ඔව්.හොයන අය ඉන්නවා. තමන්ගෙම NFT කලෙක්ශන් රිලීස් කරලා , ලංකාවේ නම් සමහර අය NFT art ඩිසයින් කරලා සැලකිය යුතු ලොකු මුදල් හොයන අය ඉන්නවා.
NFT විතරක් නෙවේ ලෝගෝ ඩිසයින් කරලා පවා ලොකු මුදලක් හොයන අය ලන්කාවේ ඉන්නවා.
හැබැයි ඒ හැමෝම ඒ ඒ ෆීල්ඩ් වල පොරවල්. සුපිරියට ස්කිල්+මාර්කටින් තියන අය. අවුරුදු ගානක් ෆේල් වෙලා කට්ට කාලා ගත්ත දැනුම ඒක අස්සෙ තියනවා.
ලන්කාවේ එක එක කාලෙට එක එක ට්රෙන්ඩ් හැදෙනවා ඔන්ලයින් සල්ලි හොයන.2016,2017 වගේ ෆයිවර්,ෆ්රීලාන්ස් ට්රෙන්ඩ් එකක් තිබ්බා ____ වගේ ඒවා හින්දා.
ඊට පස්සේ ඩ්රොප්ශිපින් ආවා.
දැන් NFT .
ගොඩක් අය එකක් ෆෝකස් කරලා වැඩ කරනවා වෙනුවට කාලෙන් කාලෙට එක එක ඒවා පස්සේ දිව්වා.
මාසයක් ග්රැපික් ඩිසයින් කරලා ඕඩර්ස් නැ කියලා ඊට පස්සේ පිලිවෙලින් ඩ්රොප්ශිපින්, දැන් නම් NFT වගේ ඒවා පස්සෙ ගිහින් අතැරලා දානවා.
මටත් එහෙම වුනා.
ඒ හින්දා කාලෙන් කාලෙට එක එක ඒවගෙන් ඩිස්ට්රැcට් වෙන්නෙ නැතුව 1 ෆෝcඅස් කරලා උපරිමේට ගියොත් ගොඩ යන්ඩ ලේසි මම නම්
හිතන්නේ.
ජය!!