New SmartPhone Can Be Folded And Unfolded Like Paper

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    images


    අලුත්ම ජංගම දුරකතන , තාක්ෂණයන් ගැන ලෝකයට හදුන්වා දෙන විටම වගේ ශ්‍රී ලාංකික ඔබට ඒ ගැන දැනගනීම අවශ්‍ය බව ඔබ දන්නවා.

    මේ පුවතින් ගෙන එන්නේ වක්‍ර තිරයෙන් එපිටට ගිය අලුත් උපාංගයක් ගැන කියන්නයි. මේ ස්මා්ර්ට්ෆෝන් එක නම් කර තිබෙන්නේ PaperFold ලෙස. තවමත් ආකෘතිමය මට්ටමකින් (prototype) පවතින මෙම ස්මාර්ට්ෆෝන් එක ඔබට පුලුවන් පත්තරයක් නමන විදියට නමන්න. ජංගම දුරකතනයක් පත්තරයක් විදියට නමන්න පුලුවන් කමක් ඔබ කලින් නම් දැක නැතුව ඇති. ඒත් මේ ස්මාර්ට්ෆෝන් එක ඔබට පුලුවන් පත්තරයක් වගේ පහසුවෙන්ම නමන්න , දිගහරින්න.


    ඔබ චිත්‍රපටි වල එහෙම දැකලා ඇති සිතියමක් සාක්කුවෙන් අරන් එය දිග හැර සිතියම නිරික්ෂණය කරනවා. නමල තිබුණු සිතියම දිගහැරිම තුලින් පුලුවන් වෙනවා විවිධ ප්‍රදේශ කොටස් වශයෙන් බලාගන්න. එවැනිම අත්දැකිමක් ඔබට මෙම ස්මාර්ට්ෆෝන එක තුලින් ගන්න පුලුවන්. Google Maps වැනි දේ භාවිත කරන විට වගේම Google Earth වැනි ඇප්ස් භාවිත කරනවිට ඔබට කොටස් වශයෙන් පත්තරය වගේ මෙම ස්මාර්ට්ෆෝන එක දිග හරිමින් බලන්නත් පුලුවන්.

    මිට අමතරව ගොඩක් අංගයන්ගෙන් PaperFold ස්මාර්ට්ෆෝන් එක නිර්මාණය වනු ඇතැයි අප විශ්වාස කරනවා. තවමත් ආකෘතිමය මට්ටමින් පවතින PaperFold ස්මාර්ට්ෆෝන් එක වාණිජමය වශයෙන් වෙළදපොලට නිකුත් විමට තව ටික කාලයක් ගත වේවි. කෙසේවෙතත් PaperFold නිකුත් වූවායින් පසුව ස්මාර්ට්ෆෝන් වෙළදපොලට තවත් තරගයක් ඇතිවනු නොඅනුමානයි.


    paperfold (2014): detachable screen configurations allow multitude of form factors
    upload1.jpg


    paperfold (2014): foldable thinfilm smartphone
    IMG_6946.jpg


    paperfold (2014): flattening extends image (map) across extra screen real estate
    upload2.jpg


    paperfold (2014): ultra notebook form factor with 3 displays
    IMG_7100.jpg


    paperfold (2014): convex shape renders google earth view
    IMG_6997.jpg


    paperfold (2014): 3rd detachable display used as a toolbar
    upload3.jpg


    PaperFold ස්මාර්ට්ෆෝන් එක වැඩි දුර සදහන් වන විඩියෝව