Next-gen Games කියන්නේ මොනවද?
Next-gen Games කියන්නේ වචනයේ අර්ථයෙන්ම අලුත් පරපුරේ ක්‍රීඩා කියන එකයි. දැනට වසර දෙකකට විතර කලින් X Box එකෙයි Playstation එකෙයි අලුත් උපාංග නිකුත්වුන X Box One හා Playstation 4 කියල. මේවයේ තියෙන්නේ කලින්ට වඩා නවීන වගේම කාර්යක්ෂම දෘඩාංග (hardware) නිසා ඒවායේ ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩාත් වඩා දියුණුයි, කලින්ට වඩා සංකීර්ණයි. මේ ක්‍රීඩා ගැන හාහෝවක් පටන් ගන්නේ කියන E3 (Electronic Entertainment Expo) එලෙක්ට්‍රොනික ක්‍රීඩා ප්‍රදර්ශනයේදී, ඒ 2013 අවුරුද්දේ. අලුත් උපාංග වලට හරියන ක්‍රීඩා නිකුත් කරද්දී තමයි මේ වචනේ අපි අතරට එන්නේ. කොහොම හරි කියල හඳුන්වන ක්‍රීඩා වල මේ වගේ පොදු ලක්ෂණ කිහිපයක් හඳුනා ගන්න පුළුවන්.
1. වඩා හොඳ ග්‍රැෆික්ස්
වඩා හොඳ දෘඩාංග එක්ක වඩා හොඳ දෘශ්‍ය ප්‍රතිපල ලබාගන්න පුළුවන් කියන එක අමුතුවෙන්න කියන්න දෙයක් නෙවෙයි. 1080p FHD, 60 framerates per second අවුට්පුට් එකක් ලැබෙනවා වගේම ක්‍රීඩාව තුළදීත් හැම කුඩා දේට පවා අවධානය යොමුකරලා තියනවා කියල කියන්න පුළුවන්. ගහක කොලෙන් කොලේට වෙනම හුළඟට හෙලවෙන හැටි, වහද්දි වතුර බින්දු වැටිලා විසිරෙන හැටි, පිරුණු වර්නවත් පරිසර දර්ශන වගේම කෑලි කෑලිවලින් ගහන විනාශ වුනු නගර වඩා හොඳින් පෙන්වන්නට මේ අලුත් පරපුරේ ක්‍රීඩා සමත්. කොටින්ම කිව්වොත් අපිට කලින් එක දර්ශනයකදී පෙනෙන දේ ගොඩක් වැඩි පරණ පරපුරේ ක්‍රීඩා වලට වඩා.
උදාහරණ විදිහට Far Cry 4, Tomb Raider, Tom Clancy: The Division, The Witcher 3 කියන්න පුළුවන්
2. වඩා වැඩි උත්තේජනයන්
මේ කියන්නේ ක්‍රීඩාවේ අපිට කරන්න අත්දකින්න ලැබෙන දේ ගැන. අලුත් පරපුරේ ක්‍රීඩා වල අපිට කරන්න වැඩ ගොඩක් තියනවා. ක්‍රීඩාව එක්ක සම්බන්ද වෙන්න අවස්ථා ගොඩක් තියනවා. තවදුරටත් එකකදී තුවක්කුවක් අරන් වෙඩි තියන්න විතරක් නෙවෙයි තියෙන්නේ, එකටම වහනයක් පදවන්න, මුහුදේ පීනන්න, පසල් එකක් සම්පූර්ණ කරන්න වගේ ගොඩක් දේ එකතු වෙනවා.
උදාහරණ විදිහට Battlefied 4, Batman Arkham Knight, GTA 5 කියන්න පුළුවන්
3. නිදහස් ලෝකය
මේ කියන්නේ ගැන. තවදුරත් ඔබට යන්න බැරි ගෙවල්, හැරෙන්න බැරි පාරවල් අලුත් පරපුරේ ක්‍රීඩා වල නැහැ කියන එකම නෙවෙයි, ඒත් ඒ වගේ පුළුවන් ක්‍රීඩා ගොඩක් තියෙන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. පරණ පරපුරේ වගේ ක්‍රීඩා මතක නම් මේ ඒකට මුලපිරීමක් වගේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩකයාට අලුත් අත්දැකීමක් දෙන්න 'දැන් මෙතනට යන්න, ගිහින් මේක කරන්න' වගේ විධාන නැතිව. කරන්න ඕන කොහෙටද යන්න ඕන කියල තීරණය කරන්නේ ක්‍රීඩකයා මයි.
උදාහරණ විදිහට Tom Clancy: The Division, Destiny, Watch Dogs, Dead Rising 3, Need for Speed: Rivals කියන්න පුළුවන්.
4. සිංගල් ප්ලේය වගේම මල්ටි ප්ලේය
ඇත්ත මේක අලුත් දෙයක් නෙවෙයි. අලුත් දේ වෙන්නේ සාමාන්‍ය සිංගල් ප්ලේය අවස්ථාවටත් මල්ටි ප්ලේය ගුණ එකතු කරලා තියන එක. උදාහරණයක් විදිහට Need for Speed: Rivals එකේදී cop vs. street ප්ලේ කරනවා නම් එක පැත්තක් අනිත් පැත්තට කනෙක්ට් වන විදිහට ක්‍රීඩකයන් දෙන්නෙක් සම්බන්ද වෙනවා. තවත් එක විදිහක් තමයි සින්ගල් ප්ලේය ගේ අනිත් පැත්ත වෙන්නේ cloud එකක ඉන්න AI (artificial intelligence) එකක් වීම. අපි ක්‍රීඩා කරන විදිහ අනුව ඒ හතුරා හැඩ ගැසීමත් විශේෂත්වයක්. Forza 5 කියන්නේ එහෙම එකක්.
උදාහරණ විදිහට Watch Dogs, Journey, Dark Souls කියන්න පුළුවන්.
අලුත් පරපුරේ කියන්නේ ක්‍රීඩා වල උපරිමය නෙවෙයි, අනාගතයෙන් ආ එකකුත් නෙවෙයි. ඒත් අනාගතය කරා යන ගමනේ එක සංදිස්ථානයක්. ඒ මත ගොඩ නැගෙන්න පුළුවන් අඩිතාලමක්. තව යන්න ගොඩක් දුර වගේම හැකියාවත් ඕන තරම් තියනවා. පරිගණක ක්‍රීඩා ලෝලීන් හැටියට අපි ඒකට ජය ප්‍රර්ථනා කරමු.