ජීව වායුව යොදා බැටරිය ආරෝපණ කළ හැකියි. එක බැටරියක් වෙනුවට බැටරි හයක්! වේගය පැයට හැතැප්ම 75ක් (පැයට කිලෝ 120ක්) උපරිම ව ධාවනය කළ හැකියි!
හරිත ලෝකයකට මග පාදන දෙයක් වුනත් විදුලි කාරය ජනපි‍්‍රය වීමට එක් ප‍්‍රධාන බාධාවක් තිබුණා. ඒ පෙට්රල් කාරයට මෙන් එක වර වැඩි දුරක් ධාවනය කරන්නට විදුලි කාරයට නොහැකි වීමයි.
මේ තත්වය වෙනස් කළ හැකි විදුලි කාරයක් දැන් තනා තියෙනවා. එයට එකවර සැතැපුම් 500ක් (කිලෝ මීටර් 800ක්) දුර යන්න පුළුවන්. ඒ ගමන අතරතුර බැටරි ආරෝපණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
මේ කාරය ඒ අතින් දැනට ක්ෂේත‍්‍රයේ ඉදිරියෙන් ම ඇති කාර්වලටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. එයිනුත් වඩාත් කැපී පෙනෙන බැටරි හා ගැසොලින් භාවිත කරන චවලට් වොල්ට් කාරයට වරක් බැටරි චාජ් කළ පසු එකවර සැ. 375ක්(කි.මි. 600ක්) යා හැකියි. මේ නව රියට එකවර කි.මී. 800ක් දුර යන්න පුළුවන්.
වැඩි දුරක් යා හැකියි: ක්‍යුබීක් විදුලි කාරයට එකවර සැ. 500ක් යන්න පුළුවන්.
ඩෙන්මාකයේ මෝටර් රථ සමාගම් තුනක් එක්ව බිහි කර ඇති ‘මොඩියුලර් එනර්ජි කැරියර්’ (Modular Energy Carrier) නම් මේ නව ක‍්‍රමයේ දී අලූත් කාරයේ බැටරි ආරෝපණය කරන්නට ජීව-මෙතනෝල් යොදා ගන්නවා.
එකෝමූව් (ECOmove) ආයතනය තමයි, මේ නවෝත්පාදක යානය, ක්‍යබීක් කාරය, සැලසුම් කළේ. එහි ප‍්‍රධාන විධායක නිලධාරි මෝගන්ස් ලොක්කේ කියන්නේ ඞීසල් හා පැට්රල්වලට වඩා ජීව-මෙතනෝල් හුඟක් පරිසරයට හිතකර බවයි. එයින් කාබන් ඩයොක්සයිඞ් නිකුත් වීම ඉතාමත් අඩුයි කියලයි ඔහු කියන්නේ.
ළඟ එනවා: බැටරි හා ඉන්ධන සෛල යෙදූ මේ ක්‍යබීක් මාදිළිය 2013 දී තමයි, එන්නෙ.
”අපි මේ කාරය තැනුවේ ඉතා සැහැල්ලූවටයි. ඒ නිසා මේක බර කි.ග්රෑම් 425ක් විතරයි. අපට සැතැපුම් 500ක දුරක් යා හැකි වී ඇත්තේ ඒ නිසයි.” ඔහු සීඑන්එන් (CNN) ප‍්‍රවෘත්ති සේවයට කීවා.
ජීව-මෙතනෝල් හා ජලය එක්ව ඉන්ධන සෛල මගින් විදුලිය නිපදවනවා. මේ කි‍්‍රයාවලියේ දී ඇති වන අතිරික්ත තාපය කාරයේ තාප හා සිසිලන පද්ධතිය කි‍්‍රයාත්මක කරන්නට බලය සපයනවා.
මේ සැහැල්ලූ නව මාදිළියේ චැසිය තාක්ෂණයේ ඉදිරි පිම්මක් ලෙස හැඳින්වෙනවා.
”එක ස්ථිර බැටරියක් වෙනුවට අපි මේකට බැටරි මොඩියුල හයක් එක් කරල තියෙනවා. ඒවා තියෙන්නේ කාරයේ චැසිය ඇතුළෙයි. අපට මේ මොඩියුලවලට බැටරි බලය හෝ වෙනත් බල ශක්තියක් පාවිච්චි කරන්න පුළුවන්.” ලොක්කේ කියනවා.
මේ සම්මාන දිනූ ක්‍යුබීක් රියේ රෝදවලට විදුලි මෝටර් කෙළින් ම සම්බන්ධ කර ඇති නිසා පැ.සැ.75ක (පැ.කි.මී. 120ක්) උපරිම වේගයක් ලබා ගත හැකියි.
මේ රිය මේ වසර මුල දී බි‍්‍රතාන්‍ය රාජකීයයන්ගේ අවධානය ඇද ගත්තා. චාල්ස් කුමරුට හා කැමිලා කුමරියට ඔවුන්ගේ ඩෙන්මාකය සංචාරයේ දී මේ රිය දැක බලා ගන්නට හැකි වුණා.
එංගලන්තයේ චාල්ස් කුමරු මේ වසර මුල දී ඩෙන්මාර්කයට ගිය වේලේ එකෝමූව් ආයතනයේ විදුලි කාරය නැරඹූ අවස්ථාව.