NASA හී යකඩ ගැහැණිය " Dana Bolles "
ලෝකයේ සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිත කතාව එකිනෙකට වෙනස් වගේම එකිනෙකාට ආවේනිකද වෙනවා. සමාජයේ සම්මත වී ඇති ආකාරයන්ට අනුව මිනිසෙක් ජීවිතය තුල සාර්ථකත්වයට පත්වීමත් එවැනිම තවත් මිනිසෙක් තම ජීවිතය තුල අසාර්ථකත්වයට පත්වීමත් සිදුවෙනවා. මිනිසෙකුගේ ජීවිතය තුල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය නිරූපණය වීම කෙරෙහි හේතු වන්නේ එම පුද්ගලයාගේ ක්රියාකලාපයයි. මිනිසෙක් අලසවිම තුල, නිවැරදි අරමුණක රැඳී නොසිටීම තුල, අධිෂ්ඨානශීලි නොවීම තුල වැනි කාරනා හේතුවෙන් යම් කිසි පුද්ගලයෙකුට තමන් බලාපොරොත්තු වෙන ආකාරයේ හොඳ ප්‍රතිපල ලබාගැනීමේ අවස්ථාව අහිමි වී යනවා. එමෙන්ම අවාසනාවන්ත ලෙස උපතේදීම රෝගී හෝ ශරීරාංග අහිමිව උපත ලබන බොහෝ මිනිසුන් හටද තම අභිලාශයන් ඉටුකරගැනීම මුළු ජීවිත කාලය පුරාවටම හීනයක් බවට පත් වන්නේ සාමාන්‍ය නිරෝගී මිනිසෙකුටත් වඩා ඔවුන් ශාරීරිකවත් බොහෝ සෙයින් අසරණභාවයට පත්ව ඇති හෙයිනි.
නමුත් ලෝකය තුල සාමාන්‍ය සොභාවය මේ විදියට දකින්නට ලැබුනත් මෙය නියතයක් නොවන්නේ එලෙස ශාරීරිකවත් දැඩි ලෙස අසරණභාවයට පත්ව ඇති මිනිසුන්ද ලෝකයේ සාමාන්‍ය නිරෝගී මිනිසුන්ගේ ජීවිත වලටත් වඩා ඉතා ඉහල විශිටත්වයන්ට පත්වී ඇති ආකාරයේ උදාහරණයන් ලෝකයේ නන්දෙසින් ඇසෙන්නට දකින්නට ලැබෙන නිසාවෙනි. එලෙස විශිෂ්ඨත්වයට පත් මිනිසුන් ලෝකය තුල වඩා දිදුලන චරිත බවට පත් වෙමින් කියාදෙනු ලබන පාඩම් සාර්ථකත්වය කරා ලඟා වෙන මිනිසුන් හට කදිම උත්තේජනයන් සපයනවා.
Dana Bolles නම් වූ ඇයද තම උපතින්ම හිමි වූ දෙපා සහ දෑත් අහිමි ශරීරය බාධාවක් කර නොගෙන ලොව විශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වයට පත් චරිතයක් බවට පත්වන්නේ නොපසුබස්නා උත්සාහයත් කැපවීමත් තිබෙන තැන කුමන ආකාරයේ බාධාවක් පැමිණියද තම ඉලක්ක කරා ජයග්‍රාහී ලෙස ගමන් කිරීමේ හැකියාව තිබෙන බව මනාව පසක් කර දෙමින්.
උපතින්ම දෑත් සහ දෙපා අහිමි Dana Bolles තම අධ්‍යාපන කටයුතු සඳහා University of California, Santa Cruz ගත කල අවුරුදු දෙකෙන් පසුව තම උපාධිය කිරීම සඳහා ඇතුල් වන්නේ California State University-Long Beach වෙතයි. එහිදී තම ප්‍රථම උපාධිය විද්‍යාවේදී උපාධියක් ලෙස Mechanical Engineering අංශයෙන් හිමිකර ගන්න අතර San Francisco State University මඟින් තම පශ්චාත් උපාධිය Rehabilitation Engineering and Technology සඳහා හිමිකරගනු ලබයි.
පසුව ඇය විසින් අත්පත් කරගෙන තිබු අධ්‍යාපනික දැනුම් පසුබ්ම මත ඇගේ අබාධිත තත්වයද නොසලකමින් NASA ආයතනයේම තම පළමු රැකියාව ලබන්න තරම් ඇය වාසනාවන්ත වෙනවා. Payload and Industrial Safety Engineer ලෙස NASA's Kennedy Space Center හී අවුරුදු 2යි මාස 10 ක කාලයක් ඇය සේවය කරමින් අභ්‍යවකාශ යානා සඳහා සුදුසු වන අන්දමේ payload ( යානයේ අභ්‍යවකාශයට රැගෙනයාමට සුදුසු භාණ්ඩ වල බර සහ මඟින් ප්‍රමාණය ) තක්සේරු කිරීම් වල නිරත වෙන අතර විවිධ වූ ආරක්ෂණ සේවාවන් සඳහාද ඇයගේ දායකත්වය දක්වන ලදී. ඉන්පසුව Safety Engineer වරියක් ලෙස NASA Goddard Space Flight Center හි කටයුතු කිරීම කෙටි කාලයක් ඇය විසින් සිදු කරනු ලබන අතර වර්තමානයේදී තම රැකියා කටයුතු සිදු කරන NASA හී Ames Research Center වෙත අනුයුක්ත වන්නේ 1999 වර්ෂයේදීයි.
1999 වර්ෂයේ සිට 2007 වර්ෂය දක්වා කාලය Dana විසින් NASA හි පාරිසරික අනුකූලතා සම්බන්ධ විශේෂඥවරියක් ( environmental compliance specialist ) ලෙස කටයුතු කරන අතර එහිදී ඇය පෘතුවිය මත ජිවය ආරක්ෂා කිරීම උදෙසා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතීන් රාශියකට තම දායකත්වය ලබා දී තිබෙනවා.. ඒ අතර වායුවේ ගුණාත්මක භාවය , කාර්මික අපජලය , විෂ වායුන් සම්බන්ධව , ගොඩබිම පිහිට තිබෙන විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකි සම්බන්ධව , අහිතකර රසායනිකයන් පැතිරීම වැලැක්වීම (spill prevention ) පාරිසරික රෙගුලාසි වලට අනුකූල වන ලෙස වාතය හෝ ජලය දූෂණය විය හැකි සියළු උපකරණ සහ ක්‍රියාවලින් නැවත්වීම සඳහාද කටයුතු කල අතර මෙම පාරිසරික සේවාවන් සපයන්නට බලාපොරොත්තුවන පුද්ගලයන් හට හෝ ආයතනයන් සඳහා උපදේශන සේවාව ලබා දීමද සිදු කරන ලදී.
2008 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා කාලය තුල ඇය NASA හි දේශනයන් සඳහා දේශකවරුන් සම්බන්ධිකරණ කටයුතු වලද නිරතව තිබෙනවා. 2009 සිට 2016 කාලසීමාව තුල Human Research වැඩසටහනෙහි අවධානම් සහ ක්‍රියාවලි කළමනාකාරිනිය ලෙස ( Risk & Process Manager ) අභ්‍යවකාශය තුල ජීව විද්‍යාත්මක පර්යේෂණයන්ට හා ඒ හා සම්බන්ධ අභ්‍යවකාශ යානා වැඩසටහන් සහ ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය තාක්ෂණික සම්පත් කළමනාකරණ සහ ඒවා අධීක්ෂණය තුලින් සහය ලබා දී තිබෙනවා. 2016 වර්ෂයේ සිට වර්තමානය දක්වා ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි Payload Logistics Lead ලෙස ක්‍රියාකාරිව රාජකාරියේ නිරතව සිටියි.
තම රාජකාරි කටයුතු වල නිරත වීමේදී Dana Bolles හට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූවත් ඇය එම අභියෝගයන් හට සාර්ථකව මුහුණ දී තිබෙනවා. වරක් ඇය මෙසේ ප්‍රකාශ කර තිබෙනවා
වරක් ඇය සමඟ පැවැත් වූ පුවත්පත් සාකච්ඡවකදී ඇයගෙන් ඇගේ රාජකාරි ජීවිතය තුල ඇය මුහුණ දෙන අභියෝග මොනවාද යන්න යන ප්රශ්නය ඇසීමේදී ඇය පිළිතුරු දෙන්නේ ජිවිතයේ ලොකුම අභියෝගය ඇයට ඇයගේ ආබාධිත තත්වය අනෙක් අයගෙන් සැඟවීම කල නොහැකි බවත් ඇයව දකින පළමු වතාවෙන්ම සමහර මිනිසුන් ඇය දුර්වල වැඩක් කරගැනීමට නොහැකි පුද්ගලයෙකු ලෙස උපකල්පනය කරන බවත් ඇයට අනුකම්පාව දක්වන බවත් කියාසිටියි. මිනිසුන්ගෙන් අනුකම්පාව ලැබීම ඇය දකින්නේද කරදරයක් ලෙසයි.ඇය පැමිණ තිබෙන ගමන් මඟ තුල ඇයගේ ඇයගේ කැපවීම අධිෂ්ඨානය තුල ඇයට අනුකම්පා කිරීම ඇයට කරන අගෞරවයකි.
Dana Bolles ක්‍රියාකාරී සමාජ සේවිකාවක්ද වනවා. විශේෂයෙන්ම ලොව පුරා සිටින අබාධිත පුද්ගලයන්ගේ අනාගතය යහපත් තත්වයකට පත් කිරීමටත් ඔවුන්ව දිරිගැන්වීමටත් මෙහෙයවන වැඩසටහන් සම්බන්ධයෙන් ඇය ක්‍රියාකාරිව කටයුතු කරනවා. වරක් ඇය දින 3ක් සැතපුම් 60ක ගමනකින් පියයුරු පිළිකා වැලැක්වීම උදෙසා වූ අරමුදල් රැස්කිරීමේ වැඩසටහනකට තම දායකත්වය ලබා දී තිබෙනවා.තවත් විටෙක ඇය අබාධිත ළමුන් සඳහාම නිමවූ විශේෂිත අධ්‍යාපනික CD - ROM එකක් නිර්මාණය කිරීම සඳහාද ඇයගේ දායකත්වය ලබාදී තිබෙනවා.
ඇයගේ ජීවිතය තුල ඇය ලෝකයේ මිනිසුන්ට උත්සහවන්තභාවයේ ප්‍රතිමුර්තයක් වී හමාරයි. මිනිසෙකුට තම උත්සාහය කැපවීම ඇත්නම් ලොව කල නොහැකි දෙයක් නැතයි යන්න ඔප්පු කල විශිෂ්ට චරිතයක් ලෙස ඇය හැඳින්විය හැක. තවද ඇය ඇගේ ජීවිතය තුල වඩාත් සතුටට පත්වන කාරණයක් ලෙස සඳහන් කරන්නේ යම් අයෙක් තම ජීවිතය තුල කරදරයකට පත්ව සිටින අවස්ථාවකදී එම තැනැත්තාට තමන්ට හැකි අයුරින් උදව් කිරීමට ලැබීම තමන් වඩාත් සතුටට පත් කරන බවයි.
අහම්බෙන් දැක්කේ මැය ගැන විස්තර.. ඉතින් හොයලා ලියන්න හිතුනා..

මොකද පට්ටම චරිතයක් 

අඩුපාඩු ඇති..හොදයිනම් rep පාරකුත් දෙන්න 

මුලාශ්‍රයන් : -
https://oeop.larc.nasa.gov/special-emphasis-programs/hep/lwon/lwonbios/arc-dbolles/
https://www.nasa.gov/centers/ames/news/releases/2003/03_93AR.html
https://www.linkedin.com/in/dana-bolles-a0140b11/
https://infouse.com/planemath/activities/timeflies/timecareer.html
NASA හී යකඩ ගැහැණිය " Dana Bolles "
ලෝකයේ සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිත කතාව එකිනෙකට වෙනස් වගේම එකිනෙකාට ආවේනිකද වෙනවා. සමාජයේ සම්මත වී ඇති ආකාරයන්ට අනුව මිනිසෙක් ජීවිතය තුල සාර්ථකත්වයට පත්වීමත් එවැනිම තවත් මිනිසෙක් තම ජීවිතය තුල අසාර්ථකත්වයට පත්වීමත් සිදුවෙනවා. මිනිසෙකුගේ ජීවිතය තුල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය නිරූපණය වීම කෙරෙහි හේතු වන්නේ එම පුද්ගලයාගේ ක්රියාකලාපයයි. මිනිසෙක් අලසවිම තුල, නිවැරදි අරමුණක රැඳී නොසිටීම තුල, අධිෂ්ඨානශීලි නොවීම තුල වැනි කාරනා හේතුවෙන් යම් කිසි පුද්ගලයෙකුට තමන් බලාපොරොත්තු වෙන ආකාරයේ හොඳ ප්‍රතිපල ලබාගැනීමේ අවස්ථාව අහිමි වී යනවා. එමෙන්ම අවාසනාවන්ත ලෙස උපතේදීම රෝගී හෝ ශරීරාංග අහිමිව උපත ලබන බොහෝ මිනිසුන් හටද තම අභිලාශයන් ඉටුකරගැනීම මුළු ජීවිත කාලය පුරාවටම හීනයක් බවට පත් වන්නේ සාමාන්‍ය නිරෝගී මිනිසෙකුටත් වඩා ඔවුන් ශාරීරිකවත් බොහෝ සෙයින් අසරණභාවයට පත්ව ඇති හෙයිනි.
නමුත් ලෝකය තුල සාමාන්‍ය සොභාවය මේ විදියට දකින්නට ලැබුනත් මෙය නියතයක් නොවන්නේ එලෙස ශාරීරිකවත් දැඩි ලෙස අසරණභාවයට පත්ව ඇති මිනිසුන්ද ලෝකයේ සාමාන්‍ය නිරෝගී මිනිසුන්ගේ ජීවිත වලටත් වඩා ඉතා ඉහල විශිටත්වයන්ට පත්වී ඇති ආකාරයේ උදාහරණයන් ලෝකයේ නන්දෙසින් ඇසෙන්නට දකින්නට ලැබෙන නිසාවෙනි. එලෙස විශිෂ්ඨත්වයට පත් මිනිසුන් ලෝකය තුල වඩා දිදුලන චරිත බවට පත් වෙමින් කියාදෙනු ලබන පාඩම් සාර්ථකත්වය කරා ලඟා වෙන මිනිසුන් හට කදිම උත්තේජනයන් සපයනවා.
Dana Bolles නම් වූ ඇයද තම උපතින්ම හිමි වූ දෙපා සහ දෑත් අහිමි ශරීරය බාධාවක් කර නොගෙන ලොව විශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වයට පත් චරිතයක් බවට පත්වන්නේ නොපසුබස්නා උත්සාහයත් කැපවීමත් තිබෙන තැන කුමන ආකාරයේ බාධාවක් පැමිණියද තම ඉලක්ක කරා ජයග්‍රාහී ලෙස ගමන් කිරීමේ හැකියාව තිබෙන බව මනාව පසක් කර දෙමින්.
උපතින්ම දෑත් සහ දෙපා අහිමි Dana Bolles තම අධ්‍යාපන කටයුතු සඳහා University of California, Santa Cruz ගත කල අවුරුදු දෙකෙන් පසුව තම උපාධිය කිරීම සඳහා ඇතුල් වන්නේ California State University-Long Beach වෙතයි. එහිදී තම ප්‍රථම උපාධිය විද්‍යාවේදී උපාධියක් ලෙස Mechanical Engineering අංශයෙන් හිමිකර ගන්න අතර San Francisco State University මඟින් තම පශ්චාත් උපාධිය Rehabilitation Engineering and Technology සඳහා හිමිකරගනු ලබයි.
පසුව ඇය විසින් අත්පත් කරගෙන තිබු අධ්‍යාපනික දැනුම් පසුබ්ම මත ඇගේ අබාධිත තත්වයද නොසලකමින් NASA ආයතනයේම තම පළමු රැකියාව ලබන්න තරම් ඇය වාසනාවන්ත වෙනවා. Payload and Industrial Safety Engineer ලෙස NASA's Kennedy Space Center හී අවුරුදු 2යි මාස 10 ක කාලයක් ඇය සේවය කරමින් අභ්‍යවකාශ යානා සඳහා සුදුසු වන අන්දමේ payload ( යානයේ අභ්‍යවකාශයට රැගෙනයාමට සුදුසු භාණ්ඩ වල බර සහ මඟින් ප්‍රමාණය ) තක්සේරු කිරීම් වල නිරත වෙන අතර විවිධ වූ ආරක්ෂණ සේවාවන් සඳහාද ඇයගේ දායකත්වය දක්වන ලදී. ඉන්පසුව Safety Engineer වරියක් ලෙස NASA Goddard Space Flight Center හි කටයුතු කිරීම කෙටි කාලයක් ඇය විසින් සිදු කරනු ලබන අතර වර්තමානයේදී තම රැකියා කටයුතු සිදු කරන NASA හී Ames Research Center වෙත අනුයුක්ත වන්නේ 1999 වර්ෂයේදීයි.
2008 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා කාලය තුල ඇය NASA හි දේශනයන් සඳහා දේශකවරුන් සම්බන්ධිකරණ කටයුතු වලද නිරතව තිබෙනවා. 2009 සිට 2016 කාලසීමාව තුල Human Research වැඩසටහනෙහි අවධානම් සහ ක්‍රියාවලි කළමනාකාරිනිය ලෙස ( Risk & Process Manager ) අභ්‍යවකාශය තුල ජීව විද්‍යාත්මක පර්යේෂණයන්ට හා ඒ හා සම්බන්ධ අභ්‍යවකාශ යානා වැඩසටහන් සහ ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය තාක්ෂණික සම්පත් කළමනාකරණ සහ ඒවා අධීක්ෂණය තුලින් සහය ලබා දී තිබෙනවා. 2016 වර්ෂයේ සිට වර්තමානය දක්වා ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි Payload Logistics Lead ලෙස ක්‍රියාකාරිව රාජකාරියේ නිරතව සිටියි.
තම රාජකාරි කටයුතු වල නිරත වීමේදී Dana Bolles හට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූවත් ඇය එම අභියෝගයන් හට සාර්ථකව මුහුණ දී තිබෙනවා. වරක් ඇය මෙසේ ප්‍රකාශ කර තිබෙනවා
" අපගේ ජීවිතය තුල සිදුවන සෑම සිදුවීමක්ම සැමවිටම පාලනය කිරීමේ හැකියාවක් අප හට නොමැත. නමුත් එලෙස අප මුහුණ දෙන විවිධාකාර සිදුවීම් වලට මුහුණ දීමේ ආකාරය තීරණය කිරීමේ හැකියාවක් අප සතුව ඇත. මට ඉතා පහසුවෙන් මගේ ජීවිතය තුල කිසිවක් නොකර සිටීමට තීරණය කිරීමේ හැකියාව තිබුනා. මිනිසුන්ටද ඒ වෙනුවෙන් නිදහසට කාරණා පැවසීමේ හැකියාවද තිබුනා. නමුත් ලෝකය තුල මෙතරම් අවස්ථාවන් තිබියදීත්, විශ්මයජනක ජීවිතයක් ගත කිරීමේ හැකියාව තිබියදීත් ඇයි මගේ ජීවිතය මම විසින් ඉතා කනගාටුදායක තත්වයකට පත් කරගනු ලබන්නේ ? "