අනුර සහෝදරයට ඉදිරිපත් කරන්න JVP ගැන මට ගැටළු 2ක් තියනවා කාලෙක ඉදලා .
1)71 සහ 88-89 සන්නද කැරලි 2දී ඔබ තුමන්ලගේ සාමාජිකයෝ ඇතුළු රටේ තරුණයෝ දහස් ගණනක් ගාථනයට ලක් උනා එවකට තිබු දේශපාලන බල අදිකාරය විසින් .ඒ වගේම ඔබ තුමන්ලා විසින් ඔබතුමන්ලාගේ මතය නොපිළිගන්නා පිරිස් ඇතුළු කැරැල්ල මැඩ පවත්වන්නට කටයුතු කර පිරිස් ගාථනය කරා .කැරැල්ලේ මුල්‍යමය කටයුතු සදහා විවිද මංකොල්ල කෑම් කරා .මෙම සත්‍ය ඔබ තුමන්ලා පිළිගන්නවද ?අනුමත කරනවද ?
2)රටේ ප්‍රජාතන්ත්‍ර විරෝදී කටුතු වීම ,මානව හිමිකම් කඩවීම ඇතුළු එදා කැරලි ඇතිවීමට බලප හේතුන් අදත් රට තුල තව තවත් වර්දනය වන පසුබිමක අද එවැනි කැරළි ඔබ පක්ෂය විසින් නැවත ඇති නොවේ යැයි ඔබට දිය හැකි සහතිකය කුමක්ද ?
මෙම ප්‍රශ්න සදහා ඔබ පක්ෂය ප්‍රසිද්ද විවාද තුලදී සැමදා මග හැර යන අයුරු මම දැක ඇත ."එදා ඇති වූ තත්වය කතා කරන්න අපි වෙනම විවාදයක් දාගමු " මෙවැනි ප්‍රකාශ මට කිහිප විටක් අසන්නට ලැබී ඇත .මෙම ප්‍රශ්න සදහා ජනතාවට නිවැරදි පිළිතුරක් ලබා නොදෙන පසුබිමක ඔබ පක්ෂයට කිසිදිනක සමාජ පරිවර්තනක් සදහා මනාපය හිමි නොවේ .