Nexus ගෙන්නන හැටි

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Nexus ලංකාවට ගෙන්නන හැටි

    මීට අවුරුදු කීපෙකට කලින් නම් Nexus කියන ස්මාර්ට්ෆෝන් ජාතිය ගැන ලංකාවේ ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නෑ. ඒත් මෑතක ඉඳන් මේ ෆෝන් වලට පිටරට අයගෙ විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න අයගේත් අවධානය යොමු වෙලා තියෙනවා. ඒකට මුලින් ම හේතු වුනේ මේ ෆෝන් ජාතිය ඒ ඒ කාල වකවානු වල දී ලෝක ප්‍රකට අනිත් ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයන්ගේ නව මාදිලියේ ෆෝන් වලට වඩා සෑහෙන මිල අඩු වීමත්, මේ Nexus ෆෝන් වල ඉතාම ඉහළ මට්ටමේ ගුණාත්මක බවක් තියෙන එක. ඒ විතරක් ම නෙවෙයි, අද ගොඩක් ස්මාර්ට්ෆෝන් වල තියෙන Android මෙහෙයුම් පද්ධතිය ලෝකෙටම නිකුත් කරන්නේ Google සමාගමයි. ඉතින් මේගොල්ලෝ තමන්ගේ අලුත් ම මෙහෙයුම් පද්ධතිය දුවන්න සුදුසු ම වගේ ම හොඳ ම, ලාභ ම දුරකතනයත් එක එක අවුරුදු වල දී එක එක නිෂ්පාදකයින් එක්ක එකතු වෙලා නිර්මාණය කරලා ලෝකෙට ඉදිරිපත් කරනවා. ඔන්න ඔය වගේ 2009 ඉඳන් මේ වෙනකන් Google එක්ක HTC, Samsung, LG, Motorola, Huawei, Asus එකතු වෙලා Nexus ෆෝන්, ටැබ්ලට් පවා මාදිලි කීපයකින් ම හඳුන්වලා දීලා තියෙනවා.

    මේක එහෙම වුනත් මේ Nexus ස්මාර්ට්ෆෝන් සල්ලි දීලා ගන්න අවස්ථාව ලැබෙන්නේ ඇත්තටම ලෝකේ රටවල් කීපෙකට විතරයි. ඒ මොකද Google සමාගම සෘජුවම තමන්ගේ Google Store එකෙන් මේවා විකුණන්නේ ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් අතලොස්සකට විතරයි. මේවා ලංකාවට එද්දී ගොඩක් වෙලාවට ඒවායේ tag කරල තියෙන ගාණට වඩා සෑහෙන්න වැඩියි. කොටින්ම කිව්වොත් ෆෝන් එකේ ඩොලර් ගාන රුපියල් වලට හැරෙව්වොත් ඒ වගේ දෙගුනෙක ගානක් දීල තමයි ලංකාවෙන් ගන්නත් ලැබෙන්නේ. ඒ වගේ ම ඒවා ලංකවේ විකුණන කාලේ වෙද්දී අලුත් ෆෝන් එකක් Google ම හඳුන්වා දෙන්නත් ලං වෙලා තියෙන්න පුළුවන්, එහෙමත් නැත්තන් කලින් ෆෝන් එක වෙළඳ පොළට නිකුත් කරද්දී තිබුණු තාක්ෂණය තවත් දියුණු වෙලා තියෙන්න පුළුවන්.

    ඉතින් ඒ නිසා මම කල්පනා කලා ලංකාවට ලේසියෙන් ගෙන්න ගන්න බැරි මේ Nexus ස්මාර්ට්ෆෝන් එක ලේසියෙන් ම ගෙදෙට්ට ම කරදරයක් නැතුව ගෙන්න ගන්න විදිය කියලා දෙන්න. මේක මම පවුද්ගලිකවමත්, දන්න අඳුණන කීප දෙනෙක්මත් කිසිම ප්‍රශ්නයක් නැතුව අත් හදා බලපු ක්‍රමයක්. මේක Google වලින් විතරක් නෙවෙයි, Amazon වගේ ලංකාවට කෙලින්ම බඩු ගෙන්න ගන්න බැරි ඕනෙම ඇමරිකානු සයිට් එකකින් භාණ්ඩ ගෙන්න ගන්න ඉන්න අයටත් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. මෙන්න මෙහෙමයි කරන්නේ.

    1. මුලින් ම මෙන්න මේ hopshopgo.com කියන සයිට් එකට ගිහින් තමන්ගේ ඇත්ත තොරතුරු දාලා account එකක් හදා ගන්න ඕනේ. මෙයා International Shipment Forwarder කෙනෙක්. ඇත්තට ම මේක PayPal account එකක් තියෙන කෙනෙකුට කෙලින්ම ලොග් වෙන්න පුළුවන් සයිට් එකක්, නැත්තම් අලුත් ගිණුමක් හදනවා කියලා කෙරෙන්නෙත් PayPal account එකක් හදලා ඒ හරහා මේකට ලොග් වෙන එක තමයි.

    2. මෙයාගෙ register වුනාම මෙයා අපිට දෙනවා අපේ නමත් ඇතුළුව ඇමරිකානු ලිපිනයක්; සිංහලෙන් කිව්වොත් address එකකුයි ඇමරිකන් දුරකතන අංකෙකුයි. මේ address එකත් තමයි අපි අපේ ෆෝන් එක ගන්න යද්දී Shipping Address එකට දෙන්නේ. මේක අමුතුවෙන් මතක තියා ගන්න දෙයක් නෑ, සයිට් එකට ලොග් වුනාම වම් අත පැත්තේ උඩ කෙළවරේ පෙන්නනව තමන්ගෙ තොරතුරු. හරි දැන් ඒ වැඩේ ඉවරයි.

    3. මීලඟට අපි ඇමරිකන් තාලෙට Gmail ගිණුමක් හදන්න ඕනේ. හේතුව තමයි Google ස්ටෝරුවෙන් කිසිම ඉලෙක්ට්‍රොණික භාණ්ඩයක්, අර කලින් කීව රටවල් කීපෙට පිටින් කිසි කෙනෙක්ට ගන්න නිදහසක් නැති වීම. හරියට රටකට සමහර සයිට් බ්ලොක් කරනවා වගේ වැඩක්. ඒ හන්දා මේක කරන්නේ Proxy Bypass Software එකකින්. ඒ කිව්වේ අපි ඇමරිකාවේ ඉන්නවා වගේ අපේ location එක වෙනස් කරගෙන Gmail ගිණුමක් හදා ගන්න එක. Hot Spot Shield (http://www.hotspotshield.com/) හරි Tunnel Bear (https://www.tunnelbear.com/) හරි කියන software එක download කරල install කරල run කර ගත්තා ම අපේ පරිගණකයේ IP එක ඇමරිකන් IP එකකට වෙනස් වෙනවා.
    (ඇමසන් වගේ සයිට් වලින් ගෙන්නනවා නම් මේ පියවර අවශ්ය වෙන්නේ නෑ. )

    4. මෙහෙම ඇමරිකාවෙ IP එකකින් ඉද්දී Gmail එකට ගිහින් අර hopshopgo.com සයිට් එකෙන් දීපු address එකත් දාලා ඇමරිකන් අනන්න්‍යතාවක් තියෙන ගිණුමක් හදා ගන්නවා. මතක තියා ගන්න ලංකාවේ තමන්ගේ කිසිම දෙයක් මේ ගිණුම හදද්දී දෙන්න එපා. නම උපන්දිනය වගේ මූලික දෙයක් විතරයි තමන්ගේ.
    (Google ලගෙන් බඩු ගන්නවා නම් තමයි ඉතින් 3න් වෙනි පියවර වගේම මේකත් ඕන වෙන්නේ. :yes:)

    5. Gmail ගිණුම හදල ඉවර වුනාට පස්සේ තමන් කැමති Nexus ෆෝන් එක තියෙන Google store පිටුවට ගිහින් Shopping Cart එකට දා (G-Pic1) ගන්න තියෙන්නේ තමන්ට ඕනේ මාදිලිය, කැමති පටකිනුයි, සයිස් එකකිනුයි. (G-Pic2) හැබැයි එක්කෙනෙක්ට ගන්න පුළුවන් එක මාදිලියකින් 2 යි (දැනට).
    Nexus 6P - https://store.google.com/product/nexus_6p
    Nexus 5X - https://store.google.com/product/nexus_5x
    (මේ ලින්ක් 2 ම ලංකාවේ ඉඳන් බලන්න බෑ. ඒ කියන්නේ ඇනවුමක් මෙහේ ඉඳන් දාන්න ඉඩක් නෑ. ඒකයි අපි IP එක ඇමරිකන් එකකට වෙනස් කරන්නේ :confused:)

    6. ඊට පස්සේ Checkout කියන බොත්තම (G-Pic3) එබුවම (G-Pic4) අහාවි තමන්ගේ Payment Method එක; නැත්තන් Credit Card විස්තර (G-Pic5). මට නම් Credit Card නැති නිසා මම පාවිච්චි කලේ HNB Debit Card එකක්. (Commercial Debit Card එකක් පාවිච්චි කරලා හරියට payment එක සිද්ධ නොවී order එක කැන්සල් වෙලා refund එක බැංකුවෙන් ගන්න ලොකු කට්ටක් කෑවා. ඒ නිසා පුළුවන් තරම් Credit Card එකකින් හරි HNB Debit Card එකකින් කරලා බලන්න වැඩේ හරි යනවා). කාඩ් එකේ රටට දාන්නෙත් ඇමරිකාවයි අර ඇමරිකන් address එකේ තියෙන zip නොම්මරෙයි (99***).

    7. ඊට පස්සේ අහාවි Shipping Address එකයි Billing Address එකයි (G-Pic6). දෙකටම අර සයිට් එකෙන් දීපු address එකයි ඇමරිකන් ෆෝන් නොම්මරෙයි දාලා order එක දාන්න (G-Pic4 [Place Order Button එක ඔබන්න]).

    (මතක තියා ගන්න Google වලින් ෆෝන් එකේ order එක දාලා ඉවර වෙනකන් ම අපි ඇමරිකන් IP එකකින් මේ හැමදේම කරන්න ඕනේ අර proxy bypass software එක run කරලා තියෙද්දි.)

    8. අමාරුම කොටස ඉවරයි. දැන් Google එකෙන් email එකක් ඒවි order එක සාර්ථකයි කියල. ඒ වගේම ඊලඟ පිටුවෙ පෙන්නාවි order එකේ විස්තරත්. දැන් ඉතින් Google ලා ෆෝන් එක අර address එකට යවනකන් බලන් ඉන්න තමයි තියෙන්නේ. ෆෝන් එක ship කලාමයි deliver කලාමයි email ඒවි අර හදපු Gmail account එකට. පස්සෙ තමන්ගේ නමට පාර්සලයක් ඇවිත් කියලා HopShopGo සයිට් එකෙන් email එකක් ඒවි.

    9. HopShopGo සයිට් එකෙන් email එකක් ආවම කරන්න තියෙන්නේ සුළු වැඩක්. මෙතෙන් දී අපිට ආපු භාණ්ඩේ තක්සේරු වටිනාකමක් නිකන් දෙන්න වෙනවා. ෆෝන් එකේ ගානට වඩා අඩු ගාණක්. ඉන් පස්සේ ඒගොල්ලන්ගේ shipping charges ගෙවලා ලංකාවේ තියෙන address එකකට භාණ්ඩේ ගෙන්න ගන්න පුළුවන්.
    මේගොල්ලන්ගේ ගණන් මෙහෙමයි. පළමු කිලෝ භාගෙට (0.5KG වලට $30 ක් ගන්නවා. වැඩි වෙන හැම කිලෝ භාගෙකටම (0.5KG) ගාන වැඩි වෙන්නේ $4 ගාණකිනුයි. ටිකක් වැඩියි කියලා හිතුනට ලොකු ගාණක් වෙන්නේ නෑ. ඉක්මණින් ම ගෙන්න ගන්න ඕනේ නම් ගාන ටිකක් විතර වැඩියි නෑත්නම් සතියක් ඇතුලත වගේ ලංකාවට ගෙන්න ගන්න පුළුවන් සාමාන්‍ය ගණන් යටතේ.

    10. මේවා ගේන්නේ DHL හරහා. භාණ්ඩේ කොහෙද තියෙන්නේ, කීයටද එන්නේ කියලා බලා ගන්න Tracking නොම්මරයකුත් දෙනවා. ඒ හරහා පුළුවන් ලංකාවට ආවද, රේගුවෙන් නවත්තා ගත්තද නැද්ද කියන හැම විස්තරේම දැන ගන්න. TRC එකෙන් නැවැත්තුවොත් DHL එකේ අය ගෙදරට ෆෝම් වගයක් ගෙනෙවි ඒවා පුරවලා භාර දුන්නම ෆෝන් එක ගෙදෙට්ට ගෙනත් දෙනවා. තමන් වාසනාවන්ත නම් එහෙම TRC එක හරහා නොගිහින් කෙලින්ම ෆෝන් එක ගෙදෙට්ට ගෙනත් දේවි. මේ විදියට ගෙනත් දෙද්දී DHL ලා ගාණක් අය කර ගන්නවා. ඒ රේගුවෙන් clear කරන්න (මම හිතන්නේ එහෙම) ගියපු (රුපියල් 1000-3000ක් වගේ) ගාණක්.

    ඉතින් මෙහෙම පුළුවන් Google ලගෙන් විතරක් නෙවෙයි අනිත් ඕනෙම ලංකාවට භාණ්ඩ ගෙන්න ගන්න බැරි ඇමරිකානු online ස්ටෝරු වලින් ගෙදෙට්ට ම කරදරයක් නැතුව ගෙන්න ගන්න. හැබැයි නීති විරෝධී භාණ්ඩ නම් ගේන්න බෑ. මොකද Hop Shop Go වලින් ඒවා ship නොකරන නිසා. :)


    0uoF7GS.png


    BwYJAcV.png


    aJ77LMP.png


    GF6YMTW.png


    k1vBJSp.png


    NfBfYC8.png


    ප. ලි.
    අළුත් ම ෆෝන් වල මිල ගණන් මෙහෙමයි වෙන්නේ.
    ඩොලරයක දැන් රුපියල් අගය 142.5000 විතර වෙනවා.

    Nexus 5X
    16 GB ($379) - රු 54007.50
    32 GB ($429) - රු 61132.50

    Nexus 6P
    32 GB ($499) - රු 71107.50
    64 GB ($549) - රු 78232.50
    128 GB ($649) - රු 92482.50


    ඉතින් තවත් අයට මේ ගැන දැන ගන්න බම්ප් එකක් දාලම යන්න. ;)

     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    සහෝ ලංකාවේදී කලා බලන්නැද්ද? මම දන්නා විදියට අහුවුනොත් දඩ වදිනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    nexus කැනඩාවේ ජනප්‍රියයි. අඩු මුදලට උපරිම ප්‍රතිලාබයක්. ඒ වගේම quality එකත් නියමයි. ඉස්සර නම් apple තමයි. දැන් නම් වැඩිය කවුරුවත් apple ගන්නේ නැහැ. blackberry, nexus, samsung තමයි ජනප්‍රිය. data package එකක් එක්ක ගොඩක් අඩු ගානට ගන්න පුළුවන්.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Okkoma hari machan eth mokak hari awulak nam exchange kara ganne kohomada? mama Nexus tablet ekak Playstore eken gatta, aragena sathiyai giye speakers walata kela una. Eka email ekai damme gedaratama aluth ekak ewwa. parana eka unma awilla pick kala. mama hithanne TNT eken thama delivery pick up dekama kale.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    සහෝ ලංකාවේදී කලා බලන්නැද්ද? මම දන්නා විදියට අහුවුනොත් දඩ වදිනවා

    රේගුවේ අයට සැක හිතුනොත් තමයි කඩලා බලන්නේ. ඒවා DHL එකේ අය බලා ගන්නවා. Clearance වල ගාන ගෙනත් දෙද්දී අපි ගෙවනවා. :sorry:
     
    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Okkoma hari machan eth mokak hari awulak nam exchange kara ganne kohomada? mama Nexus tablet ekak Playstore eken gatta, aragena sathiyai giye speakers walata kela una. Eka email ekai damme gedaratama aluth ekak ewwa. parana eka unma awilla pick kala. mama hithanne TNT eken thama delivery pick up dekama kale.

    මේ ගැන නම් ඇත්තෙන්ම මාත් දන්නේ නෑ. :eek:
     
    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    mangawath thiyanna nexus phone/tab ekai eth dan 2kama touch eka wada naha eka touch eka awlak thiyanawa

    පිටකොටුවෙ හොඳ තැන් තියෙනවා හදා ගන්න පුළුවන්. LG ලගෙ නම් repair place එකක් තියෙනවා ගාණ ට්කක් වැඩි කියලයි ආරංචිය. නැත්නම් බම්බලපිටියේ Queens එක තමා :baffled:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න කොල්ලෝ මමත් අතපත ගාන්නේ නෙක්සස් එකක් තමයි :love:

    මේ මම දාපු ත්‍රෙඩ් එක නෙක්සස් 5 එකට අවු 1 කිට්ටු වුනු එකට

    Code:
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1699404"]http://www.elakiri.com/forum/showthread.php?t=1699404[/URL]


    පලවෙනි පාර මේ පැත්තට ආපු එකේ උබට පොඩ් දෙයක් පෙන්නන හිතුවා උබට ආසා ඉමේජ් එකක් දාගනින් එතකොට ත්‍රෙඩ් පොස්ට් කරද්දී අදුන ගන්න ලේසි ජය වේවා මචෝ :)
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    okkotama total eka kiyak giyada?

    මගේ Nexus 6 එකට නම් 90ක් වගේ ගියා ඔක්කොම ගණන් එක්ක. Nexus 6 එක ඩොලර් 649 ක් ගාන. ශිපින් 40ක් වගේ වුනා Express දාපු නිසා.:dull:
     
    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    nexus කැනඩාවේ ජනප්‍රියයි. අඩු මුදලට උපරිම ප්‍රතිලාබයක්. ඒ වගේම quality එකත් නියමයි. ඉස්සර නම් apple තමයි. දැන් නම් වැඩිය කවුරුවත් apple ගන්නේ නැහැ. blackberry, nexus, samsung තමයි ජනප්‍රිය. data package එකක් එක්ක ගොඩක් අඩු ගානට ගන්න පුළුවන්.

    ඔව්.පිටරට තියෙන එකම ලොකුම වාසිය ඒකයි. ගන්න තියෙන තැන් වැඩියි. මහන්සි වෙලා Google එකෙන් ම ගන්න ඕනේ නෑ. සිම් එක විකුණන දුරකථන ජාල ආයතනෙන් ම ලොක් කරලා ඩේටා පැකේජ් එකකුත් එක්ක අවුරුදු 2 ක වගේ කොන්ත්‍රාත්තුවකට ඩොලර් 99ක් වගේ පොඩි ගානකට එහේ විකුණන්නේ. :rofl:
     
    Last edited: