NEED FOR SPEED : Bloodhound SSC

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    NEED FOR SPEED : Bloodhound SSC පැයට කිලෝමීටර් 1600ක වේගයෙන් යන සුපර්සොනික් කාරය




    1899දී බෙල්ජියම් ජාතික කැමිලි ජෙනැට්සි, පැයට කිලෝමීටර් 100 වේගසීමාව පසුකල හැකි කාර් රථයක් නිර්මාණය කල පලමුවැන්නා විය. ඊට වසර 98කට පසු, 1997දී මහා බ්‍රිතාන්‍යයේ නිර්මිත Thrust SSC නම්, ජෙට් එන්ජින් දෙකකින් බලගැන්වුනු කාරය, ශබ්දයේ වේගය ඉක්මවා ධාවනයවූ ලොව පලමුවැනි කාරය වූවා. එය පැයට කිලෝමීටර් 1300ක වේගයකින්, එනම් මක් 1ක වේගය පසුකරයමින්, පැයක් ඇතුලත ගමන්වාර දෙකක් අවසන් කරමින් ලෝකයේ ගොඩබිම වේගවත්ම වාහනය ලෙස ලෝකවාර්තාව තබා ගිනස් වාර්තාපොතට ඇතුලත්වූවා.


    මෙම ලෝකවාර්තාව තවමත් බිඳහෙලා නෑ. දැන්, ත්‍රස්ට් SSC කාරය නිර්මාණය කල බ්‍රිතාන්‍ය කණ්ඩායම හා එය පැදවූ බ්‍රිතාන්‍ය ගුවන්හමුදා ජෙට් නියමු ඇන්ඩි ග්‍රීන්, යලිත්වතාවක් එක්ව තිබෙන්නේ තමන් තැබූ කිලෝමීටර් 1300 වේග වාර්තාව බිඳහෙලා පැයට කිලෝමීටර් 1600ක වේගයකින්, එනම් පැයට සැතපුම් 1000ක වේගයකින් ගමන්කලහැකි කාරයක් නිමවීමටයි. මෙම නව ව්‍යාපෘතිය Bloodhound SSC ලෙස නම්කොට ඇති අතර බ්ලඩ්-හවුන්ඩ් SSC කාරයේ නිශ්පාදන කටයුතු දැන් ලහි ලහියේ අවසන් වෙමින් තිබෙනවා. පැයට කිලෝමීටර් 1600ක වේගය, ගුවනේදී එතරම් අභියෝගාත්මක නොවෙතත් ගොඩබිමේදී එවන් වේගයක් ලඟාකරගැනීම දැඩි තාක්ශණික අභියෝග හා පදවන නියමුවාට මරණීය අණතුරු සිදුකල හැකි භාරධූර කාර්යයක් වනවා.

    bloodhound-3.jpg


    Bloodhound SSC කාරයට කිලෝ මීටර් 1600ක වේගයක් ලඟාකරගන්නට බලය සපයන්නට ජෙට් එන්ජිමකින් පමණක් නොහැකිබව ගණනය කිරීම්වලදී හෙලිවුනා. ත්‍රස්ට් SSC කාරය ජෙට් එන්ජින් 2ක් උපයෝගී කරගත්තත් බල්ඩ්-හවුන්ඩ් SSC රථයට වඩා බලසම්පන්න එන්ජින් 2ක් යොදාගැනීමේ අදහස අතහැර දැමුනේ අධිවේගී ජෙට් එන්ජින් 2ක් හා එයට අවශ්‍ය ඉන්ධන මගින් ඇතිකරන අධික බර හමුවේ අවශ්‍ය වේගය ලඟාකරගැනීමට අපහසුබව පරිගණක ගණනයකිරීම් පෙන්වාදුන් පසුයි.


    ඒ වෙනුවට බ්ලඩ්-හවුන්ඩ් SSC රථයට අවශ්‍ය වේගය ලබාදීම සඳහා නූතන ප්‍රහාරක යානයක අධිබල ජෙට් එන්ජිමකුත්, අමතර ජවය සඳහා රොකට් මෝටරයකුත් බද්ධකරන ලද ජෙට්-රොකට් හයිබ්‍රිඩ් එන්ජිමක් යොදාගැනීමට තීරණය වුනා. ජෙට් එන්ජිම සඳහා බ්‍රිතාන්‍ය හා යුරෝපීය ගුවන්හමුදාවල ප්‍රධාන ප්‍රහාරක යානය වූ, යුරෝෆයිටර්-ටයිෆූන් යානාවල යොදාගැනෙන, රෝල්ස්-රොයිස් ජෙට් එන්ජින් සමාගම නිර්මාණය කල යුරෝජෙට් EJ200 මාදිලියේ ජෙට් එන්ජිමක් යොදාගැනෙන අතර, අමතර ජවය සඳහා එයටම බද්ධකල ඝණ/ද්‍රව ඉන්ධන දහණය කෙරෙන රොකට් එන්ජිමක් බද්ධකරනු ලබනවා. මෙම රොකට් එන්ජිමේ ඉන්ධන සඳහා ඝණ ඉන්ධණයක් හා ද්‍රව ඔක්සිකාරකයක් යොදාගැනෙනවා. ඝණ ඉන්ධණය ලෙස කෘත්‍රිම රබර් මිශ්‍රණයක් යොදාගැනෙන අතර, එය දහණය කිරීම සඳහා ඔක්සිකාරකයක් ලෙස පෙරොක්සයිඩ ඉන්ධනයක් යොදාගැනෙනවා. මෙම රොකට් එන්ජිමේ නිර්මාණ කටයුතු නෝර්වීජියානු මිසයිල නිර්මාණ සමාගමක් වන නැම්මෝ සමාගමට භාරකොට තිබෙනවා. එම ජෙට්-රොකට් හයිබ්‍රිඩ් එන්ජිම මගින් අශ්වබල 135,000ක සුපිරි ජවයක් ජනනයවනු ඇතැයි පරිගණක ගණනයකිරීම් පෙන්වාදී තිබෙනවා.

    BLOODHOUND_SSC_Poster_Side_Front_Page_Jan2015_0.jpg


    Bloodhound SSC රථය නිසල බවේ සිට, පැයට කිලෝමීටර් 500ක වේගය දක්වා ත්වරණය කිරීම ජෙට් එන්ජිම මගින් සිදුවනු ඇති අතර, ඉන්පසු රොකට් මෝටරය ක්‍රියාත්මකවී රථය පැයට කිලෝමීටර් 1600දක්වා ත්වරණය කරනු ඇති.මෙම වේගයේදී, කිලෝමීටර්යක දුරක් යාම සඳහා SSC රථය ගතකරනු ඇත්තේ තත්පර 2.23 වැනි ඉතා සුලු කාළයක්. කිලෝමීටර් 19ක් දිග දකුණු අප්‍රිකාවේ වියලීගිය විල්පතුලක සිදුකරන්නට බලාපොරොත්තුවන මෙම ධාවනය සඳහා එම ස්ථානය තෝරාගෙන ඇත්තේ, ඉතා සමතලාවූත්, අවශ්‍ය ප්‍රමාණය තරම් දිගුවූත් බිම් ප්‍රදේශයක් වීම නිසයි. එතරම් දිගු ගුවන්යානා ධාවන පථ ලොව කිසිම රටකට නොමැති නිසා SSC රථයේ ධාවනය ගුවන්යානා ධාවන පථයක සිදුකිරීමේ හැකියාවක් නොමැතිබව SSC කණ්ඩායමේ සැළසුම් කරුවන් පවසනවා.

    bloodhound-2.jpg


    දකුණු අප්‍රිකානු ධාවන පථයේ දිග කිලෝමීටර් 19කට සීමාවීමත්, ලෝකවාර්තාව තැබීම සඳහා පැයට කිලෝමීටර් 1600ක වේගය පැයක් ඇතුලත ගමන්වාර දෙකකදී ලඟාකරගත යුතුයි යන කොන්දේසියත් නිසා 1600 වේගය ඉකමවූ සැනින්ම රථයේ වේගය අඩුකොට නවත්වාගත යුතු වනවා. එවැනි අධික වේගයකින් ගමන්කොට නවත්වා ගැනීම සාමාන්‍ය බ්‍රේක් පද්ධතියකට සිදුකල නොහැකි බැවින් SSC රථයේ වේගය අඩුකර ගැනීම සඳහා උපක්‍රම හතරක බ්‍රේක් පද්ධතියක් ලබාදී තිබෙනවා. පලමුවැන්න එයා බ්‍රේකින් ලෙස හැඳින්වෙන, වායු ප්‍රතිරෝධය මගින් වේගය අඩුකරගැනීමේ උපක්‍රමය ස්ථාපන වනවා. මෙහිදී යානයේ බඳහි සවිකරන ලද අත්තටු දෙකක් වැනි උපකරනයක් ක්‍රියාත්මක වන අතර එහි අත්තටු විහිදූ විට, එමගින් ඇතිවන වායු ප්‍රතිරෝධය මගින් වේගය පැයට කිලෝමීටර් 1000 දක්වා අඩුවනවා. ඉන්පසු වාහනය පසුපසින් බ්‍රේක් පැරිෂූටයක් දිගහැරෙන අතර එමගින් වේගය පැයට කිලෝමීටර් 600 දක්වා අඩුවනවා. පැයට කිලෝමීටර් 600දී තවත් පැරිෂූටයක් දිගහැරෙන අතර එය මගින් වේගය පැයට කිලෝමීටර් 400 දක්වා අඩුකෙරෙන අතර, රෝදවලට සවිකල බ්‍රේක් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ඉන් අණතුරුවයි. එමගින් රථය නිසල බවට ගෙන එනු ඇති.

    ftype_awd_bloodhound_high_0.jpg


    උපුටාගැනිමකි
    මම නිතරම කියවන හොද බ්ලොග් එකක් කැමති අය ගිහින් කියවන්න

    HTML:
    http://vidya-gaweshana.blogspot.com

    අනික් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න



     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    You must spread some Reputation around before giving it to IDG again.
    Horse Power 135,000 :baffled::baffled::shocked:
    කොහොම යැමක් යනවා ඇතිද ?:shocked:
    මරුනේ.
    tfs....rep+++
    හැමොටම ගොඩාක් ස්තුතියි රෙප් දුන්නාට හා බම්ප් කරාට :)
     
    • Like
    Reactions: keshara