NAS සවර් ද cloud ද

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    හැමොගෙම අවශ්‍යතාවය එක වගේ නෙවෙයිනෙ බන්. හාඩ් ඩිස්ක් එකකට ඩේටා දාලා නිකන්ම අවුරුදු මාස ගානක් තියන එකයි, ඒක නිතරම access කරන එකයි වෙනස්. නිතරම access කරනවනම් ඒක Hot storage විදියට ගන්නවා, අවුරුදු ගානක් එහෙම්මම තියනවනම් cold storage විදියට ගන්නවා.

    හාඩ් එකක් නිකන්ම ඉන්ටනෙට් එකට ගහන්න බෑනෙ. ඒකට server resources ඕනෙ, bandwidth, electricity, software, maintenance ඕනෙ. ඉතින් නිතර නිතර access කරනකොට ඕවට වියදම යනව. user කොයි වෙලේ access කරයිද කියල දන්නෙ නැති හින්දා ඒක on එකේම තියන්න වෙනව. ඒකයි hot storage වල ගාන වැඩි. ඕනෙ වෙලාවක access කරන්න පුලුවන්. හැබැයි hard disk එකට දාලා ඒක ගලවලා cold storage විදියට අරන් තිබ්බොත් server resources, bandwidth, electricity, software, maintenance ඕනෙ වෙන්නෙ නෑ. හැබැයි ඕනෙ වෙලාවට access කරන්න බෑ. ඒක ආපහු ප්ලග් කරලා access කරන්න හදාගන්න කාලයක් යනවා.

    උදාහරණෙකට portable hard disk එකක් ගන්න. ඒකට මොනව හරි දාලා අවුරුද්දක් තිස්සේ ගලවලා අරන් තියන්න පුලුවන්. කිසි වියදමක් යන්නෙ නෑ. ඒක ආරක්ෂිතව තැන්පත් කරල තියන්න විතරයි ඕනෙ. හැබැයි ඒකෙ තියන දේවල් අවුරුද්දක් පුරා ආපහු බලනවනම්, වෙනස් කරනවනම් ඒකට කම්පියුටර් එක ඔන් කරල තියෙන්න ඕනෙ. කරන්ට් එක යනවා. කම්පියුටර් එකේ maintenance කරන්න ඕනෙ. ඒ විදියට තමයි ගනන් වෙනස් වෙන්නෙ
    හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබ තුමාට (y)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,440
    113
    මොකක්ද මචන් මේ?

    අයිපීටොරන්ට්ස් වගේ තව ප්‍රයිවට් ටොරන්ට් සයිට්ස් තියෙනවා. ජොයින් වෙන්න ඉන්විටේශන් එකක් ඕනේ. රෙජිස්ට උනාම සර්ච් කරල කැමති දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

    යූස්නෙට්, පිටරටවල් වල ස්ටෝ කරපු ඩේටා අපිට ඇක්සස් කරන්න ලැබෙනවා. ඒක ගන්න පොඩි ගානක් ගෙවන්න ඕන.

    වැඩි විස්තර
    /r/OpenSignups
    /r/usenet