1 ක්‍රමය-
මේක නම් ටිකක් ලේසියි වගේ.මම පහත දීලා තියෙන ඇඩ්‍රස් එක ස්ටාර්ට්-->රන් එකට ගිහිල්ලා එකේ මම දුන්න එක කොටලා එන්ටර් යතුර ඔබන්න.[මම දුන්න එක කොපි කරලා(කොපි කරා කියලා මම ලකුණු කපන්නේ නෑනේ ඒ හින්දා අවුලක් නෑ

) රන් එකට ගිහින් පේස්ට්(අලවන්න

) කරන්න.]
REG add HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System /v DisableTaskMgr /t REG_DWORD /d 0 /f
2 ක්‍රමය-
*ස්ටාර්ට්-->රන් එකට ගිහිල්ලා
Regedit.exe කියලා කොටලා එන්ටර් යතුර ඔබන්න.
*එතකොට වින්ඩෝස් වල රෙජිස්ට්‍රාර් කාර්යාලය

විවෘත වෙනවා.
*ඒක විවෘත උනාට පස්සේ මෙන්න මෙතනට යන්න.
HKEY_CURRENT_USER \ Software \ Microsoft \ Windows \ CurrentVersion \ Policies\ System
*ඔතන ඇති
DisableTaskMgr කියලා අගයක්.
*ඒක මකලා දාන්න.ඊට පස්සේ රෙජිස්ට්‍රාර් කාර්යාලය වහලා දාන්න.
3 ක්‍රමය-
*ස්ටාර්ට්-->රන් එකට ගිහිල්ලා gpedit.msc කියලා කොටලා එන්ටර් යතුර ඔබන්න.
*එතකොට ඔන්න පොලිසියක්ද මොකක්ද විවෘත වෙනවා කියන්නේ(පොලිස් කිව්වට බය වෙන්න එපා.
පොලිස්ම නෙවි.හික්ස්..)
*ඒක විවෘත උනාට පස්සේ මෙන්න මෙතනට යන්න.
User Configuration / Administrative Templates / System / Ctrl+Alt+Delete Options / Remove Task Manager
*එතන තියෙන
Remove Task Managerකියන එක විවෘත කරලා එකේ Disabled කියන විකල්පය තෝරන්න.
*ඊට පස්සේ ඉතින් ඇප්ලයි ඕකේ කරලා ඒක වහලා දාන්න.