ayako mori

Member
May 2, 2010
7
0
0
ඇමරිකා මහාද්විපයේ කතාන්දරය හෙවත් භික්ෂුව සහ බිස්කුව Written by රමණී Wednesday, 26 May 2010 05:03
viewer.png

වෙසක් පෝය උදාවෙද්දී කාටත් ප‍්‍රයෝජණවත් ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත්ව තිබේ. 'යේසුස් නම් බුද්ධ ශ‍්‍රාවකයාණෝ' 'අල්ලාහු අක්බර් ' ආදී අතිශයින් ප‍්‍රසිද්ධියට පත් වු පොත් කිහිපයක්ම ප‍්‍රකාශයට පත්කළ කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක සම කර්තෘවරුන් වශයෙන් සදහන් වෙන මෙම ග‍්‍රන්ථය 'ඇමරිකා මහාද්විපයේ කතාන්දරය හෙවත් භික්ෂුව සහ බිස්කුව' නම්වේ.
ග‍්‍රන්ථයෙන් විස්තර කෙරෙන්නේ කොලොම්බුස් ප‍්‍රධාන යුරෝපීන් කඩාවැදීමට පුර්වයේ පැවති ඇමරිකානු මහාද්විපය පිළිබදව මිස වර්තමාන ඇමරිකානු මහාද්විපය පිළිබදව නොවේ. වර්තමාන මැක්සිකෝ රට කේන්ද්‍ර කරගෙන ගොඩනැගී පැවති මායාවරුන්ගේ රාජධානියට බෞද්ධ භික්ෂුණ් වහන්සේලා වැඩ එහි බුදුසසුන පිහිටුවීමේ කතාන්දරය පොතේ මුළික කතාවයි. ඊට සම්බන්ධ වු තවත් බොහෝ ප‍්‍රවෘත්ති ග‍්‍රන්ථයෙන් විස්තර කෙරේ. මායා රටේ ජනප‍්‍රිය ඖෂධයක් ව පැවති ගස් වර්ගයක් චින නාවිකයින් විසින් ලොව පුරා බෙදා හරිද්දී එම මල් වර්ගය ලංකාවට ද පැමිණි කතාව නිදර්ශනයකි. සිගිරි ගලේ අප්සරාවන් විසුරුවන මෙම මල් වර්ගය හෙවත් අරලියා පිළිබදව කතා ව වැනි තවත් බොහෝ අතුරු දැනුම මෙම ග‍්‍රන්ථය මගින් සැපයේ.