ඇඳරි නීතිය දාලා හැ*නුනානේ මේ කාළකණ්නි ආණ්ඩුව.. වෙනත් දවසක මිනිස්සු ආයිමත් එකතු වෙයි.. හැබැයි මට පොඩි ගැටළුවක් තියෙනවා වගේ පේනවා..
අපි, සාමාන්‍ය ජනතාව මේ විදියට උද්ඝෝෂණය කරලා, පාරවල් වහලා, ගෙවල් වට කරලා, මොන විදියකින් හරි ගෝඨව ගෙදර යැවුවයි කියමුකෝ.. ඊට පස්සෙ අපේ රටට තියෙන ප්ලෑන් එක මොකක්ද? මේ තියෙන තත්ත්වෙ එක්ක මැතිවරණයක් තියන්න බෑ.. ඒත් කොහොම හරි මැතිවරණයකුත් තියාගන්න පුළුවන් තැනකට රට ආව කියමුකෝ.. ඒත් ආපහු මේ පාදඩ ක්‍රමවේදය ම නේද මැතිවරණෙන් තේරී පත්වෙන උන්ට කරන්න තියෙන්නෙ? අපේ රටේ නීතිය හැදිල තියෙන්නෙ (හදාගෙන තියෙන්නෙ) පාර්ලිමේන්තුවට තේරී පත්වෙන ඕනිම සක්කිලියෙකුට පට්ට රැකවරණයක් ලැබෙන විදියට.. එහෙම නේද? එතකොට අපි අපේ රටේ තියෙන මේ ආරක්ෂණ පද්ධතිය වෙනස් කරන්නෙ නැතුව ගෝටා නෙමෙයි, 225ම ගෙදර යැවුවත් වැඩක් නෑ නේද? අළුතින් එන එවුන් ආපහු අපිට අරිනවා ටික කාලයක් යද්දි...
රජයේ සේවකයෙක් ව මම උදාහරණයකට ගන්නම්... රාජ්‍ය සේවයෙ හැම අවුරුද්දකම වැටුප් වර්ධකයක් ලැබෙනවා.. හැබැයි මේ වැටුප් වර්ධකය ලැබෙන්න නම් අදාල රාජ්‍ය සේවකයා යම් යම් පරිසාධන මට්ටම් ලඟාකරගන්න ඕනි (දැන් කට්ටිය වැලලෙන්න හදන්න එපා රාජ්‍ය සේවකයො හොරුයි කිය කියා.. ඒක වෙනම කතාවක්).. උදාහරණයක් විදියට ඒ සේවකයා පසුගිය වර්ෂයේ ලබා ගත් නිවාඩු, ආසන්නතම මාණ්ඩලික නිළධාරියාගෙ නිරීක්‍ෂණ සහ නිර්දේශ වගේ දේවල් බලනවා.. කලින් කලට තියෙන කාර්යක්ෂමතා කඩඉම් විභාග සමත් වෙලාද බලනවා.. මෙන්න මේ වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් / ඇමතිකෙනෙක් / අගමැති / ජනාධිපති වගේ හැමෝවම assess කරන ක්‍රමවේදයක් හැදුවොත් මේ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් වෙයි නේද? මම එක් යෝජනාවක් විතරයි කරේ මේ කාලකණ්නි දේශපාලුවන් පාලනය කරන්න පුළුවන් විදියෙ..
ඒ වගේම අපේ රට සංවර්ධනය කරන master plan එකක් නෑ.. කලින් කලට එන ආණ්ඩු, තම තමන්ගේ න්‍යායපත්‍ර වල විදියට තමුන්ගෙ term එක කරල යනවා.. හැබැයි රටට සෙතක් නෑ.. ඉතින් අපේ රටට master plan එකක් හඳුන්වා දීලා, බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවකට මේ master plan එක override කරන්න බැරි විදියෙ නීති ප්‍රතිපාදන ගෙනාවොත් හොඳ නැති වෙයිද?
තව මේ කතාවෙ තව කොටස් කතාකරන්න ඕනි.. ඒත් දිගින් දිගට ටයිප් කරොත් මේ පෝස්ට් එක දිග වැඩිවෙලා කට්ටියට කම්මැලි හිතෙයි කියවන්න..
මේ පෝස්ට් එක කිසිම දේෂපාලන පක්ෂයකට සහය දක්වන්න නෙවෙයි දැම්මෙ.. ඒත් අපි ගෝඨව පන්නන එක විතරක් නම් ටාගට් කරන්නෙ අපි ඉතාම තාවකාලික මානසික ලල් එකක් ගත්ත විතරක් වෙනවා.. ජාත්‍යන්තරෙත් අපිව අපකීර්තියට ලක්වෙන එක සහ අපිට ණය / ආධාර ගන්න වගේ දේවල් වලටත් ගැටළු මතුවෙන්න පුළුවන් නේද රට අරාජික වෙලා? ඒ නිසා මම හිතන්නෙ අපි ජනතාවක් විදියට එක්රැස් වෙන එක, විරුද්ධත්වය පළ කරන එක විධිමත්ව, සැලසුමක් ඇතුව කරොත් නරකද? (මම එකහෙලා කියනව ගෝඨා විතරක් නෙවෙයි හැම රාජපක්ෂ කෙනෙක්ම පන්නල දාන්න ඕනි කියලා.. ඒත් අපි ගොඩාක් දුර කල්පනා කරන්න ඕනි.. මොකද රටේ මිනිස්සු පක්ෂ, පාට, ජාති, ආගම් කිසිම බේධයක් නැතුව එක මතයකට ස්වයං ව පෙල ගැහෙන අතිශය දුර්ලභ අවස්ථාවක් මේක.. ඉතිං අපි මේ පෙළගැසීම හොඳම සහ රටට හොඳක් වෙන දීර්ඝකාලීන ප්‍රතිඵලය ලැබෙන විදියට හසුරුවාගන්න ඕනි නේද?)