You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ශ්‍රි ලංකා ඉතිහාසයේ නව දිගන්තයන් -පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් - මහාචාර්ය රාජ් සෝමදේව
මම ඊට කලිනුත් මෙතුමගේ දේශනයක් ගැන thread එකක් දාලා තිබ්බා.
ඒ පිළිබඳ උනන්දු කීප දෙනෙක් හරි එළකිරියේ ඉන්න එක ගැන සතුටුයි.
පසුගිය පොහොය දින ශ්‍රි ලංකා ඉතිහාසයේ නව දිගන්තයන් -පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් නමින් මෙතුමගේ දේශනයක් පැවැත්තුනා.
එය පැය දෙකක දේශනයක්.කැමති කෙනෙක් ඉන්නවනම් බලන්න.එය 377MB ක video එකක්.
බලන්ගොඩ මානවයා ගැන තියෙන සාක්ෂි වියැකි යන ක්‍රි.පූ.1800 හා විජය ලංකාවට එන ක්‍රි.පු.600ත්
අතර කාලය තුල ලංකා මානව ඉතිහාසය තුල කුමක්ද උනේ කියන එක ගැන සාක්ෂි සාධක එක්ක කරන විග්‍රහයක් තමා මේ කතාවේ මුලිකවම තියෙන්නේ.
වසර 15කට ඇස්මේන්තු කර ඇති මේ සොයාගැනීම් දැනට වසර 8ක් ගතවී ඇත.
මේ වසර 8 තුළ ඔවුන් සොයගත් පුරාවිද්‍යා සක්ෂි,කළ කැපකිරීම,අනෙක් නිලධාරින්ගෙන්,විද්වතුන්ගෙන්,ජනතාවගෙන් ලැබුන සහය
පිළිබඳ හොඳ අවබෝධයක් මේ කතාව බලපුවම ලබාගන්න පුළුවන්.
ඔවුන්ගේ කැපකීරිම් වලට අපිට දෙන්න පුළුවන් එකම සහය මේ දැනුම බෙදාහැරීම පමණයි.
කුරගල හා බැඳුනු ජනාවාස හා ලෙන් ගැන කරන කරන විස්තරය
62MB
86MB
මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටයි...
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවයෝ මහින්දාගමනයට පෙර ලංකාවේ පැවැති ප්‍රභාමත් බෞද්ධ සංස්‌කෘතියක් පිළිබඳ පුරාවිද්‍යා සාධක ඇසුරින් කථිකාවක් ගොඩනගති.
මහින්දාගමනය පමණක් ඉස්‌මතු කර දැක්‌වීමට වංසකථා රචකයන් විසින් දරා තිබෙන උත්සාහය නිසා ඊට පෙර අවධියක මෙරට විසූ බෞද්ධයන් යටපත් වීම සිතාමතා කළ සාහසික ඓතිහාසික ක්‍රියාවක ප්‍රතිඵලයක්....
කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහාවිහාර මිහි`දු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවට උපකල්පනය කළ හැකි සාධක තියනවා
රටේ ක`දුකර ජනාවාසවල විසු ජනතාව මිහි`දු හිමියන් මෙහි වැඩම කිරීමට පෙර බුදුදහම හ`දුනාගෙන සිටි බව මහාවංසයේ කර්තෘවරයා පවා දැන සිටියා.
ප්‍රශ්නය - බුදුන්වහන්සේගේ පහළවීම බෞද්ධ බැතිමතුන් වන අපට නිසැක කාරණාවක්. එහෙත් තර්කයෙන් ලෝකය දකින බටහිර චින්තනය තුළ යමක් පිළිගැනීමට තහවුරු කිරීමක් අවශ්‍යයි. බුදුන්වහන්සේගේ ධරමාන සමය පිළිබිඹු කරන, බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය ඉන්දියාව තුළ සිද්ධවන ආකාරය හෙළිකරන, පුරාවිද්‍යාත්මක සාධක මොනවාද
පිළිතුර - ගෞතම බුදුන්වහන්සේගේ ඓතිහාසිකත්වය ගැන ඇතැම් බටහිර විද්වතුන් අතර නොයෙක් මතවාද තිබුණා. ඒ අතරින් සමහර දෙනා කල්පනා කළේ බුද්ධ යන සංකල්පය පවා නිර්මිතයක් බවයි. බෞද්ධ දර්ශනය යනු එක් පුද්ගලයකු විසින් අවබෝධ කර ගන්නා ලද එකක් නොව දීර්ඝකාලයක් තිස්‌සේ ඉන්දීය සමාජය තුළ පැවති දාර්ශනික අදහස් මාලාවක සම්පිණ්‌ඩනයක් ලෙස පැහැදිලි කිරීමට ඔවුන් වෑයම් කළා. මෙවැනි අදහස් මතුවීමට බල පෑ ප්‍රධාන හේතුව නම් බෞද්ධ දර්ශනයේ තිබෙන පු`ඵල් ගැඹුරු චින්තාවයි. සමස්‌තය ආවරණය වන පරිදි ලෝකයේ සෑබෑ ස්‌වරූපය සහ මිනිසාගේ ඉරණම පිළිබ`ද එවැනි හේතුඵල දහමක් තනි පුද්ගලයෙකුගේ මනසට ග්‍රහණය වීම විය නොහැක්‌කක් ලෙසයි ඔවුන් කල්පනා කළේ.
එවැනි අදහස්‌වල තිබෙන නිරර්ථක බව පෙන්වා දීමට යොදා ගත හැකි ප්‍රබලතම සාක්‌ෂියක් වන්නේ ගෞතම බුදුන්වහන්සේගේ ජීවමාන සමයට අයත්ව පැවති බවට බෞද්ධ සාහිත්‍යයේ විස්‌තර කරන ස්‌ථානවලින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාක්‌ෂි යි. අප ගෞතම බුදුන්වහන්සේට ජීවක වෙදැදුරු විසින් ආරාමයක් පුජා කරන ලද බවත් එය ජීවකාරාමය නමින් හ`දුන්වන ලද බවත් බෞද්ධ ඉතිහාසයේ විස්‌තර වෙනවා. මේ ගොඩනැගිල්ලේ නටබුන් සොයා ගැනීමට ඉන්දීය පුරාවිද්‍යාඥයින් සමත් වුණා. අද එය තහවුරු කොට මහජන ප්‍රදර්ශනය ස`දහා විවෘත කර තිබෙනවා. ඊට අමතරව සිද්ධාර්ථ කුමරු ඉපදුනු ලුම්බිණියේ ඓතිහාසිකත්වයත් මේ වන විට තහවුරු වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැදගත් වන අනෙක් සාක්‌ෂිය ලෙස සැලකිය හැක්‌කේ ඉන්දියාවේ පිප්රාවා නම් ස්‌ථානයෙන් සොයා ගත් ධාතු කර`ඩුවයි. එය එතැන තිබූ පැරණි ස්‌තූපයක් කැණීමේදී සොයා ගන්නා ලද්දක්. එම ධාතුකර`ඩුවේ යට බ්‍රාහ්මී අක්‌ෂරකින් පාඨයක් කොටා තිබුණා. එම ධාතුකර`ඩුවේ අඩංගු භෂ්මාවශේෂ ශාක්‍යමුනි බුදුන්ගේ බවත් එය තැන්පත් කරන ලද්දේ උන්වහන්සේගේ ඥාතීන් වන සුකීර්ති පවුලේ සාමාජිකයින් විසින් බව එහි ස`දහන් කර තිබෙනවා. ගෞතම බුදුන්වහන්සේ පිළිබ`ද තව බොහෝ පුරාවිද්‍යාත්මක සාධක තිබෙනවා. ඒ වුනත් මා කල්පනා කරන්නේ අපට වඩා වැදගත් වන්නේ උන්වහන්සේගේ ඓතිහාසිකත්වය සෙවීමට වඩා උන්වහන්සේගේ දර්ශනය නිසි පරිදි ජීවන දැක්‌මට අනුගත කර ගැනීම කියලයි.
ප්‍රශ්නය- මහින්දාගමනයට පෙර මෙරට බුදුදහම පැවතුන බව ඔබ කියනවා. එහි පදනම කුමක් ද?. ඔබට අනුව මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටද?.
පිළිතුර - මා එසේ අදහසක් ප්‍රකාශ කළ බව සැබෑවක්. ඊට පදනම් වුණේ මේ දිනවල මවිසින් පවත්වා ගෙන යන පුරාවිද්‍යාත්මක ගවේෂණයක්. මීට පාදක වී තිබෙන්නේ මධ්‍ය ක`දුකරයේ දකුණු බෑවුම තැනිතලාවට සේන්දු වන කල්තොට සහ දියවින්න ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ ක`දුකරයේ බෑවුම් ප්‍රදෙAශය ඉතා පරීක්‌ෂාවෙන් අප සොයා බැලුවා. මෙහිදී මා නිරීක්‌ෂණය කළ විශේෂිත කාරණය වන්නේ කල්තොට සිට කොට්‌ටිඹුල්වල දක්‌වා කිලෝමීටර 12 කට වැඩි දිගකින් යුත් ප්‍රදේශයක විහිදෙන ක`දුබෑවුම්වල අවම තරමින් ගුහාවිහාර 200 කට ආසන්න ප්‍රමාණයක් පිහිටා ඇති බවයි. ඒ අතුරින් 50 කට ආසන්න ප්‍රමාණයක් අප විසින් දැනට පරීක්‌ෂා කොට ක්‍රමානුකූල වාර්තාගත කරනු ලැබ තිබෙනවා.
මේ රටේ ගුහාවිහාර ගැන මෙතෙක් තිබුණේ එකම අදහසයි. මිහි`දු හිමියන්ගේ වැඩම කිරීමෙන් පසු ගුහා විහාර සම්ප්‍රදාය ආරම්භ වූ බවත් එහෙයින්ම ඒවායේ කොටා තිබෙන සෙල්ලිපි උන්වහන්සේගේ ආගමනය සිදු වූ කාලයට සම්පාත වන හෙයින් ඒවා ක්‍රිස්‌තු පූර්ව 250 හෝ ඒ ආසන්න කාලයකට අයත් වන බවයි. මහාධිරාජ අශෝක විසින් ඉන්දියාව පූරා පිහිටුවන ලද සෙල්ලිපි මීට සමාන කාලයකට අයත් වන නිසාත් ඒවා ලියා තිබෙන බ්‍රාහ්මී අක්‌ෂර මෙරට ගුහාවිහාරවල කොටා ඇති සෙල්ලිපිවල දක්‌නට තිබෙන අක්‌ෂර සමග සැසදෙන නිසාත් මෙම අදහස ප්‍රශ්න කිරීමට කවුරුත් උත්සාහ ගත්තේ නැහැ. ඇත්තෙන්ම මෙම අදහස ව්‍යාප්ත වුණේ ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී සෙල්ලිපි ගැන අතිවිශිෂ්ට ශාස්‌ත්‍රීය ප්‍රකාශනයක් කළ මහාචාර්ය සෙනරත් පරණවිතානයි.
අප විසින් දැනට පවත්වා ගෙන යන ගවේෂණයෙන් අනාවරණය වී තිබෙන සහ වෙමින් තිබෙන සාක්‌ෂි අනුව මා විසින් නගන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න නම් ගල්ගුහාවක් මහාසංඝරත්නයට පූජා කිරීමේදී ගල්ගුහාවක කටාරමට යටින් සෙල්ලිපියක් කෙටීම සහ නොකෙටීම තීරණය වූයේ කුමන සාධකයක් පදනම් කර ගෙන ද යන්නයි. සෙල්ලිපි නොකෙටු ගල්ගුහාවල දක්‌නට තිබෙන කටාරම් වැඩිමනක්‌ම අතිශයින් ර`ඵ නිමාවක් තිබෙන හා දැඩි ලෙස ඛාදනය වූ ඒවා බව නිරීක්‌ෂණය කළ හැකියි. මෙය සෙල්ලිපි කොටා තිබෙන ගුහාවලට වඩා වෙනස් තත්ත්වයක්. සෙල්ලිපි කොටා තිබෙන ගල්ගුහාවල ඉතා ක්‍රමවත් නිමාවක් දක්‌නට තිබෙනවා. සමහර විට සෙල්ලිපි නොමැති ගුහා සෙල්ලිපි සහිත ගුහාවලට වඩා පැරණී වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.
ප්‍රශ්නය - මෙය විද්‍යාත්මක නිරීක්‌ෂණයක් ලෙස ඔබ සලකනවාද?.
පිළිතුර - ඇත්ත. මෙය එතරම් විද්‍යාත්මක නිරීක්‌ෂණයක් නොවෙයි. මෙම කල්පිතය වඩාත් හො`දින් පැහැදිලි කිරීමට නම් එවැනි ගුහා දෙකක් කැණීම් කොට ඒවායේ අභ්‍යන්තර ස්‌තර නිරීක්‌ෂණය කළ යුතුව තිබෙනවා. ඉදිරියේදී අප ඒ ස`දහා කටයුතු කිරීමට අදහස් කරනවා. අනෙක් කාරණය වන්නේ කල්තොට, දියවින්න ආදී රට අභ්‍යන්තරයේ පිහිටි ප්‍රදේශවල මිහි`දු හිමියන් වැඩම කළ ආසන්න යුගයේදීම මේ තරම් තදබල බෞද්ධ සම්ප්‍රදායයක් ස්‌ථාපනය වූයේ කෙසේ ද යන්නයි. ඊට පසුබිම් වූ හේතු ඉතිහාසය තුළ තවමත් අප්‍රකටයි. මා මෙහිදී තදබල යන වචනය මෙහිදී භාවිත කරන්නේ හේතු සහිතවයි. අප දැනට මේ ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙන ඇතැම් ලිපිවල අන්තර්ගතය රටේ අන් කිසිදු ප්‍රදේශයක තිබෙන සමකාලීන ලිපිවල අන්තර්ගත දැවලට වඩා වෙනස් බව පෙනෙනවා. ඒ වෙනස්‌කම පිළිබිඹුවන්නේ බුදුදහමේ තිබෙන ඇතැම් ගැඹුරු අදහස් උපුටා දැක්‌වීමට එම ලිපි කරවූ දායක කාරකාදීන් විසින් දරා තිබෙන උත්සාහය වෙත සැලකිල්ල යොමු කරන විටයි. නිදසුනක් ලෙස දක්‌වන්නේ නම් කිරිමකුල්ගොල්ලෙන් අප සොයා ගත් ලිපියක එය කර වූ තැනැත්තා අදාළ ගල්ගුහාව හඳුන්වා තිබෙන්නේ පටිභාන කුටිය යන නමින්. පටිභාන යන වචනය විවිධ අදහස් දෙන්නක්. පාරිශුද්ධත්වය හැ`දින්වීමටත් එහි පර්යාය පදයක් ලෙස එය පාලි සාහිත්‍යයේ යෙදී තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි පද හමුවන්නේ ගැඹුරු ධර්මශාස්‌ත්‍රිය සාහිත්‍යය තුළයි. තවත් සෙල්ලිපියක් කෙට වූ තැනැත්තා එය පූජා කොට තිබෙන්නේ අපරිමිත ලෝකධාතුවේ වෙසෙන මහා සංඝරත්නය වෙතයි. ශ්‍රී ලංකාවේ ගුහාවිහාරවල දක්‌නට තිබෙන සෙල්ලිපි අතර මෙවැනි අදහසක් ලියා තිබෙන එකම තැන මෙම සෙල්ලිපියයි. වෙනත් තැන්වල එය කියා තිබෙන්නේ සතරදිශාවෙන් ආවා වූ ද නොආවා වූද මහා සංඝයාට පූජා කළ හැටියටයි. කෙසේ වුවත් කල්තොට ප්‍රදේශයේ විසු දායකයින් සම්ප්‍රදායෙන් පිටත සිට කල්පනා කළ බව මින් පැහැදිලියි. ඉන් පිළිබිඹු වන්නේ ධර්මය ගැන ඔවුන් සතුව තිබූ ගැඹුරු අවබෝධයයි. මිහි`දු හිමියන් පැමිණි කාලයේම මෙතරම් ස්‌ථාවර ලෙස බුදුදහම මෙතරම් රට අභ්‍යන්තරයේ ස්‌ථිර වීම විශ්වාස කළ නොහැක්‌කක්. අනෙක් අතට එවැනි තත්ත්වයක් හදිසියේ ඇති විය නොහැක්‌කක් බව කාට වුවත් පහසුවෙන් වටහා ගත හැකි කාරණයක්. මගේ අදහස නම් කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහා විහාර මිහි`දු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවයි. එවැනි ස්‌ථාවරයකට නොපැමිණ මෙම ප්‍රදේශයේ ගුහා විහාර විස්‌තර කළ නොහැකියි.
අනෙක් අතට මෙම ප්‍රදේශයේ තිබෙන සෙල්ලිපිවල දක්‌නට තිබෙන ඇතැම් අක්‌ෂර රූප රටේ වෙනත් තැන්වල තිබෙන සමකාලීන සෙල්ලිපිවල තිබෙන අක්‌ෂරවලට වඩා ඇතැම් සු`ඵ වෙනස්‌කම් පෙන්නුම් කරනවා. ඒ වෙනස්‌කම් සු`ඵ වුවත් ඉන් ප්‍රකාශිත අර්ථය ඊට වඩා විශාල වීමට බෙහෙවින් ඉඩ තිබෙනවා. ඒ ගැන යමක් කිව යුත්තේ හො`දින් ඒ ගැන අධ්‍යයනය කිරීමෙන් පසුවයි.
ප්‍රශ්නය- මිහි`දු හිමියන් මෙහි වැඩම කරවීමට පෙර ඔබ දැනට ගවේෂණ කටයුතු පවත්වා ගෙන යන බලංගොඩ ආශ්‍රිත රට අභ්‍යන්තරයට බුදුදහම ව්‍යාප්ත වූ ආකාරය ඔබ කියනවා. මහින්දාගමනයට පෙර සිද්ධවුණා යෑයි කියන මේ බුදුදහමේ ව්‍යාප්තිය සම්බන්ධ තර්කය සම්බන්ධ ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් කළ හැකි ද?
පිළිතුර - මේ සම්බන්ධයෙන් පළමුව මා කිව යුත්තේ දැනට මා ගවේෂණය කරන ප්‍රදේශය පමණක් මීට අදාළව සුවිශේෂි භූගෝලීය කලාපයක් ලෙස අවධාරණය කිරීමට මගේ අපේක්‌ෂාවක් නොමැති බවයි. ක`දුකර ප්‍රදේශ ආශ්‍රිත රටේ සෙසු කලාපවලත් මෙවැනිම තත්ත්වයක් පවතින බව මහාචාර්ය පරණවිතාන විසින් මීට පෙර ප්‍රකාශයට පත් කර තිබෙන සෙල්ලිපිවල භූගෝලීය ස්‌ථානගත වීම සැලකිල්ලට ගත් විට පෙනෙනවා. එසේ වුවත් මහාචාර්ය පරණවිතාන එහි පවතින සුවිශේෂීතාව යම් හේතුවක් නිසා නිරීක්‌ෂණය කර නොමැති බව පෙනෙනවා.
ඔබ ඇසූ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් දීමට තරම් මේ සම්බන්ධයෙන් මගේ අදහස් තවමත් පරිණත වී නැහැ. ඊට ශාස්‌ත්‍රීය විශ්ලේෂණයක් අවශ්‍යයි. එය කළ හැකිවන්නේ මා ක්‌ෂෙත්‍රයෙන් පිට වී මගේ පුස්‌තකාලයට පැමිණි විටයි. තත්ත්වය එසේ වුවත් ඒ පිළිබ`ද අදහස් කිහිපයක් මා තුළ තිබෙනවා. එය අදාළ වන්නේ ඉතා ඈත කාලයකදී එනම් අඩුම තරමින් ක්‍රිස්‌තු පූර්ව 450 තරම් ඈත කාලයකදී වෙළෝදාම ස`දහා ඉන්දීය සාගරයේ යාත්‍රා කළ මෙරට යාත්‍රිකයින්ගේ ගමන්වලටයි. ඇතැම් විට ඔවුන් ඒ වෙළෝද ගමන්වලදී බෞද්ධ දර්ශනයට අයත් මූලික ඉගැන්වීම් ගැන අවධානය යොමු කරන්නට ඇති බව පෙනෙනවා. මේ රටේ ක`දුකර ප්‍රදේශවල ජනාවාස පැතිරීම පිළිබ`ද ඉතිහාසය දැන් ක්‍රිස්‌තු පූර්ව 2400 දක්‌වා පු`ඵල් කිරීමට මගේ පර්යේෂණවලට හැකි වී තිබෙනවා. ඔවුන් නව ආගමික ඉගැන්වීමක් ගැන උනන්දු වීම පුදුමයට කරුණක් නොවෙයි. මේ ක`දුකර ජනාවාසවල විසූ ජනතාව මිහිඳු හිමියන් මෙහි වැඩම කිරීමට පෙර බුදුදහම දැන සිටි බව මහාවංසයේ කර්තෘවරයා පවා දැන සිටි බව පෙනෙන්නේ බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වීමේ සිද්ධියට මෙරට ක`දුකරයේ විසූ යක්‌ෂයින් සම්බන්ධ කර තිබීමෙන්. බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්‌ථාවේ ක`දුකරයේ සිටි යක්‌ෂයින් බුරුතු පිටින් උන්වහන්සේ දැකීමට ගිය බව මහාවංසය රචනා කළ අවධියට වඩා පසුකාලයකට අයත් සමන්තකූට වර්ණනාවේ ස`දහන් කර තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ විසින් යක්‌ෂයින් ගිරිදිවයිනට පලවා හැරි බවට වංසකථාවල දැක්‌වෙන ප්‍රවෘත්තිය මට පෙනෙන්නේ මිහි`දු හිමියන්ගේ ආගමනය ඉස්‌මතු කර හුවා දැක්‌වීමට වංසකථාකරුවන් විසින් දරන ලද දේශපාලනික උත්සාහයක් ලෙසයි. යක්‌ෂයින් යනුවෙන් මෙහි අදහස් කර තිබෙන්නේ ක්‍රිස්‌තු පූර්ව 2400 පමණ ඈත කාලයක සිට ක`දුකර ප්‍රදේශවල වාසය කළ මෙරට ස්‌වදේශීය පිරිසයි. ඔවුන් ඉතා ඈත කාලයකදී එනම් මීට අවුරුදු 1 25000 කට පමණ පෙර මෙරට ජනාවාස කළ ආද්‍ය හෝමෝසාපියන්වරුන්ගේ ජාන සංචිතයට අයත් වූවන් බව මෙතෙක් අප කළ පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් යක්‌ෂයින් ගිරිදිවයිනට පලවා හැරීම යනු ඔවුන් බෞද්ධ සම්ප්‍රදායයෙන් පිටමං කිරීමට දරන ලද සවිඥානික උත්සාහයක් ලෙස මා දකිනවා. අප ගෞතම බුqදුරජාණන් වහන්සේ වැනි මහාකාරුණිකයන් වහන්සේ කෙනෙකු මෙරටට වැඩම කොට මෙහි ස්‌වදේශික වැසියන් බිය ගන්වා පලවා හැරීම පිළිබ`ද සිද්ධිය මගින් උන්වහන්සේගේ කරුණාව ඉක්‌මවා වංසකථා රචනා කළ ඉන්දීය සම්ප්‍රදායට ලැදි කර්තෘවරුන් දේශීය ජනයා සහ සම්ප්‍රදාය සම්බන්ධයෙන් දැක් වූ වෛරී ආකල්පය පැහැදිලි වෙතැයි මා සිතනවා.
ප්‍රශ්නය - අවසාන වශයෙන් ඔබෙන් ඇසිය යුතු වන්නේ මෙයයි. මහින්දාගමනය පුරාවිද්‍යාත්මකව තහවුරු කළ හැකි යථාර්ථයක්‌ද?. නොඑසේනම් උත්කර්ෂවත් සාහිත්‍යයික නිර්මාණයක්‌ද?
පිළිතුර- එය වැරදි අදහසක්. මහින්දාගමනය යනු මෙරට සංස්‌කෘතිය වෙත තීරණාත්මක බලපෑමක් ඇති කළ ඓතිහාසික සිද්ධියක්. එය පුරාවිද්‍යාත්මකව සනාථ කිරීමට අවශ්‍ය සාධක තිබෙනවා. අම්පාර රජගලකන්දේ පිහිටි "යෙ ඉමදිප පඨමය ඉදිය අගතන" යන සෙල්ලිපිය ඊට කදිම නිදසුනක්. මා මෙහිදී අදහස් දක්‌වන ලද්දේ ඊට පෙර පැවති තත්ත්වය පිළිබ`දවයි. මිහිඳු හිමියන් මෙහි වැඩම කළ විගස මේ රටේ බුදුදහම ඉතා හොඳින් පැලපදියම් වුණේ ඊට පෙර අවධියක සිට බුදුදහම මෙරට වැසියන්ට ආගන්තුක නොවූ නිසා යෑයි කල්පනා කිරීම සාධාරණයෑයි මම සිතනවා. මහින්දාගමනය පමණක් ඉස්‌මතු කර දැක්‌වීමට වංසකථා රචකයින් විසින් දරා තිබෙන උත්සාහය නිසා ඊට පෙර අවධියක මෙරට විසූ බෞද්ධයින් යටපත් වීම සිතාමතා කළ සාහසික ඓතිහාසික ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසයි මා දකින්නේ. මේ ගැන මීට වඩා තොරතුරු හෙළිදරව් කිරීමට අපට තව කාලයක් අවශ්‍යයි.
සංවාද සටහන
ජානක ලියනආරච්චි
Last edited:
ලුණුගල්ගේ වී ඇට තුළින් හෙළි වූ
නවශිලා යුගයේ චින්තන විප්ලවය
ලලීන්ද්‍ර සන්නස්‌ගම
ර/ ශාන්ත ඇලෝසියස් විද්‍යාලය රත්නපුර.
'ලංකා මානව විද්‍යා සංගමය' විසින් කරන ලද ආරාධනයෙන් පසුගිය ජනවාරි 23 වැනි සෙනසුරාදා උදේ 10.00 සිට පැය දෙකක් පුරා වෘත්තීයවේදීන්ගේ සංගමයේදී 'ශ්‍රී ලංකාවේ මෑත ප්‍රාග් ඉතිහාසය පිළිබඳව (Lower- prehistory) පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කරන ලද විශිෂ්ට දේශනයේ න්‍යායික කොටස්‌වලින් කළ උපුටා ගැනීම් කීපයක් පිළිබඳව වැඩිදුර කියවීමකි මේ. එහිදී අනාවරණය කළ පරිදි වෘත්තාන්ත ගතකළ ඉතිහාසයේ රේ‚ය කියවීම් අතික්‍රමණය කරන ලද සන්දර්භීය අවකාශයන් රැසක නලියමින් පැවත ආ නව ශිලා යුගයේ (The Neolithic period) බුද්ධිමය විකසිතවීම් රැසක සමෝධානයෙන් පහළ වූ දේශජ සභ්‍යත්වයක් පිළිබඳ ඥාණනය කිරීමට හැකිවීම පුදුමසහගතය. ඇත්ත වශයෙන්ම එය අඛණ්‌ඩව පැවත ආ ආදීවාසී ජනරැසක් නිපදවන ලද ද්‍රව්‍යමය අවශේෂවලින් ආනුභාවික ලෙස පිළිබිඹුවන දාර්ශනික සංකල්ප රැසක් හඳුන්වා දීමකි. මේ කියන සන්දර්භීය විශ්ලේෂණයෙන් රේ‚ය ඉතිහාසකරණ ගුරුකුලයේ ඇගයුම් පද්ධතිය පිපිරවී රේ‚ය ලෙස අතීතය කියවීමේ සම්ප්‍රදාය කාර්මික විප්ලවයේ ගොදුරු බිම් වෙත බටහිර පඬුවන් කාවද්දන ලද්දකි. මේ දේශනය අවසානයේදී මට පසක් වූයේ පශ්චාත් යටත් විජිත යුගයේ උගතුන් කිරීටයේ උපාය දූතයන් ලෙස කටයුතු කර ඇති බවකි. නියෝලිතික යුගයේ චින්තන විප්ලවය පිළිබඳ ලාංකීය ප්‍රජාවට පළල් දැනුමක් සැපයීම කාලීන වුවමනාවක් සේ ගතිමි.
මහාචාර්ය රාජ් සෝමදේව මහතා කරන ලද මධ්‍ය කඳුකරයේ සිට පහළ බෑවුම දක්‌වා වළව නිම්නය අවට විවිධ ප්‍රදේශවල කරන ලද අධ්‍යයනයන් රැසක් ප්‍රකාශයට පත් කර ඇත. එනම්, The
Galpaya survey : report of the first field season -2006 (by De Silva, Nimal; Somadewa, Raj), Rock Painting and Engraving Sites in Sri Lanka- 2012, Archaeology of the Uda Walawe basin -2010, The kaltota survey-2015, Archaeology of the mountain-2015 යන ග්‍රන්ථද වරින් වර සැපයූ ලිපි, සම්මුඛ සාකච්ඡාවල පර්යේෂණ පත්‍රිකා මගින් මේ මතවාදය ඉදිරිපත් කර ඇත. එදින දේශනය ඒ සියල්ලේම මනා සම්පිණ්‌ඩනයකි. බලංගොඩ මානවයා පෙනී සිටින අවසන් රූපය වන මාතොට ක්‍රි. පූ. 1800 ත් ඉන්දු-ආර්ය ජනතාවකගේ පැරැණිම රූපයක් බව කියන ඇතුළු නුවර ක්‍රි.පූ. 900 ත් අතර මැද ඉතිහාසයේ කළුකුහරය වෙත දීප්තිමත් ආලෝක ධාරාවක් පතිත කිරීමට ඒ පර්යේෂණ වාර්තා පොහොසත්ය. නියෝලිතික චින්තන විප්ලවයේ නියමුවන් පිළිබඳ ඉතිහාසයේ ශෝකජනක ඉරණම පිළිබඳ දැක්‌වූ අදහස් සාරාංශ කළ විට මෙසේය,
මීට අවුරුදු 125,000 ආසන්න කාලයක සිට දිවයිනේ හෝමෝ සේපියන්වරු සිටි බවට බූන්දල-පතිරාජවෙල ආදි ස්‌ථානවලින් තහවුරු වී තිබෙයි. මේ කියන සංක්‍රමණික මුල් පදිංචිකරුවන් ෆාහියන්ගල, බටදොඹ ලෙන ආදී ස්‌ථානවලින් ලබාදෙන සාක්‌ෂි අනුව ක්‍රි. පූ. 1800 වන තුරු දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ පැතිරි අඛණ්‌ඩව ජීවත්වී ඇති බවට සාක්‌ෂි හඳුනාගෙන තිබෙයි. නමුත් ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ මාතොට කැණීමෙන් හමුවූ ක්‍රි. පූ. 1800 ට පූර්වයේ වූ ප්‍රාග් ඓතිහාසික ජනාවාසයක් (Prehistoric setllmant) හැර වෙනත් කිසිදු සාක්‌ෂියක් ඒ පිළිබඳ නොවූ බව ඒ මහතා අවධාරණය කළ බව පැවසේ. ගුහා මෙන්ම ගංගාධාරවල පවා කරන ලද වැඩිදුර සොයා බැලීම් කිසිවකින් බලංගොඩ සංස්‌කෘතියේ අවිäන්න පැවැත්ම සනාථ කරගැනීමට සාක්‌ෂි නැති බව මෙතැනින් පසු අවධාරණය කෙරෙයි. දෙවනුව, අනුරාධපුර ඇතුළු නුවර කැණීම්වලින් (excavation) ක්‍රි. පූ. 900 ට අයත් ආකාස්‌මික ප්‍රභවයක් කියාපාන බව කියන යුත් සංස්‌කෘතියක් දැරණියගල මහතා විසින් හඳුනාගෙන ඇත. එහි වූ අක්‌ෂර-යකඩ-අශ්වයා ආදිය පිළිබඳ සාක්‌ෂි පදනම් කරගෙන ඒ සංස්‌කෘතිය උතුරු ඉන්දියානු සම්භවයකින් යුතු බව ශිරාන් දැරණියගල මහතාම අවධාරණය කරන්නට යෙදුනි. මේ නිසා මාතොට ක්‍රි. පූ. 1800 ත් ඇතුළු නුවර ක්‍රි.පූ. 900 ත් අතර මැද කාලය මානව ක්‍රියාකාරකම් කිසිත් නැති බලංගොඩ සංස්‌කෘතිය අභාවයට ගියා හා සමාන තත්ත්වයක් අවධාරණය කර තිබුණි. ඒ අයුරින් නිෂ්ක්‍රීය මානව සමාජයක් වෙත ඉන්දු-ආර්ය ජනතාව පැමිණ ඇති බව පුරාවිද්‍යාවෙන් පිළිගැනීම සැබවින්ම මහාවංශයේ වෘතාන්ත මනා ලෙස සාධනය කිරීමකි. ඒ කියන වෘතාන්තකරණය අතික්‍රිමණය කරමින් වඩාත් පළල් ලෙස ඉතිහාසය ගොඩනැඟීමට ප්‍රාග් ඉතිහාසයයේ (prehistory) රික්‌තකය පිරවිය හැකි සාක්‌ෂි සෙවීමට සිදුවිය. මෙය තේරුම් ගැනීමට වංසකතා භාවිතා කළ ආකාර නිසා ඇති වූ ගැටලු සහගත තත්ත්වය පළමුව තේරුම් ගනිමු,
දීපවංසය වෘත්තාන්ත ඉතිහාසයේ අප දන්නා ආරම්භක ග්‍රන්ථයයි. එය භික්‌ෂුණීන් වහන්සේලාගේ පරම්පරා ඉතිහාසය සහ අනුග්‍රාහක රජවරුන්ගේ නාමාවලියක් සැපයීමෙන් ඔබ්බට ගමන් කර නැති බව හැඟෙයි. එහි කියෑවෙන දුටුගැමුණු පිළිබඳ වීර කාව්‍යමය ශක්‌තියෙන් ප්‍රජාව කුළුගන්වා යුද සංවිධානය කළ අයුරු ධාතුසේන පිළිබඳ වෘතාන්තයක් කියෑවෙයි. ධාතුසේන රජුගේ අනුදැනුමෙන් මහානාම හිමි දීපවංශයම ප්‍රසාරණය කර භික්‌ෂුවංස කතාවක් විලාශයෙන් රචිත මහාවංසයේ අනුග්‍රාහක රජවරුන් පිළිබඳ අගතිගාමී වැනුම්වලින් පොහොසත්ය. රටේ ඉතිහාසය සකස් කිරීමේදී තනිකරම මේ ග්‍රන්ථ ආකෘතිය මනාලෙස අවධාරණය කරතිබීම සැබවින්ම අගතිගාමී විලාශයක් ගත්තේය. කොඩ්රින්ටන්-පරණවිතාන ගුරුකුලය විසින් ලංකාව ඉන්දු-ආර්ය ජනතාවගේ සංස්‌කෘතික ප්‍රාන්තයක සීඝ්‍රයෙන් ලංකාවේ ඉතිහාසය සකස් කිරීමේ ප්‍රතිඵලය වූයේ පුරාවිද්‍යාවද ඊට ගොදුරුවීමයි. මේ ඉන්දු-ආර්ය ගුරුකුලය මොනම අයුරකින්වත් පිපිරවිය නොහැකි අයෝමය බලකොටුවක් ලෙස සැලකිලි ලබමින් සිටියදී මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ආගමය සිදුවන්නේය.
මේ කියන නියෝලික යුගය අධ්‍යයනය කිරීමේදී කරනු ලබන වත්-පිළිවෙත් පිළිබඳ දැනුවත් කරන්නේ මෙසේය. 'සම්මත ඉතිහාසයෙන් ඈත අතීතය විද්‍යාත්මකව පරීක්‌ෂණයට ලක්‌කළ හැකි බව තහවුරු වෙනවා. එය දෘෂ්ඨ§ගෝචර ලෙස පරීක්‌ෂාවට ලක්‌කර ඉවසිලිවන්ත ලෙස අර්ථකථනය කළ යුතුය. එක් ව්‍යqහයක් (structure) තවකෙකුට රූපාන්තරණය වීමේ ස්‌වභාවය ද්‍රව්‍යමය සාක්‌ෂි අධ්‍යයනය තුළින් කියෑවීමේ විකල්ප ක්‍රමෝපායක් හඳුන්වා දෙමින් දඩයක්‌කාර සේපියන්වරුන්ගේ බුද්ධිමය විපර්යාසයක් ගණනය කිරීමට යොමුවීම මෙහිදී අවධාරණය කෙරේ. දඩයක්‌කාර මානව සමාජයක් ගොවි සමාජයක් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය පිළිබඳ ද්‍රව්‍යමය සාක්‌ෂි එකතු කිරීම සඳහා වසර 8 කට ආසන්න කාලයක් පුරා කරන ලද පර්යේෂණවල තොරතුරු ගෙනහැර පෑම සිදු කෙරේ.
අදින් වසර 7000 ක් තරම් ඈතකදි ඇති වූ දේශගුණ විපර්යාසයක් නිසා ඉහළ කඳුකරවල නියං කාලයක් ඇති වී. මේනිසා මීට වසර 10000 ක් තරම් ඈතකදී හෝර්ටන්තැන්න තරම් ඉහළ බිම්වල පැතිරී සිටි පැලියොතික (the paleolithic) ජනාවාසවල පැවැත්ම අවදානම් තත්ත්වයකට පත්ව ඇත. වසර සිය ගණනක් පුරා පරිසරයේ පැවති වියළි දේශගුණය නිසා බලංගොඩ මානව ප්‍රජාවට තම දඩයක්‌කාර දිවිය ශාකමය ආහාර පරිභෝජනය දක්‌වා වෙනසක් ඇති කර ගැනීමට සිදුවිය. ශාකමය ආහාර පරිභෝජනය නිසා ජනගහනයේ වෙනසක් සහ සුදුසු වාසභූමි සොයා යාමක් නව ශිලා යුගයේදී ඉපිල ආ නව ප්‍රවනතාවය විය. ඒ අන්දමින් ගොවීන් බවට වෙනස් වෙමින් පැවැති දඩයක්‌කාර ජනරැසක අවශ්‍යතා සහ හැකියාවන් සංකීර්ණ වෙන්නට පටන් ගැනීමේ අතුරු ඵලයක් ලෙස විද්‍යාත්මක ඥානය පහළ වන්නට විය. ඒ පහළ වූ විද්‍යා ඥානය කැටිකර දක්‌වන මිනිස් ක්‍රියා පිළිබිඹු කරන පුරාවස්‌තු රැසක් වළව නිම්නය අවටින් ලැබෙයි. හල්දුම්මුල්ලේ නියෝලිතික බිමකින් මැටි ඔරු (Canoe barial) විශේෂයක තැන්පත් කළ මිනී අලු සහිත බඳුන් ඇති සුසානයක් හමු විය.
එහි අලු බඳුන්වල අධික යකඩ සාන්ද්‍රණයකින් යුත් ගෝලාකාර යබොරද (රාවණා ගුලි ?) අසුරා තිබිණි. මෙතැනින් කියෑවෙන්නේ අලු බවට පත්කළ විට මාංශමය කොටස් දීර්ඝකාලීනව තබා ගැනීමේ හැකියාව තේරුම් ගෙන තිබීමයි. එසේම අලු-අඟුරු සමඟ යකඩ තබන්නේ කිසියම් ආගමික උවමනාවකින් විය යුතුය. දැන් පවා රාත්‍රියේ දී මස් ගෙන යන විට භූත දෝෂ නැති කරවා ගැනීමට අඟුරු සහ යකඩ කැබැල්ලක් ගෙන යන සිරිතක් ඇත. මේ නිසා මිනිසාගේ භෞතික රූපකායට අමතරව පාරභෞතික යමක් මිනිසාට ඇති බවත්, මරණින් මතු එහි පැවැත්ම පිළිබඳ දැක්‌වූ උනන්දුවක් මේ ආදාහන විධියෙන් කියෑවෙයි. ලංකාවේ පැරණිම යකඩ උපකරණ ලෙස මෙතෙක් දැනසිටියේ අනුරාධපුර ඇතුල්නුවරින් හමුවූ යකඩ අවශේෂයන්ය. නමුත් හල්දුම්මුල්ලෙන් වසර 4000 ක සිට රංචමඩමෙන් වසර 3300 ක් දක්‌වා අතරමැදි අවධි සහිතව අවිජින්නව පැවත ආ යකඩ තාක්‌ෂණයක සාධක තහවුරු වී තිබේ. යකඩ මිනීඅලු බඳුන්වල තැබීමෙන් මියගිය ඥාතියා හෝ පූජකයාගේ හෝ පූජනීය බවක් අදහස් කළේ විය හැකිය. දැනුදු නිල්ගිරි කඳුකරයේ සමහර ආදිවාසී ගෝත්‍රිකයන් යකඩ කර්මාන්තයේ යෙදෙන අතර යකඩ නිෂ්පාදකයා ගෝත්‍රයේ ප්‍රධාන පූජකයා සහ ගෝත්‍ර නායකයා යන අදහසින් 'අයිනෝ-ර් යනුවෙන් අමතයි. තමිල්නාඩුවේ නිල්ගිරි කඳුකරයේ වෙසෙන කෝටා නමැති ගෝත්‍රික ජනතාවගේ විශ්වාසයන් යකඩ කර්මාන්තය පදනම් කරගත්තකි. අපගේ මුල් බ්‍රාහ්මී ලිපිවලද පාලක පංතියට අයත් පාර්ශ්වය තමන් හඳුන්වාගෙන ඇත්තේ 'අය' ලෙසය. තවද 'අයිමර' නමැති පුද්ගල නාමයක්‌ද මුල්බ්‍රාහ්මී ශිලා ලිපියක වෙයි. මේ නිසා යකඩ කිසියම් පූජනීය තාක්‌ෂණික යමක් වී තිබුණු බව හැඟෙයි. එක් සන්දර්භයක ගොඩනැඟෙන දැනුමක් තවත් සන්දර්භයක සමරූපීව තිබීම හුදෙක් අන්තර් සබඳතාවක් බලහත්කාරයෙන් ගොඩනැඟීමට යොදා නොගත යුතු බව පෙනෙයි.
අනුරාධපුර මිහින්තලය-වෙස්‌සගිරිය ඈ මාගධී ඇසුරලත් ලෙන් විහාරවල කටාරම් සහ අක්‌ෂර සියුම් ගැඹුරු සහ එකම ස්‌වරූපයේ ඒවා බව පෙනෙයි. නමුත් වළව නිම්නයේ ලෙන් විහාරවල මෙවැනි සමාන බවක් දිස් නොවේ. මේ පිළිබඳව මා පුද්ගලිකව විමසූ විටෙක මහාචාර්ය රාඡ් සෝමදේව මහතා අවධාරණය කළේ මෙවැන්නකි. "සමහර තැන්වල කටාරම් නෑ හැබැයි ලෙන්වල ඉඳපු බව පේනවා. සමහර තැන්වල ඉතාම සුඵ වශයෙන් හාරා කළ කටාරම් තියෙනවා. තවත් තැන්වල ඊට වඩා ක්‍රමවත්. තවත් තැන් කීපයක සමාන්තර ඉරි තුනේ රටාවක ආකාරයට කොටපු කටාරම් තියෙනවා. මේවයෙ අනුපිළිවෙළක් හැදුවොත් කටාරම් කෙටීමේ තාක්‌ෂණය එකවර සිදුනොවූ-ක්‍රමික දියුණුවක් ලබා කලාත්මක තලයකට ගෙන ආවක් බවත් පේනවා." ඒ ප්‍රකාශය බැලූවිට කටාරම්වල විවිධත්වය යනු නියෝලිතික යුගයේ යකඩ තාක්‌ෂණය ලෙන් විහාර කර්මාන්තයට යෙදීමේදී ඇති වූ තාක්‌ෂණික පරිණතිය අවධි ප්‍රස්‌ථාරගත කර දැක්‌වීමක් වැනිය. මෞර්ය ශිලා ලිපි ඔපමට්‌ටම් කළ මතුපිටක ක්‍රමවත් අකුරු සමාන්තරව කොටා ඇති බව පෙනෙයි. එවැනි සමරූපී බවක් කිසිලෙසකින් හෝ මුල් බ්‍රාහ්මී ලිපිවලින් නොපෙනෙන්නේ එය දේශජ ශිල්ප ක්‍රමයක දියුණුවක් නිසාය. මේ දියුණුව ඇරඹෙන්නේ නවශිලා යුගයේ කම්මල්කරුවන් වෙතින් බව කීම නිදොස්‌යෑ.
ඇඹිලිපිටියට නුදුරු රංචමඩම නමැති ස්‌ථානයක පුරාබිමකින් (Archaeological site) හමුවූ මෙවැනි මැටි ඔරු මනා ලෙස පුළුස්‌සා තිබුණි. තවද වායු නළ එහි අඩියෙහි තිබුණි. දිනපතා පුවත්පතකින් පවා මේ සොයා ගැනීම ඉහළ අගයකින් විස්‌තර කර තිබුණි. එනම් දහනය සඳහා වායුව අවශ්‍ය බව මීට වසර 3300 ක් තරම් ඈතකදී ලංකාවේ නියෝලිතික මිනිසා දැනසිටි බවයි. මැටි ඔරුවල විශාල ශ්‍රමක් කැපකර කරන ලද ආහාහන විධිය වාසභූමි පිළිබඳ සංකල්පයක් කැටිකර දක්‌වයි. ලුණුගල්ගෙයින් හමුවූ එක් ගල් ආයුධයක එක පැත්තක පමණක් වන සේ මිනිස් ලේ ආලේප කර හෝ ගෑවී හෝ තිබුණි. එයද කිසියම් වතාවත් පැවැත්වීමට නටබුමක් විය හැකි බවත් එය තවදුරටත් අධ්‍යයනය කරන බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා අවධාරණය කළේය.
මේ විශිෂ්ට සොහොන් ක්‍රමය ආදිවාසී ජන සමූහයක් (indigenous peoples) තම සංචාරක දඩයක්‌කාර ජීවන ක්‍රමය අතහැර ස්‌ථිර පදිංචියට යොමු වූ බව උවමනාවටත් වඩා තදින් තහවුරු කරන්නකි. එකම ගු=හාවක විශාල ගිනිගල් එකතුවක් ලුණුගල් ගෙයින් හමු විය. එහිම විවිධ ධාන්‍ය වර්ග රැසක්‌ද වෙනත් ඇට වර්ගද හමුවිය. මේ කියන ගිනිගල් එකතුව සහ ඇට-ධාන්‍ය දඩයක්‌කාර මිනිසාගේ ජංගමශීලී ගතිපැවැතුම්වල වෙනසක් පළමු වතාවට නිරූපණය කරයි. ලුණුගල්ගේ සැබවින්ම දඩයම් යුගයෙන් ගොවි යුගයට රූපාන්තරණය වූ වග පිළිබිඹු කරන පුරාවස්‌තු නිධියක් වැනිය. ඒවා විතැන්වූ දඩයක්‌කාර සමූහයක (hunting and gathering) රූපාන්තරණයන්ය. වසර 6000 දී ඇරැඹි මේ යෑපුම් ක්‍රමය පහළ වළව නිම්නයේදී ක්‍රි. පූ. පළවන සහස්‍රයේදී කූඨප්‍රාප්තියට පැමිණ ඇති බව කියාපාන පුරා රූප ගල්පාය රංචමඩම සහ උඩ රංචමඩම යන තැන්වලින් හැඳිනගෙන ඇත.
ගෘහස්‌ථකරණය (the domestication) පිළිබඳ විශිෂ්ට නිදර්ශනයක්‌ද පහළ වළව නිම්නයේ රංචමඩමෙන් හඳුනා ගන්නා ලදී. උඩ රංචමඩමෙන් හමුවූ එක් නිවාසයක අත්තිවාරම හඳුනා ගන්නා ලදී. එහි බඳුන්-ඇඹරුම්ගල්-පබඵ-රූපලාවන්‍ය උපකරණ ආදී බොහෝමයක් ගෘහ උපකරණ හමුවිය. එතැන නවශිලා යුගයේ ජනපදකරණයේ පරිපූර්ණ නිමාව පිළිබිඹු කරයි. (තවත් ජනපද රටා (settlement patterns) ගණනාවක් කල්තොට සමීක්‌ෂණයේදී හැඳිනගෙන ඇත.) ඒ භූ රූප ක්‍රි. පූ. 1800 දී අන්තරාධාන වූ බවකී බලංගොඩ මිනිසාගේම පෙනී සිටීමකි. මේ වන විට ආර්ය ජනතාව ඉන්දියාවේ හෝ මෙවැනි උසස් සභ්‍යත්වයක් නිපදවූ බව පිළිබිඹු කරන ද්‍රව්‍යමය අවශේෂ අප හමුවේ නැති. රංචමඩමේ නිවාසවලට වඩා තවත් වසර 600 කට පසු උපතිස්‌ස ගාමණී අනුරාධ ගාම ආදී ආර්ය ජනපද පිහිටවීමක් වංශකතාවල කියෑවෙන බව පෙනෙයි. ඒ ආකාස්‌මික ජනපද ලේඛනයට යටවී ඇති නියෝලිතික ජනපද ඉතිහාසයට ඉගැන්වීමට පටන් ගෙන තිබීම මහත් භාග්‍යයකි.
වල්මීතලාවේ හුණුගලාගල නැමති ගුහාවකින් විශිෂ්ට ගණයේ නව ශිලා යුගයට අයත් පුරාවස්‌තු (artifacts) රැසක් හැඳිනගෙන ඇත. ඒවායින් සමහරක් පුරුෂ ලිංග රූපී ගල් පතුරුය. කඩා සකස් කළ ස්‌ත්‍රී නිමිති කීපයක්‌ද වෙයි. මේ නිසා ත්‍රිමාන ලෙස පිටපත් කිරීමේ ශිල්පක්‍රම මීට වසර 4000 ක් තරම් ඈතකදී වල්හපුතැන්න නියෝලිතික මිනිසා දැන සිටි බව නිසැකය. සමහර ස්‌ත්‍රී නිමිතිවල රෙඩ් ඔකර් (රතු ගරුගල්) උරච්චිකර ඇති බව දක්‌නට තිබුණි. එය කිසියම් අභිචාරී වතාවත් කිරීමකි. ප්‍රජනන හැකියාව හා බැඳි වතාවත් තැබීමෙන් දරු උපත් පිළිබඳ තිබූ විශේෂ උවමනාවක් කියවෙයි. ඒa අන්දමින් ප්‍රජනනය පිළිබඳ අසාමාන්‍ය උවමානාවක් දැක්‌වූයේ ගොවිතැනට අවශ්‍ය ශ්‍රම සම්පත නිපදවා ගැනීමට සමාජයක් ලෙස උනන්දු වූ නිසාය. වල්මීතලාවේ නියෝලිතික මිනිසා භාවිතා කළ ඇඹරුම්ගල් ඒ වග වඩාත් තහවුරු කරයි. නමුත් ධාන්‍ය වර්ග වාසභූමිවලින්ම පළමුවරට හඳුනා ගත්තේ මීට මාස කීපයකට පෙර කැණීම් අවසන් කළ බලංගොඩ, ඉලූක්‌තැන්න අසල ලුණුගල්ගේ නමැති ගුහාවෙන්ය. පිළිස්‌සූ ධාන්‍යවල (seads) අවශේෂ ඉහළ ස්‌ථරවල දක්‌නට ලැබුණි. ඒවා වල් තෘණවලින් ලබාගත් බව සිතිය හැකිය. වසර 6000 ක් තරම් ඈත කාලයකදී මේ ධාන්‍ය වර්ග භාවිතා කර ඇති බවට කාලනිර්ණය කර තිබුණි. පසුව කළ ක්‌ෂේත්‍ර ගවේෂණයේදී ලුණු ගල්ගේ අවටින් විවිධ ධාන්‍ය වර්ග 31 ක් පමණ හඳුනාගත හැකි විය. ඒ සමහර ධාන්‍ය වැවී තිබුණු කැලෑ ප්‍රදේශවල ශිලා මෙවලම්ද (stone tools) විසිරී තිබෙනු දක්‌නා ලදී. මේ නිසා නියෝලිතික මිනිසා ක්‌ෂුද්‍ර ශිලා මෙවලම්වලින් කළ නවතම කාර්යයක් යටතට ධාන්‍ය කරල් කැපීමද ගත හැකිය. මෙය නූතන දෑකැත්තේ ප්‍රභවය පිළිබඳ ඉපැරණි සාක්‌ෂියක් විය හැකිය. මේ නිසා දිවයිනේ ඇති මිනිස් පරිභෝජනයට ගන්නා දහස් ගණනක් වන ශාක වර්ගවලින් පංගුවක හෝ උපයෝගීතා අගයන් හැඳින ගනිමින් සිටියේ නවශිලා යුගයේ මිනිසුන් බව එහිදී අවධාරණය කෙරිණ. මෙය සැබවින්ම නියෝලිතික විප්ලවයක් (Neolithic Revolution) සිතුවම් කර ඇති බව සටහන් කළ යුතුය.
මේ නියෝලිතික බිමෙන්ම හමුවූ තවත් සුවිශේෂ උපකරණයක් නම් තිත් 19 ක් සලකුණු කළ වැලිගලකි. මෙය ගිම්හාන කාලයේදී පායන ඔරායන් තාරකා පංතිය බව හැඳිනගෙන ඇත. (චීනයෙන්ද මේ හා සමාන පුරා-තාරකා විද්‍යාවේ (archaeoastronomy සාධකයක් හැඳිනගෙන ඇත.) මේ ගල්පුවරුව ධාන්‍ය අස්‌වැන්න නෙළාගන්නා කාලය මැන ගැනීමට භාවිතා කළ බව පැහැදිලි කරයි. ලුණුගල්ගෙයින් හමුවූ ඝනකයක හැඩයට කපා මැදින් සිදුරක් විදින ලද ගලක් හමුවිය. එය මැණික් වර්ගයකට අයත් බව බව කිව හැකිය. මේ දෘඪ පාෂාණය කැපීම-මැදින් සිදුරු කිරීම යන කාර්යයන් දෙකින් කියෑවෙන්නේ නියෝලිතික යුගයේ දී ක්‌ෂුද්‍ර ශිලා මෙවලම් හැදීමේ තාක්‌ෂණය මැණික් කැපීම දක්‌වා දියුණු කර ඇති බවය. පසුකාලීන පූර්ව බ්‍රහ්මී ශිලා ලිපිවල 'මණිකර' (මැණික්‌කරුවන්) (S. Paranavithana, Inscription of Ceylon, vol.1: no; 815) ලෙස හඳුන්වන කාර්මික ශිල්පීන් ඒ තාක්‌ෂණය තමන් වෙත ලබාගෙන ඇත්තේ නියෝලිතික ක්‌ෂුද්‍ර ශිලා කාර්මිකයන් වෙතින් විය හැකිය. මේ ලෙණෙන් හමු වූ මැටි පබඵ සහ විදින ලද මැණික් යාතු කර්ම සඳහා හෝ රූපාලංකරණය සඳහා යෙදූබවනම් නිසැකය. වල්මීතලාවේ අතින් හැදූ මැටිවළන්ද, ලුණුගල්ගෙයි සකපෝරුවේ හදා පිළිස්‌සූ වළංද, රංචමඩමෙන් හමුවූ පෝසිලෝන් මෙන් රත්කර රක්‌තවර්ණ වර්ණ තීරු වලින් අලංකරණය කළ මැටි වළං ද පෙළ ගැස්‌සූ විට ශත වර්ෂ ගණනාවක් පුරා බලංගොඩ මිනිසා කළ අත්හදා බැලීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස උසස් කලාත්මක මැටි බඳුන් කර්මාන්තයක් පිලිඹිබු වෙයි. නමුත් මේ දේශජ තාක්‌ෂණික දැනුම මගහැර ඊට බොහෝ පසුකාලීනව ග්‍රීසියේ නිපදවූ ඇම්පෝරා වැනි බඳුන් පිළිබඳ මෙරට පාසල්වල ඉගැන්වීම කොතෙක් දුරට විහිළුසහගතදැයි සිතාගත හැකිය. නියෝලිතික යුගයේ කලාත්මක ඥානය පුළුල්වූයේ කොතෙක්‌දැයි මැනගත හැකි අනෙක් පුරාවස්‌තුවකි. ඒ මැටියෙන් කර පිළිස්‌සූ අං යුවලකි. මෙය සමමිතික ත්‍රිමාන හැඩ ප්‍රතිනිර්මාණය කිරීමේ දැනුම සහ හැකියාව සහතික කරවන්නකි. එය 'ලංකාවේ පැරණිම මූර්තිය විය හැකි බව' අවධාරණය කරයි.
වංසකතාවලට විෂය නොවන අතීතය හෙවත් ප්‍රාග් ඓතිහාසික යුගයට යටත් මානව සමාජයක බුද්ධිමය විකසිත වීම ප්‍රමාණගත කිරීම ලංකාවේ නම් දන්නා කියන තරමින් අත නොගැසූ කටයුත්තකි. මෙය මානව විද්‍යාවේ (Anthropology) නිම්වළලු පළල් වීමකි. මහාචාර්ය රාඡ් සෝමදේව මහතා විසින් ලංකාවේ පැලියොලිතික මානවයන්ගේ අඛණ්‌ඩ බුද්ධිමය ප්‍රගමනයකින් පහල වූ ශිෂ්ටාචාරයකට බුද්ධකාලීන ධර්ම දූතයන් වහන්සේලා වැඩම කර ස්‌ථාපනය කරන ලද බුදුදහමක් පවා යෝජනා කරයි. මෙය නව ශිලා යුගයේ පුරාකෘති වලින් ඊට අයත් බුද්ධියම ප්‍රගමණය ඥාණනය කිරීමකි. එය කිසිසේත්ම 'දුර්ලභ පුරාවස්‌තු එකතුවක්' උදෙසා පොළොව හෑරීමක් නොව භූගෝලීය ඒකකයක දිවිගෙවන ලද ආදිවාසී පරපුරක බුද්ධිමය ප්‍රගමණය ප්‍රමාණගතකිරීමේ වෑයමකි. මෙතැනින් පසු නියෝලිතිය දර්ශනය විකසිත වීම ගෙනහැර පෑ හැකිය. එදින දේශනයේදී වඩාත් අවධාරණය කරන ලද්දේ 'අපේ ශිෂ්ටාචාරයේ තිඹිරිගෙය පිළිබඳ අප කිසිවක් නොදන්නා බවත්, දැන් අප ඒ පිළිබඳ දැනුවත්විය යුතු බවත්ය.' මේ ප්‍රකාශය ඇත්තවශයෙන්ම මේවන විට පවා පමාවී ඇති අප ලබාගත යුතුව තිබුණු 'චින්තනමය නිදහස් වෙත පවාවී හෝ ලද අරුණාලෝකයකි.