Sri Lankan Stamp History frm chamikawp

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අණබෙර ගැසීම, ඝණ්‌ඨාර නාදකිරීම්, කඳුමුදුන් හි ගිනි දැල්වීම, කොඩි එසවීම, දූතයන් යෑවීම, ගලේ කෙටීම සීපද ගායනාකිරිම, හූ කීම වැනි විවිධාකාර වු ‍ තොරතුරු හුවමාරු ක්‍රම තිබු අප සන්නිවේදන ඉතිහාසය වර්තමානය වෙද්දී තෑපෑල, දුරකතන, ඊමේල් ආදියෙන් දියුණුව දක්වා පැතිර ඇති අතර තැපෑල් සේවය එහි පරණම මාධ්‍යයයි.

    (“ මේ කරුණු වලට අමතරව ශ්‍රී ලංකාවේ තවත් මුද්දර බලන්න චාමිකයගේ මුද්දර පොත PDF විදිහට Download කරගන්න මෙතනින්... “ )

    තැපැල් සේවය අපට ලබා දීමට ගාස්තුවක් අය කරයි. එය අයකරන්නේ මුද්දරය යන කුඩා කොල කැබැල්ලෙනි. එය විවිධ ස්වරූපයෙන්, වටිනාකමින් හා රටට ජාතියට අභිමානයක් ගෙන දෙන සිද්ධි,ස්ථාන වැදගත් දිනයන්,පුද්ගලයන් රටකටආවේණික ජන නායකයන්, සංස්‌කෘතිමය උත්සව, සැමරුම්, චිත්‍ර, මූර්ති කලා, සත්ත්ව වර්ග ආදියෙන් ඉදිරිපත් කරනු ලබයි.
    එලෙස නිකුත් කරනු ලබන මුද්දර එකතු කිරීම ලොව ජනප්‍රියම විනෝදාංශයකි. එය දැනුම පුළුල් කර ගැනීමේ එක්තරා මාර්ගයක් මෙන්ම සිත් ඇද ගන්නා සුලු විනෝදාංශයකි.
    ලොව පළමු මුද්දරය බ්‍රිතාන්‍ය ජාතික සර්රෝලන්ඩ් හිල් නමැත්තා 1840 මැයි 01 දින හඳුන්වා මහා බ්‍රිතානයේ වික්ටෝරියා රැජිණගේ උඩුකය මුද්‍රණය කර ඇති එම මුද්දරයේ වටිනාකම පැන්ස එකකි. 1840 මැයි 06 සිට භාවිතයට ගත් එය හදුන්වන්නේ”පෙනී බ්ලැක්”ලෙසයි.
    Chamikawpblogspotcom2_zps762e07c2.jpg

    නිකුත් කළ රටේ නම (එංගලන්තය)සඳහන්ව නොතිබු අතර වර්තමානයේදීද එංගලන්තයෙන් නිකුත් කරන මුද්දරවල එරටේ නම සඳහන් කරන්නේ නැත. ඒ අනුව නිකුත් කරන රටේ නම සඳහන් නොකර මුද්දර නිකුත් කරන එකම රට එංගලන්තය යි.

    ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මුද්දරය නිකුත් කෙරුණේ 1857 අපේ‍්‍රල් 01 වැනිදාය.වික්ටෝරියා රැජිනගේ උඩුකය මුද්‍රණය කර තිබු එහි වටිනාකම පැන්ස 6 කි.
    Chamikawpblogspotcom1_zpsac2e6fc9.jpg
    මෙම මුද්දරය ලොව ප්‍රථම මුද්දරය නිකුත් වී වසර 17 කට පසුව නිකුත් කිරීම සුවිශේෂීකමකි.

    එලෙස ආරම්භ වු ශ්‍රි ලංකාවේ මුද්දර කතාව වර්තමානය වෙද්දී නිත්‍ය කාණ්ඩයේ මුද්දර, සමරු කාණ්ඩයේ මුද්දර, අති මුද්‍රිත මුද්දර ‍විදිහට පැති කඩ ගණනාවක් වී ඇත.

    එයට හේතුව ලෙස ප්‍රථම මුද්දරය නිකුත් කිරීමේ සිට ගෙවීගිය වසර 161 තුළ ලොව පුරා නිකුත් කොට ඇති මුද්දර 3,60,000 ක වැඩි ප්‍රමාණයකින් ශ්‍රී ලංකාව වසර 154 දී නිකුත් කළ මුද්දර ප්‍රමාණය 1800ට වැඩි වීමයි. එලෙස කලින් කලට අලුත් වන ඉවත් වන මුද්දර එකතු කිරීම විනෝදාංශයක් කර ගැනීමට බොහෝ දෙනා එකතු විය.

    මේ එලෙස ආරම්භ වු මුද්දරයේ, ශ්‍රි ලංකාවේ මුද්දර කලාවේ වැදගත් වු ඔබ මා නොදත් කරුණු ඔබ හමුවේ තබන්නට චාමිකයා විනෝදාශයට එකතු කල චාමිකයා සතුව ඇති මුද්දර සමඟම ඔබ හමුවේ දැනුම බෙදා හදා ගන්නට “ඉසව්‍වේ “ උත්සහයයි. කියවන්න රසවිදින්න වගේම අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.. ‍
    පරණ මුද්දර අන්තර්ජාලයෙන් තමා..

    (“ මේ කරුණු වලට අමතරව ශ්‍රී ලංකාවේ තවත් මුද්දර බලන්න චාමිකයගේ මුද්දර පොත PDF විදිහට Download කරගන්න මෙතනින්... “ )

    1815 දී ලංකවේ ප්‍රථම තැපැල්හල් 6 විවෘත කිරීම ඉංග්‍රීසින් විසින් ඉටුකරන ලදි.
    ඒ කොළඹ, ගාල්ල, මාතර, මන්නාරම, යාපනය හා ත්‍රිකුණාමලය නගරවලයි. 1832 දී කොළඹ හා මහනුවර නගර අතර අශ්ව රථ මගින් තැපැල් ප්‍රවාහනය ඇරඹුමත්, 1865 දි දුම්රියෙන් තැපැල් ප්‍රවාහනයත් ආරම්භ කරන ලදි. එලෙස ආරම්භ වු තැපෑල 1874 ආරම්භ කල විශ්ව තැපැල් සංග‍මයේ සමාජිකත්වයට 1877 අප්‍රේල් 01 වැනිදා ශ්‍රී ලංකාව හවුල් විය. නිදහසෙන් පසුව නැවත විශ්ව තැපැල් සංග‍මයේ සමාජිකත්වයට ශ්‍රී ලංකාව 1949 ජුලි 13 දින ස්වාධීන රටක් ලෙස සමාජිකත්වය ලබාගන්නා ලදි‍.

    ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මුද්දරය නිකුත් කෙරුණේ 1857 අපේ‍්‍රල් 01 වැනිදාය. වික්ටෝරියා රැජිනගේ උඩුකය මුද්‍රණය කර තිබු එහි වටිනාකම පැන්ස 6 කි.
    Chamikawpblogspotcom1_zpsac2e6fc9.jpg
    එය බ්‍රිතාන්‍යයේ මුද්‍රණය කොට මෙරටට රැගෙන විත් ඇති අතර එහි මුද්දර 240 බැගින් වු පත්‍රිකා 250 කින් යුක්ත වු අතර දම් දුඹුරු හා නිල් පැහැති කඩදාසි වල මුද්‍රණය කරන ලදි.
    Chamikawpblogspotcom16_zps1423a96b.jpg
    1872 – 80 කාලයේ ලංකා‍වේ භාවිත වු රුපියල් ශත ක්‍රමයට මුද්දර නිකුත් කිරීම ඇරඹුනි.1903 සිට පස්වන ජෝර්ජ් රජුගේ ශිර්ෂය දැක්වෙන මුද්දර මුද්‍රණය ඇරඹුණ අතර 1912 සිට හත්වන එඩ්වඩ් රජුගේ ශිර්ෂයේ රුව සහිත මුද්දර නිකුත් කිරීම ආරම්භ විය.
    Chamikawpblogspotcom5_zpse7512d47.jpg
    1935 දී ලාංකීය මුද්දර ඉතිහාසයට සුවිශේෂි වසරක් වන්නේ ලංකාවේ සොබාව,භූමිය, දර්ශණ ආදිය සමඟ මැයි 01 දා නිකුත් කල මුද්දරය සමඟයි. ඒ රබර් කිරිකපන්නියගේ රුව සහිත මුද්දරයයි.
    Chamikawpblogspotcom8_zps0c5eae09.jpg
    1935 මැයි 01 දින නිකුත් කළ පස්වන ජෝර්ජ් රජුගේ ශිර්ෂය සහිත මුද්දර 11 කින් යුක්‌ත මුද්දර කට්‌ටලය තුළින් ශ්‍රී ලාංකික සංස්‌කෘතික වටිනාකම නිරූපණය කරන සංධිස්‌ථානයක්‌ සනිටුහන් කරයි.
    Chamikawpblogspotcom14_zpsc6cb3e34.jpg
    මෙරට ආර්ථිකයේ පැතිකඩ නිරූපණයේ ලෙස තේ, රබර්, පොල් වගා පිළිබඳ දර්ශන (තේ දලුනෙලීම ශත 09, පොල් වගාව ශත 20, රබර් කිරි කැපීම ශත 02) ඓතිහාසික ශ්‍රී විභූතිය පෙන්වන දළදා මාළිගය (ශත 25) ශ්‍රී පාදය (ශත 03) සහ ඇත්තු (ශත 50) පුරාණ වැවක්‌ (ශත 30) යනාදියෙන්
    බොහෝකරුණු පැහැදිලි වෙයි.
    මින් පසු හත්වන එඩ්වඩ් රජුගේ රුව සහිතව නිකුත් කළ මුද්දර 14 කින් යුත් කට්‌ටලය ද ඉහත දර්ශනවලට අමතරවඅනුරාධපුර මුරගල් (රු. 2) සීගිරිය (ශත 10) නිරූපණය කිරීම නිසාඅපේ ඉතිහාසගත උරුමයක්‌ ලෙසටම කියාපෑ අවස්‌ථාවන් විය.
    Chamikawpblogspotcom10_zps9f7cc40f.jpg
    මින් පසු 1947 නොවැ. 25 දින නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිකුත් කළ මුද්දර 4 තුළින්
    Chamikawpblogspotcom13_zps32fbc885.jpg
    නැවත වරක්‌ දළදාමාළිගය (ශත 15) රුවන්වැලි සෑය (ශත 25) ශ්‍රී පාද කන්ද (ශත 10) සහ පාර්ලිමේන්තුව (ශත 06) මුද්දර වස්‌තු විෂයයක්‌ වීම රජුගේ ශීර්ෂය සහිත මුද්දර පෙළක අවසානය සනිටුහන් කරයි. එයට හේතුවසෝල්බරි ව්‍යවස්‌ථාව සමඟ අප රටට ස්‌වාධීනව ලැබීමයි.

    නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දරය 1948 නිදහස් සමරුව වෙනුවෙන් 1949 පෙබ 04 වැනි දින නිකුත් කල අතර එහි සිංහ ධජයත්, පලමු අගමැති ඩී.එස්.සේනානායක මහතාගේ රුවින් යුතු විය‍. එලෙසම ර‍ටේ නම භාෂා 3 න්ම මුද්‍රණය කොට තිබුනි.
    Chamikawpblogspotcom3_zps0be79183.jpg
    1956 මැයි මස 10 දින 2500 වැනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් ආධාර ලබා ගැනීම සඳහා මකර තොරණ හා හසා මුද්‍රාව සිතුවම් වු ශත 10 හා 05 වටිනාකමින්ද, ධර්ම චක්‍රය හා පහන සිතුවම් වු ශත 4 හා 2 වු මුද්දරයද නිකුත් කරන ලදි.
    Chamikawpblogspotcom6_zps67a3e79a.jpg
    ශ්‍රි ලංකාවේ මුල්ම තැපැල් මුද්දරය නිකුත් කිරීමේ 100 වසර වෙනුවෙන් වටිනාකම් 4 කින් යුතුව මුද්දර 04 ක් නිකුත් කරන ලදි.
    Chamikawpblogspotcom4_zps44966868.jpg
    1966 පෙබරවාරි 05 දා ලංකාවේ ප්‍රකට පක්ෂින් 4 නිරූපණය කරමින් ප්‍රථම සිහිවටන පත්‍රිකාව එලි දක්වන ලදි.
    Chamikawpblogspotcom11_zpsbebb5a62.jpg

    එය ශ්‍රී ලංකාවේ පක්ෂින් නිරුපනය කල මුල්ම මුද්දර කාණ්ඩයයි.
    1967 ජනවාරි 01 වැනිදා ශ්‍රී ලංකාවේ මුද්දර කාර්යංශය ආරම්භ කරන ලදි. 1967 අගෝස්තු 01 දා තේ කර්මාන්තයේ ශත සංවත්සරය සමරා මුද්දර 04 ක් නිකුත් කරන ලදි.

    1969 අප්‍රේල් 10 වැනිදා ප්‍රථම වෙසක් සැමරුම් මුද්දර 3 නිකුත් කරන ලදි.
    ලංකාවේ සතුන්, සිතුවම් මගින් නිරූපණය කරන ප්‍රථම මුද්දර කාණ්ඩය 1970 මැයි 17 එළදක්වන ලදි. බලන්න දැකලා පුරුදුද කියලා..
    Chamikawpblogspotcom12_zpsa6c90bbc.jpg
    එහි ශත 05 මිලෙන් යුතු මී හරකා, ශත 15 උණහපුළුවා,ශත 50 මිලෙන් යුතු තිත්මුවා හා රු.01 මිලෙන් යුතු කොටියා සිතුවම් මගින් අලංකාර කර තිබුනි.
    1972 මැයි 02 දා ආර්ථික කොමිසමේ රජත ජයන්තිය වෙනුවෙන් හා ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් නිකුත් කල මුද්දර යුගලය ලාංකීය මුද්දර ඉතිහාසයේ වැදගත් වන්නේ එය Ceylon ලෙස භාවිතා කල අවසන් වසර වීමයි.

    1972 දී ශ්‍රී ලංකාවේ මත්ස්‍යයන් පිළිබඳවද , 1976 දී ලංකාවේ මල් පිළිබඳවද මුල්ම මුද්දර කාණ්ඩ නිකුත් විය. 1978 දී ශ්‍රි ලංකාවේ සමනලයින් පිළිබඳවද මුද්දර නිකුත් විය.
    1980 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නත්තල වෙනුවෙන් මුද්දරයක් නිකුත් කරන ලදි.
    Chamikawpblogspotcom9_zpscecf62e8.jpg
    1982 දි තරුණ ක්‍රිස්ත්‍රියානි සංගම් ශත සංවත්සරය වෙනුවෙන් රු.2.50 වටිනාකමින් ප්‍රථම ත්‍රිකෝණාකාර මුද්දරය නිකුත් කරන ලදි.
    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මුද්දරයක් මුද්‍රණය කරනුයේ 2002/03/15 දින ආණ්ඩුවේ ගැසට් පත්‍රය මුද්‍රණයේ 200 වැනි සංවත්සර‍ය වෙනුවෙනි.

    2006/05/05 වෙසක් පොහොය දින ප.ව. 3 ට දළදා මාලි‍ගයේ දී අතිගරු ජනාධීපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් 2550 බුද්ධ ජයන්තිය සැමරුම වෙනුවෙන් මිල ගණන් හතරක් යටතේ මුද්දර 50 ක් එලි දක්වන ලදි.
    Chamikawpblogspotcom7_zpsb57d6378.jpg
    මීට පෙර එවැනි මුද්දර එකතුවක් එලිදක්වා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි.
    ඔබත් ලංකාව තුල භාවිතා කරන මුද්දර වර්ග ගැන දැන ගන්න..
    ආදායම් මුද්දර : ශත 10 සිට රුපියල් 1000 දක්වා වටිනාකම් සහිත මුද්දර මේ නමින් හැදින්වේ.
    Chamikawpblogspotcom17_zpscb537e77.jpg
    තැපැල් මුද්දර : ශත 10 සිට රුපියල් 200 දක්වා විවිධ වටිනාකම් සහිත මුද්දර
    Chamikawpblogspotcom18_zpsf167847f.jpg
    නිත්‍ය කාණ්ඩයේ මුද්දර : එදිනෙදා භාවිතය සඳහාත්, එකම රූපය යොදා ගෙන විවිධ වටිනාකම් යටතේ නිකුත් කරන මුද්දර
    Chamikawpblogspotcom19_zpsa6a0ffe9.jpg
    සමරු මුද්දර : යම් කිසි සැමරීමක් හෝ අගය කිරීමක් සඳහා වැඩි ප්‍රතිචාරයක් ලබා දීම සඳහා මේ මුද්දර සීමීත ප්‍රමාණයක් එකවර නිකුත් කරනු ලබයි.
    Chamikawpblogspotcom20_zps53dd06dc.jpg
    විශේෂ කාණ්ඩයේ මුද්දර : විශේෂ සිදුවීම් අලලා නිකුත් කරන මුද්දර වන අතර මෙය සමරු මුද්දර කාණ්ඩයටම අයත් වේ.
    Chamikawpblogspotcom21_zps868f6d4f.jpg
    අති මුද්‍රණ මුද්දර : මුද්දරයක වටිනාකම හෝ දත්ත වෙනස් කොට නැවත නිකුත් කරනු ලබන මුද්දර මෙලෙස හදුන්වයි.
    Chamikawpblogspotcom22_zps3b3abd29.jpg
    (“මේ කරුණු වලට අමතරව ශ්‍රී ලංකාවේ තවත් මුද්දර බලන්න
    චාමිකයගේ මුද්දර පොත PDF විදිහට Download කරගන්න මෙතනින්... “ )

    ඔබේ අදහස්, තවත් තොරතුරු, නිවැරදි කිරීම් ඇත්නම් ඉදිරිපත් කර යන්න....
    චාමිකයත් හොයා ගන්න දේවල්........ දැන් තමා මුද්දර ගැන වැඩියෙන් කික් එකක් ආවේ..!


    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්!
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/FONT]
    [/FONT]

     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    Ritchu

    Member
    Oct 21, 2009
    73
    4
    0
    36
    Mtchan, really a nice post. Danne nathi godak dewal igena gattha. Thnx bro. Api langa meke King Edward ge muddara thiynewa matchan. Eka dang keeyak withara watinwda bng ?
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔයා මුද්දර එකතු කරනවද ?. මන් ගාව තියනව 1970 - 1985 විතර වෙනකම් නිකුත් කරපු මුල් දින කවර.

    මම මුද්දර විතරයි එකතු කරන්නේ.......මුද්දර පොත දාලා ඇති PDF කරලා බලන්න..
    ඔයාගේ ඒවා ස්කෑන් කරලා දාන්නකෝ වෙලාවක