National Geographic 2012 ඡායාරූප තරඟාවලියෙන් ජයග්‍රහණය ලැබූ &#35

Jul 10, 2011
5,011
473
0
National Geographic 2012 ඡායාරූප තරඟාවලියෙන් ජයග්‍රහණය ලැබූ &#35



National Geographic 2012 තරඟාවලිය සඳහා රටවල් 150 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඡායාරූප 22,000 ටත් වඩා ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරින් මුල් ජායාරුප 14 සඳහා ලංකාවේ ජායාරූපයක්ද තේරී තිබේ.


ඡායාරූපයේ නිර්මාණ කුසලතාවය හා ප්‍රමිතිය අනුව ප්‍රවීන විනිසුරු මඬුල්ලකගේ තීරණය අනුව nature, people, places යන යන අංශ තුනෙන් ජයග්‍රහණය ලැබූ ඡායාරූප මෙහි දක්වා තිබේ.

ආධුනික හා වෘත්තිමය ඡායාරූපකරුවන් ඉදිරිපත්වූ මේ සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව, ඇලස්කාව, අයිස්ලන්තය, ඇමෙරිකාව, කේන්යාව, ශ්‍රී ලංකාව, චීනය, නොර්වේ, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, කැනඩාව වැනි රටවල සිට ලබාගත් ඡායාරූප මෙම තරඟාවලියේ ජයග්‍රහණය ලබා ඇත.

Nature
ඡායාරූප අංක 1 - සමස්ත ඡායාරූප තරඟාවලියේ ජයග්‍රහණය සහ පරිසර (nature) අංශයේ ජයග්‍රාහී ඡායාරූපය ලෙස මෙය තෝරාගෙන ඇත. Busaba නමින් හඳුන්වා ඇති මෙම ඡායාරූපයෙන් ඉන්දුචීන (ගිනිකොණ දිග ආසියා) ව්‍යාඝ‍්‍ර දේනුවක් නිරූපණය වේ. තායිලන්තයේ Khao Kheow සත්ව උද්‍යානයේදී ඡායාරූප ගතකරන ලද්දකි.
(ස්ථානය - Khao Kheow Open Zoo, Chonburi, Thailand.)



ඡායාරූප අංක 2 -
විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා එකට රොක්වී පීනන මාළුන් රෑනකට මැදිවූ තනි මාළුවෙකු මෙම ඡායාරූපයෙන් නිරූපණය වේ.
(ස්ථානය - Komodo, Indonesia)



ඡායාරූප අංක 3 -
ඇලස්කානු දුඹුරු වලසෙකු දඩයම් කරුවන් ගමන් කරන මාර්ගයක් හාරන ආකාරය මෙම ඡායාරූපයෙන් නිරූපණය වේ.
(ස්ථානය - Bear Creek, Lake Aleknagik, Alaska.)



ඡායාරූප අංක 4 -
අයිස්ලන්ත වෙරළේ කැබලිව තිබූ අයිස් කැබලි සෙදී ගොස් එක් අයිස් කැබැල්ලක් ඉතිරිව ඇති ආකාරය මෙම ඡායාරූපයෙන් නිරූපණය වේ.
(ස්ථානය - Iceland's eastern coast.)



ඡායාරූප අංක 5 -
ඇමෙරිකා එක්සත් ජනපදයේ Wyoming ප්‍රාන්තයේ අඩි 2ක් ඝන අයිස් පෘෂ්ඨය යට සිටින මීයෙකු ගොදුරු කරගැනීමට උත්සහකරන නරියෙකු මෙම ඡායාරූපයෙන් නිරූපණය වේ. (ස්ථානය - Squaw Creek, Park Country, Wyoming.)



ඡායාරූප අංක 6 -
ජනතාවගේ මනාපය අනුව පරිසර(nature) අංශයේ ජයග්‍රාහී ඡායාරූපයලෙස මෙය නම් කර ඇත.කෙන්යාවේ Masai mara ජාතික රක්‍ෂිතයේ දී ඡායාරූපගතකල මෙම ඡායාරූපයෙන් නිරූපණය වන්නේ ගැහැණු චීටාවෙකු තම පැටවා සමඟ සිටින ආකාරයයි. (ස්ථානය - Masai mara National Reserve , Kenya.)



People
ඡායාරූප අංක 7 -

සමස්ත ඡායාරූප තරඟාවලියේ ජනතා (people) අංශයේ ජයග්‍රාහී ඡායාරූපය ලෙස මෙය නම් කර ඇත. ඉතා සංවේදී ඡායාරූපයක් වන මෙයින් නිරූපණයවන්නේ කසල ගොඩකින් තමනට අවැසි දෑ එකතුකර ගන්නා ගැහැණුන් දෙදෙනෙකි. කෙන්යාවේ Dandora නගරයේ මෙවැනි දසුන් සුලබව දක්නට ලැබේ. පසුපසින් ඌරන් කිහිප දෙනෙකු දක්නට ලැබේ. (ස්ථානය - Dandora, Kenya)



ඡායාරූප අංක 8 -
ඉන්දුනීසියාවේ Yayasan Galuh පුනුරුත්ථාපන මධ්‍යස්ථානය. මානසික රෝගීන් 250 දෙනෙකු පමණ සිටින මෙම ගොඩනැගිල්ලේ සිටින සමහර රෝගීන් දිළිඳු පවුල්වල සිට පැමිණි අයවේ. යනෙන මං නැතිව පාරවල් වල තනියමසිටි මොවුන් එරට පොලිසිය විසින් අල්ලාගෙන රැගෙනවිත් තිබේ. දම්වැල් වලින් ගැටගසා ඇත්තේ මොවුන් පැනයාමට ඉඩ ඇති බැවිනි . (ස්ථානය - Bekasi, Indonesia)





ඡායාරූප අංක 9 -
ශ්‍රී ලංකාවට පමණක් ආවේනික මෙම මාළුබෑමේ ක්‍රමයෙදී හරස් පොල්ලක් දිග ලී කණුවක ගැටගසා ඇතිඅතර එම ලී කණුව මුහුද යට හිරිගල් පර සමඟ සිරකොට ඇත. ඔවුන් කෙතරම් අස්ථාවර තත්වයක සිටීද යන්න ඔබට වැටහෙනු ඇත. (ස්ථානය - Midigama, Sri Lanka.)





ඡායාරූප අංක 10 -
Dragon boating හෙවත් මකර ඔරු පැදීම යනු පැරණි චීන ජාතිකයන් විසින් qu yuan (qu yuan යනු චීනයේ යුධ සමයේ ජීවත්වූ ප්‍රසිද්ධ කවියෙකි) මහතා සිහිවීම පිණිස පවත්වනු ලබන ප්‍රසිද්ධ උත්සව සැණකෙළි අංගයකි.
(ස්ථානය - Yanbu Town,Foshan City,Guangdong Province,P.R.CHINA)





ඡායාරූප අංක 11 -
ජනතාවගේ මනාපය අනුව ජනතා (people) අංශයේ ජයග්‍රාහී ඡායාරූපය. හිම ක්‍රීඩාවක් සඳහා ප්‍රවීන දේශ ගවේෂක Roald Amundsen සහ තරඟකරුවන් Hardangervidda කඳු වැටිය දෙසට යන අකාරය. ඔවුන් මෙම තරඟය ග්‍රීන් ලන්තය තරණය කිරීම සඳහා පෙර පුහුණුවක් ලෙස යොදාගෙන ඇත.
(ස්ථානය - Hardangervidda, Norway.)





Places
ඡායාරූප අංක 12 -
සමස්ත ඡායාරූප තරඟාවලියේ ස්ථාන (places) අංශයේ ජයග්‍රාහී ඡායාරූපය. මීටර් 4478 ක් උස Matterhorn කඳු වැටිය ඉතාලිය හා ස්විට්සර්ලන්තය වෙන්කෙරෙන මායිමේ පිහිටා තිබේ.
(ස්ථානය - Zermatt, Switzerland.)





ඡායාරූප අංක 13 -
ශීත ඍතුවේ එක් අඳුරු දිනයක ලෝක ප්‍රකට Eiffel කුළුන සහ ඒ අසල සිටින පුද්ගලයෙකු මෙම ඡායාරූපයෙන් නිරූපණය වේ.
(ස්ථානය - Paris, France)





ඡායාරූප අංක 14 -
ජනතාවගේ මනාපය අනුව ස්ථාන (places) අංශයේ ජයග්‍රාහී ඡායාරූපය. විශාල හිම තට්ටු වලින් කැබලි රැගෙනවිත් කුඩුකර පානීය ජලය සකසා ගැනීම කැනේඩියානු එස්කිමෝවරු විසින් නිතර කරනු ලබන කටයුත්තකි. එසේ හිම කුට්ටියක් රැගෙන ඒම මෙම ඡායාරූපයෙන් නිරූපණයවේ.
(ස්ථානය - Pond Inlet, Nunavut, Canada.)





උපුටා ගැනිම : අන්තර්ජාලය;)
 
Jul 10, 2011
5,011
473
0
monara.jpg



කොහමද මම ගත්තු ෆොටො එක? :P

 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරලුගොඩ මහතා;14247079 said:
    monara.jpg



    කොහමද මම ගත්තු ෆොටො එක? :P



    අපරාදෙ..උඹ කලින් මේ ෆොටෝ එක දැම්මනන් අර විනිශ්චමණ්ඩලේ අය උඹලගෙ ගෙදරට හොයාගෙන ඇවිත් උඹට හෙන ගානක් දීල කියයි ඡායාරෑප ක්ෂේත්‍රයට කරන උදව්වක් විදිහට වහාම ඒ ක්ෂේත්‍රෙයන් අයින් වෙන්න කියල...:lol::lol:
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    9.jpg


    Shutter Speed එක අඩු කරලා ගහල තියෙන්නේ, එකයි මීදුම වගේ පෙන්නේ..මිනිස්සු බොඳ වෙලා තියෙන්නෙත් එකයි..
     
    Jul 10, 2011
    5,011
    473
    0

    අපරාදෙ..උඹ කලින් මේ ෆොටෝ එක දැම්මනන් අර විනිශ්චමණ්ඩලේ අය උඹලගෙ ගෙදරට හොයාගෙන ඇවිත් උඹට හෙන ගානක් දීල කියයි ඡායාරෑප ක්ෂේත්‍රයට කරන උදව්වක් විදිහට වහාම ඒ ක්ෂේත්‍රෙයන් අයින් වෙන්න කියල...:lol::lol:

    :P
     

    Similar threads