NGO - හියුමන් රයිට්ස් වොච්
ජනවාරි 5 වන දා සවස් යාමයේ නිකුත් වූ ට්විටර් පණිවිඩයක් දෙස බොහෝ දෙනාගේ නෙත් යොමුවිණි. ජීවිත අවදානමකට ලක්ව සිටි නව යොවුන් තරුණියක ගැන ඉන් හෙළිදරව් විය.
ඒ සෙනසුරාදාවකි. පණිවිඩය නිකුත් වූයේ අලුතින් ආරම්භ කරන ලද ට්විටර් ගිණුමකිනි.
දහ අට හැවිරිදි රහෆ් මොහමඩ් අල්-කුනුන් (Rahaf Mohammed al-Qunun) සෞදි පවුලකට අයත් තරුණියකි. දෙමාපියන් සමඟ ජීවත්වුයේ ඉරාකයේ ය. ඇය පවුලේ සාමාජිකයන්ගෙන් වෙන් වී පලායමින් සිටියාය.
තායිලන්තයේ බැංකොක් නුවර ගුවන්තොටුපලේ හෝටල් කාමරයක රැඳී සිටිමින් ඇය ට්විටර් පණිවිඩ මාලාවක් නිකුත් කළේ තමන්ට පිහිටවන මෙන් ආයාචනය කරමිනි. ඒ මොහොත වන විට රහෆ් ගේ ට්විටර් ගිණුමේ සිටියේ ග්රාහකයන් 24 දෙනෙකු පමණි.
"මම තමයි තායිලන්තයට පැනල ආපු ගැහැණු ළමය. සෞදි තානාපති කාර්යාලය මාව ආපසු හරවා යවන්න උත්සාහ කරමින් සිටින නිසා මගේ ජීවිතය අනතුරේ," ඇයගේ පළමු ට්විටර් පණිවිඩය අරාබි බසින් නිකුත් විය.
දෙවනුව ඇයගෙන් නිකුත් වූයේ කිසිවෙකුට නොතකා සිටිය නොහැකි පණිවිඩයකි. "මට බයයි. මගේ පවුලේ උදවිය මාව මරයි." ට්විටර් සමාජය ක්‍රියාත්මක විය. ඇයට පිහිට වීමේ අරමුණ පෙරදැරිව #SaveRahaf උධෘතය යටතේ පළමු ට්විටර් පණිවිඩය නිකුත් විය.
ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි.
ඒ පණිවිඩය එක්තරා කාන්තාවකගේ ඇස ගැටිණි. ඇය ඊජිප්තු සම්භවයක් සහිත, සමාජ ක්‍රියාකාරිනියක වන මොනා ටහාවි ය (Mona Eltahawy). රහෆ් නිකුත් කරමින් සිටි පණිවිඩ සියල්ල ඉංග්‍රීසි බසට පරිවර්තනය කර නැවත ට්විටර් ජාලයට මුදා හැරීමට මොනා යුහුසුළු වූවාය.
මොනාගේ පණිවිඩ ග්‍රහණය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ට්විටර් ජාලයේ සිටිති. පැය කිහිපයක් ගත විය. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අවධානය ද මේ කෙරෙහි යොමු විය. අනතුරුව, එම සංවිධානයේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය අධ්යක්ෂ ෆිල් රොබට්සන් (Phil Robertson) ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. ඔහු සිටියේ ද බැංකොක් නුවර ම ය.
ඉරිදා (ජනවාරි 06) උදෑසන වන විට, බැංකොක් ගුවන්තොටුපළේ හෝටල් කාමරයක රැඳී සිටින රහෆ් සහ හියුමන් රයිට්ස් වොච් අායතනයේ ෆිල් අතර සෘජු ට්විටර් පණිවිඩ හුවමාරුවක් සිදුවිය.ගුවන්තොටුපළේ බලධාරීන් සමග ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳව ඇයට ෆිල්ගෙන් උපදෙස් ලැබිණි.
#SaveRahaf මේ අතරතුර ගුවන්තොටුපළ තුළ සිදුවන සියල්ල ඇය ට්විටර් ජාලයට එසැණින් වාර්තා කරමින් සිටියාය. වීඩියෝ පට ද නිකුත් කළාය.
"තමන් ආගම අතහැරිය කියල රහෆ් ප්‍රසිද්ධියේ කළ නිවේදනය අහපු ගමන් මම දැනගත්ත ඇයව ආපසු සෞදි අරාබියට පිටත් කළහොත් තත්ත්වය නරක අතට හැරෙන බව," හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ෆිල් රොබට්සන් බීබීසීයට පැවසීය.
"ඒ මොහොතේ වෙනත් කිසි ම ප්‍රශ්නයක් මගේ ඔළුවට ආවේ නැහැ - ඇයට අපේ උදව් අවශ්‍යයි!"ඉස්ලාම් දහමට එරෙහි වීම හෝ ඉන් ඉවත් වීම සෞදි නීතිය අනුව මරණ දඬුවම ලැබිය හැකි සාපරාධී ක්‍රියාවකි.
ප්‍රධාන පෙළේ තායි මාධ්‍ය පවා මේ පුවතට අවධානය යොමු කළා. තානාපතිවරුන් පමණක් නොවෙයි විදේශ රාජ්‍ය පවා මීට මැදිහත් වුණා. තමන් ගත් පියවර ගැන තායි බලධාරීන්ට නැවත සිතන්නට සිද්ධ වුණා
"ඇය වහා පිටුවහල් කළ යුතු බවට ඉරිදා රාත්‍රියේ තායි බලධාරීන් දැඩි ස්ථාවරයක හිටියා. තායි මාධ්‍ය කිසිවක් මේ පුවත ඒ වන විට වාර්තා කර තිබුණේ නැහැ. සඳුදා උදේ වෙනකොට තත්ත්වය සම්පුර්ණයෙන් ම වෙනස් වෙලා," ජොනතන් පැවසීය.
රහෆ් අනතුරින් මිදුණාය. රහෆ් මොහමඩ් අල්-කුනුන් නීත්‍යනුකූල සරණාගතයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

Last edited: