Network Attached Storage (NAS) - DIY

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    12,051
    2,751
    113
    Western Province, SL
    හරි මම අද පෙන්නන්න යන්නේ , මීට සති කීපයකට කලින් කරපු වැඩක් ගැනයි. මේක තමයි මම ගෙදරදීම NAS එකක් (network attached storage ) එකක් හදාගත්ත එක.ගොඩක් අය ඉතින් මේ ගැන දන්නවා ඇති , එත් නොදන්න කෙනෙක්ට දෙයක් ඉගෙන ගන්න කියල තමයි මේක මම දාන්නේ . හරි මෙහෙමයි මම වැඩේ කරේ ,

    මගේ ලග තිබ්බා පරණ HDD 6ක් විතර , 1TB ,320Gb , 160Gb වලින්. ඉතින් මට ඕනේ උනා මේ HDD වලින් වැඩක් ගන්න කියල , මම කලින් මේ HDD කීපයකට films , TV Series එහෙම පුරවලා තිබ්බා (1TB HDD 2ක ) , කලින් මම හැදුව මෙන්න මෙහෙම එකක්
    External HDD Bay , මේ thread එකේ නම් දැන් කිසිම photo එකක් පෙන්නන්නේ නැහැ.. මෙහෙම ඉතින් පොඩි කාලයක් මේක පාවිච්චි කරද්දී එක එක අවුල් ආවා, SATA to USB converters අවුල් යනවා , ඒ නිසා HDD අවුල් යනවා වගේ වැඩ. පස්සේ මම ඒක එහෙම්මම dissemble කරලා කෑලි ටික ගෙදර තිබ්බා අවුරුදු ගානක්ම.

    පස්සේ ලගදී මට ආයෙමත් මේ HDD ටිකෙන් වැඩක් ගන්න ඕනේ කියල ඔලුවට ආවා , පස්සේ මම කල්පනා කරා NAS එකක් හදාගත්තා නම් වැඩේ ලේසි කියල. පස්සේ මට යාළුවෙක්ගෙන් පරණ machine එකක(Core i3 3rd Gen) motherboard එකයි processor එකයි RAM 2කුයි හම්බුනා. මම පස්සේ කරේ එකට හරියන power supply එකක් ගත්ත එක,

    මට ඕනේ උනා මම හදපු
    Computer Table
    එකටම මේ NAS එකත් attach කරගන්න, ඊට පස්සේ පහල විදිහට මම එකට හරියන විදිහට Hardware ටික palette එකකින් ගලවගත්ත ලෑලි වලින් හදාගත්ත තනි ලෑල්ලක අටවගත්තා


    මුලින්ම මම කරේ Hardware ටික ලෑල්ල උඩ තියල placement හදාගත්ත එක

    IMG_3676 (1).jpg
    IMG_3677.jpg
    IMG_3678.jpg




    පස්සේ මේ Hardware ටික ලෑල්ලට fix කරගන්න පුළුවන් විදිහට ලෑල්ල හදාගත්තා


    IMG_3681.jpg
    IMG_3679.jpg


    මෙතැනදී මගේ idea එක උනේ මේ ලෑල්ල මේසෙට සිරස් විදිහට හයි කරගන්න එක , ඒ නිසා HDD ටික හෙල්ලෙන්නේ නැති වෙන්න ලෑලි පටි වලින් උඩ පින්තුරේ විදිහට හදාගත්තා , මෙතැනදී ඕනේ නම් HDD එකින් එක slide කරලා එලියට ගන්න පුළුවන් විදිහට තමයි ලෑල්ලට fix කරගෙන තියෙන්නේ

    පස්සේ මම ලෑල්ල මේසෙට මේ විදිහට fix කරගත්තා

    IMG_3682.jpg
    IMG_3683.jpg
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    12,051
    2,751
    113
    Western Province, SL
    ඊට පස්සේ ලෑල්ලට Hardware ටික Fix කරගත්තා

    IMG_3685.jpg
    IMG_3693.jpg


    හරි දැන් Hardware පැත්තෙන් වැඩේ ඉවරයි, දැන් තියෙන්නේ NAS එකේ Software part එක configure කරගන්න එකයි. මෙතැනදී මම NAS එක හදාගන්නේ TrueNAS කියන OS එකෙන් , එකට අපිට ඕනේ කරනවා

    TrueNAS ISO Image එක (
    Download)
    USB Pen - 2ක් (minimum 2Gb)
    Rufus Software (
    Download)
    Monitor
    Keyboard

    මෙතැනදී USB Pens 2ක් පාවිච්චි කරන්නේ , එක Pen එකක් Bootable Pen එකක් විදිහට configure කරගන්නවා, අනිත් Pen එක Permanently NAS එකේ තියෙනවා.එතකොට NAS එකේ තියෙන Pen එකට තමයි TrueNAS OS එක Install කරන්නේ

    හරි දැන් TrueNAS install කරන වැඩේ පටන් ගමු.

    තව දෙයක් TrueNAS server එක Network එකට connect කරන්න පුළුවන් Ethernet cable එකකින් විතරයි , wifi වලින් connect වෙන්නේ නැහැ.ඒ නිසා අපේ router එකේ Ethernet port එකක් NAS එකට වෙන් කරන්න ඕනේ . ඒ වගේම NAS එක Router එකට connect කරලා තියෙන්න ඕනේ (NAS එක network එකේ තියෙන්න ඕනේ)


    හරි දැන් තියෙන්නේ , එක Pen එකක් NAS එකට connect කරන්න ඕනේ , අනිත් පෙන් එක TrueNAS bootable Pen එකක් විදිහට හදාගන්න ඕනේ

    ඒකට Rufus Software එකෙන් පහල විදිහට Pen එක TrueNAS bootable Pen එකක් විදිහට හදාගන්න

    1111.jpg


    ඊට පස්සේ NAS එකේ motherboard BIOS වලින් වෙනස් කරගන්න ඕනේ bootable source එක විදිහට USB කියන option එක , ඊට පස්සේ දැන් bootable පෙන් එකත් NAS එකට plug කරලා , bootable pen එකෙන් NAS එක boot කරගන්න ඕනේ , එතකොට එනවා පහල විදිහට screen එකක් එකේදී Enter button එක click කරන්න

    01.PNG



    එතකොට ආයෙත් එනවා පහල විදිහට screen එකක් එකේදී Install/Upgrade කියන option එක select කරලා Enter button එක click කරන්න

    02.PNG


    ඊට මේ විදිහට screen එකක් එනවා TrueNAS OS එක Install කරන්න ඕනේ කොහේටද කියන එක.එතැනදී අපේ අනිත් Pen එක select කරලා Enter button එක click කරන්න ඕනේ

    03.PNG


    ඊට පස්සේ එනවා Admin Password එකක් set කරන්න මේ වගේ screen එකක්.මේකෙදි අපි කැමති පස්ස්වොර්ඩ් එකක් දෙන්න පුළුවන්, හැබැයි මේ පස්ස්වොර්ඩ් එක මතක තියාගන්න ඕනේ.

    04.PNG



    ඊට පස්සේ එන මේ screen එකේ Boot via Bios කියන option එක select කරලා Enter button එක click කරන්න

    05.PNG


    ඊට පස්සේ TrueNAS install වෙන්න ගන්නවා , එහෙම install වෙලා ඉවර වෙලා පහල තියෙන screen එකට එනවා

    06.PNG


    මෙතැනදී මේ රතු පාටින් කොටු කරලා තියෙන IP එකෙන් NAS එක access කරන්න පුළුවන්
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    12,051
    2,751
    113
    Western Province, SL
    දැන් NAS එකේ මූලික අදියර ඉවරයි , දැන් NAS එක network එකේ තියන්න පුළුවන් , keyboard , monitor remove කරලා . ඊට පස්සේ ඒ network එකේම තියෙන තවත් computer එකකකින් NAS එකේ ඉතුරු ටික configure කරගන්න ඕනේ , එතැනදී ඒ computer එකේ web browser එක Open කරලා අර IP එක ගහන්න , එතකොට එනවා පහල විදිහට NAS එකේ UI එක

    07.PNG


    මෙතැනදී username එක root විදිහට දීල password එක විදිහට අපි කලින් දුන්න password එක දෙන්න ඕනේ , ඊට පස්සේ login වෙන්න ඕනේ . එතකොට NAS එකේ Dashboard එකට එනවා

    හරි දැන් තමයි ඉතුරු සෙල්ලම තියෙන්නේ, දැන් අපි මේ හදාගත්තු NAS එකේ තියෙන HDD වලින් RAID එකක් හදාගන්න ඕනේ වගේම එක access කරන්න පුළුවන් විදිහට හදාගන්න ඕනේ

    එකට අපි මුලින්ම RAID / HDD Pool එකක් හදාගන්න ඕනේ. එකට පහල පින්තුරේ විදිහට Storage option එක select කරලා එකේ තියෙන Pool කියන එක click කරන්න ඕනේ , එතැනදී දකුණු පැත්තේ තියෙන Add button එක click කරන්න ඕනේ

    08.PNG


    ඊට පස්සේ පහල පින්තුරේ විදිහට , HDD Pool එකට අපි එකතු කරගන්න HDD ටික select කරගන්න ඕනේ වගේම පූල් එකට Name එකක් දෙන්න ඕනේ

    09.PNG



    ඊට පස්සේ ඒ HDD ටික මොන වගේ RAID එකක් විදිහට configure කරන්න ඕනෙද කියල පහල පින්තුරේ විදිහට select කරලා create කියන button එක click කරන්න ඕනේ

    10.PNG


    එතකොට පහල පින්තුරේ විදිහට Pool එක හැදෙනවා.

    11.PNG


    දැන් තියෙන්න NAS එකේ Data access කරන්න පුළුවන් විදිහට users ලව create කරන එක සහ , ඒ යට access permissions හදන එක , තවම මේ NAS එක අපිට windows explorer එකෙන් access කරන්න බැහැ . දැන් බලමු කොහොමද ඒක හදාගන්නේ කියන එක

    දැන් බලමු user කෙනෙක්ව add කරන විදිහ , මේකෙදි පහල පින්තුරේ විදිහට Accounts select කරලා එකේ Users click කරන්න , පස්සේ දකුණු පැත්තේ තියෙන add button එක click කරන්න

    11.1.PNG


    ඊට පස්සේ පහල පින්තුරේ විදිහට name එක දීල password එකක් දීල “Microsoft Account” කියන එකට tick එකක් දාල submit කරන්න

    12.PNG

    ------ Post added on Jun 25, 2022 at 3:40 AM
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    12,051
    2,751
    113
    Western Province, SL
    දැන් බලමු SMB connection හදාගන්න එක ගැන , එකේදී පහල පින්තුරේ විදිහට , Storage option එකේ Pools option එක click කරන්න , එතකොට තියෙනවා අපි කලින් හදාගත්ත Pool එක , එකේ තියෙන dot 3 click කරන්න , එතකොට එන menu එකේ Add Dataset කියන item එක click කරන්න

    13.PNG


    ඊට පස්සේ පහල පින්තුරේ විදිහට Dataset එකට නමක් දීල submit කරන්න

    14.PNG


    ඊළගට තියෙන්නේ Access permissions හදන්න.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    12,051
    2,751
    113
    Western Province, SL
    දැන් හදාගත්ත Dataset එකේ තියෙන dot 3 click කරන්න, එතකොට එන menu එකේ Edit Permissions කියන item එක click කරන්න

    15.PNG



    ඊට පස්සේ පහල පින්තුරේ විදිහට Owner කියන field එකේ කලින් හදාගත්තු user ව select කරලා , Apply User කියන option එකයි Apply Group කියන option එකයි tick කරලා save කරන්න

    16.PNG


    ඊට පස්සේ පහල පින්තුරේ විදිහට sharing කියන option එක click කරලා එකේ තියෙන Windows Shares (SMB) කියන option එක click කරන්න , ඊට පස්සේ Add button එක click කරන්න

    17.PNG


    ඊට පස්සේ උඩ පින්තුරේ විදිහට Basic කියන තැන අපි හදපු Pool එක select කරලා name එකක් දීලා enabled කියන option එක select කරලා submit button එක click කරන්න

    ඊට පස්සේ තියෙන්නේ access control list එකක් create කරන්න , එකේදී Storage option එකේ Pools option එක click කරන්න , ඊට පස්සේ අපි කලින් හදාගත්ත Pool එකේ , Dataset එකේ තියෙන dot 3 click කරන්න, එතකොට එන menu එකේ Edit Permissions කියන item එක click කරන්න, එකේදී තියෙන Use ACL Manager කියන button එක click කරන්න

    18.PNG


    ඊට පස්සේ උඩ පින්තුරේ විදිහට Select a preset ACL කියන option එක select කරලා Restricted කියන option එක select කරලා continue button එක click කරන්න ඊට පස්සේ save button එක click කරන්න .

    දැන් අපිට අපේ computer එකේ Map Network Drive option එකෙන් අපේ NAS storage එක access කරන්න පුළුවන්