# NEW TRAFFIC PLAN IN MARADANA FROM TOMORROW # මරදානේ~මාර්ග~තුනක~වාහන~ගමන්~තනි~පැ&

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
# NEW TRAFFIC PLAN IN MARADANA FROM TOMORROW # මරදානේ~මාර්ග~තුනක~වාහන~ගමන්~තනි~පැ&

මරදානේ මාර්ග තුනක වාහන ගමන් තනි පැත්තට

මරදාන පාලම් හන්දියේ සිට කාර්මික විද්‍යාල හංදිය දක්වා ද, කාර්මික විද්‍යාල හංදියේ සිට සංඝරාජ වටරවුම දක්වා ද, සංඝරාජ වටරවුමේ සිට මරදාන පාලම් හංදිය දක්වා ද බ්‍රහස්පතින්දා (18) උදේ 6. සිට එක් දිශාවකට පමණක් වාහන ගමනා ගමනය සිදු කැරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

කලින් පැවති පෙරහුරුවේ සාර්ථකත්වය අනුව මේ ක්‍රමය හඳුන්වා දෙයි.

ඒ අනුව,



මාලිගාවත්ත පාර සහ ආමර් වීදිය දෙස සිට පිටකොටුවට පැමිණෙන වාහන සංඝරාජ මාවතින් පංචිකාවත්ත පාරට ඇතුළුවී එල්ෆීන්ස්ටන් සිනමා ශාලාව අසලින් දකුණට හැරි කාර්මික විද්‍යාල හංදියෙන් වමට හැරි පිටකොටුවට යා යුතුය.

ගාමිණි වටරවුම සහ පුංචි බොරැල්ල දෙස සිට ආමර් වීදිය හා මාලිගාවත්ත පාර දෙසට එන වාහන කෙලින්ම කාර්මික විද්‍යාල හංදියට පැමිණ එතැනින් දකුණට හැරි සංඝරාජ මාවත දිගේ ගමන් කර ආමර් වීදිය හෝ මාලිගාවත්ත පාරට යා යුතුය.

පිටකොටුව හා උසාවි සංකීර්ණය දෙස සිට ගාමිණි වටරවුම හෝ බොරැල්ල දෙසට යන වාහන කෙලින්ම සංඝරාජ වටරවුම දක්වා ගමන් කර එතැනින් පංචිකාවත්ත මාර්ගය හරහා මරදාන පාලම් හංදියට පැමිණ පුංචි බොරැල්ල දෙසට හෝ ගාමිණි වටරවුම දෙසට ගමන් කළ යුතුය.
කාර්මික විද්‍යාල හංදියෙන් උසාවි මාර්ගයට සහ පාලම් හංදිය පසුකර ගාමිණි වටරවුම දෙසට වාහන ඇතුල් කිරිමට අවස්ථාව ලැබේ.

මාලිගාවත්ත මාර්ගයේ සිට පැමිණෙන වාහන වලට සංඝරාජ වටරවුම පසු කර ආමර් වීදිය දෙසට හැරවීමට අවස්ථාවක් නොලැබේ. එසේ පැමිණෙන වාහන ඛෙත්තාරාම පාර, බබාපුල්ලේ පාර හරහා ග්‍රෑන්ඩ්පාස් මාවතින් ආමර් වීදිය පොලිසිය අසලින් ප්‍රධාන මාර්ගයට පිවිසීමට හැකියි.
[/LIST]


17(99).jpg
18(103).jpg
19(93).jpg


Source: Lankadeepa.lk

බම්ප් එකක් වත් දාල යන්න
 
  • Like
Reactions: stv