත් පොඩි කාලේ ගියා ඕක බලන්න.
    රටේ මේ වගේ දෙයක් ට්ජියෙන එක ගැන මාර සතුටුයි. හුග දෙනෙක් දන්නේ නෑ NERD එක ගැන

    මමත් යන්න හිතාගෙන ඉන්නවා, කාලෙක ඉදන්. :(:(
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අවුරුදු හයකට විතර කලින් නර්ඩ් එක බලන්ට ගියා
    සිරාවටම නියමම තැනක් අපේ ඉගෙනගන්න ළමයින්ට ගොඩක් දේවල් දැනගන්ට හැකි.
    මේ දේවල් තව අපෙ රටෙ මිනිස්සු අතරට යා යුතුයි!
    ජය
     
    • Like
    Reactions: ElaBaba

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අවුරුදු හයකට විතර කලින් නර්ඩ් එක බලන්ට ගියා
    සිරාවටම නියමම තැනක් අපේ ඉගෙනගන්න ළමයින්ට ගොඩක් දේවල් දැනගන්ට හැකි.
    මේ දේවල් තව අපෙ රටෙ මිනිස්සු අතරට යා යුතුයි!
    ජය
    :shocked:
    What is so much interesting thing NERD have? :confused:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අවුරුදු හයකට විතර කලින් නර්ඩ් එක බලන්ට ගියා
    සිරාවටම නියමම තැනක් අපේ ඉගෙනගන්න ළමයින්ට ගොඩක් දේවල් දැනගන්ට හැකි.
    මේ දේවල් තව අපෙ රටෙ මිනිස්සු අතරට යා යුතුයි!
    ජය

    :yes::yes: