සිය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ කොටසක් ලෙස එජාපයේ ප්‍රබල තනතුරු කිහිපයක වෙනස්වීම් සිදුව තිබෙනවා.
මේ අනුව අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකර තිබෙනවා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පත් කර ඇති අතර සහකාර නායක ලෙස හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කොට තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර පත්කොට ඇති අතර භාණ්ඩාගාරික ලෙස ඒ.එස්.එම්. මිස්බා තේරී පත්ව තිබෙනවා.
එජාප නායකයා ලෙසට තවදුරටත් රනිල් වික්‍රමසිංහ රැඳී සිටිනවා.