කොළඹ - කොටුව ප‍්‍රදේශයේදි පැවැත්වෙන මෝටර් රථ වාහන තරගය සදහා මාර්ග
වසා තැබීම - විකල්ප මාර්ග
වසා තැබීම - විකල්ප මාර්ග
2011.12.16 වන දින හා 2011.12.17 වන දින කොළඹ - කොටුව ප‍්‍රදේශයේදී මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වීමට නියමිතව ඇත. එම මෝටර් රථ ධාවන තරගය සදහා ඉහත දින දෙකෙහිම පැය 1800 සිට පසුදින පැය 0600 දක්වා මාර්ග වසා තැබෙනු ඇත.
සටහන - දහවල් කාලයේ මාර්ග වසා තැබීමක් සිදු නොවේ.
මේ පිළිබද විස්තර පහත පරිදි වේ.
01. මෝටර් රථ ධාවන තරගය ගමන් ගන්නා මාර්ග :-
කොටුව ලෝටස් පාර, ගලධාරි හෝටලය අසළින් ආරම්භ වී සෙරමික් හන්දිය, සී.ටී. ඕ. හන්දියෙන් වමට හැරී චැතම් වීදිය, ඩියුක් වීදිය, බාරොන් ජයතිලක මාවත ඔස්සේ ගමන් කර වමට හැරී බාරොන් ජයතිලක මාවතෙන් යෝක් වීදියට ගමන් කර යෝක් වීදිය ඔස්සේ යෝක් වීදිය බැංකු මාවත හන්දියට ගමන් කර දකුණට හැරී යෝක් වීදිය බැංකු මාවත ඔස්සේ ජනාධිපති මාවතට ගමන්කර එන්.එස්.ඒ. වටරවුම හරහා නැවත ලෝටස් පාරට පිවිස ආරම්භක ස්ථානයට පැමිණීමට නියමිතය.
02. පහත සඳහන් ස්ථානයන්ගෙන් පැය 1800 සිට පසුදින 0600 දක්වා ලොරි සහ බස්රථ කොටුව දෙසට ඇතුළුවීමට අවසර ලබා නොදෙයි.
කොල්ලූපිටිය හන්දිය, පිත්තල හන්දිය, ඉබ්බන්වල හන්දිය, ගාමිණී වටරවුම, සීනෝර් හන්දිය, කාන් වටරවුම
03. පහත සඳහන් මංසන්ධිවලින් සියලුම වාහන පැය 1800 සිට පසුදින පැය 0600 දක්වා කොටුව දෙසට ඇතුළුවීමට අවසර ලබානොදෙයි.
ගාලූ මුවදොර වටරවුම, රිගල් වටරවුම, ඛාන් ඔරලෝස් කනුව, ඔල්කට් මාවත, සීනෝර් හංදිය
04. ගාලු පාරෙන් කොටුව දෙසට ගමන් කරන වාහන සහ බස්රථ හා කොටුව දෙස සිට ගාලු පාර වාහන හා බස්රථ ගමන් කළ යුතු මාර්ගය.
ගාලූ පාරෙන් පැමිණ කොල්ලූපිටිය හංදිය, පිත්තල හංදිය, ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හංදියෙන් දකුණට හරවා මරදාන හංදිය, ටෙක්නිකල් හංදිය හරහා කොටුවට ගමන් කර සිනෝර් හංදියෙන් හරවා නැවත පැමිණි මාර්ගය ඔස්සේම ගමන් කිරිම කල යුතුය.
05. හැව්ලොක් පාරෙන් කොටුව දෙසට ගමන් කරන වාහන හා බස් රථ කොටුව දෙස සිට හැව්ලොක් පාර දෙසට වාහන හා බස්රථ ගමන් කළ යුතු මාර්ගය.
සොයිසා වටරවුම, ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හන්දිය දකුණට හරවා මරදාන හන්දිය ටෙක්නිකල් හන්දිය හරහා කොටුවට ගමන් කර සීනෝර් හන්දියෙන් හරවා නැවත පැමිණි මාර්ගය ඔස්සේම ගමන් කළ යුතුය.
06. අනෙකුත් මාර්ගයන්ගෙන් කොටුව දෙසට ගමන් කරන වාහන සීනෝර් හන්දියෙන් හරවා පැමිණි මාර්ගය ඔස්සේම ධාවනය කළ යුතුය.
ඔන්න මචන්ලා මේක තමයි Colombo Street Racing - Traffic Plan එක.
දෙයියන්ගේ පිහිටෙන් අපිට එදාට රස්සාවට එන්න බැරිවෙන ලයින් එකක් තියෙන්නේ.


ඉතිං මේ ගැන කමෙන්ට් පාරක් එහෙම දාලා යන්න......
දෙයියන්ගේ පිහිටෙන් අපිට එදාට රස්සාවට එන්න බැරිවෙන ලයින් එකක් තියෙන්නේ.



ඉතිං මේ ගැන කමෙන්ට් පාරක් එහෙම දාලා යන්න......



