18-55 ඇති වගේ හිතෙනවා නම් ගනින් pixel 2 හරි iphone 7+ එකක් හරි. DSLR එකක් ගන්න එපා. ජෝක් නෙමෙයි සිරාවටම කියන්නේ.
ට්‍රිපක් ගියාම, නැත්තං වෙන එදිනෙදා පොඩි පොඩි දේවල් වලට විතරයි.
උබට ඕනේ ටිකක් ලොකුවට පේන්නද. යාළුවන්ට නෑදෑයන්ට පොර කියලා පෙන්න ෆොටෝ ගන්නද ?
එහෙම නැතිනම් හොද කැමරාවක් තියෙන ෆෝන් එකක් ගනින්. ඔය D5300 + 18-55ට වඩා වැඩක් හොදයි.
නැති නම්බි ගිනර් කෙනෙක් උනත් ඉස්සරහට හොබී එකක් විදියට ෆොටො ගහන්න ආසද ?
එහෙමනම් ඔය 18-55 විසික් කරලා 18-140 වත් ගනින් අඩුම ගානේ.
නැත්නම් උබටත් වෙන්නේ අඩු ශටර් කවුන්ට් එකක් තියෙන කැමරාවක් විකිනීමට ඇත කියලා ඉක්මන් එකේ දාන්න.
අනික ඔය DSLR උස්සන් ට්‍රිප් යන ඒක උබ හිතන තරම් ලේසි නෑ. ඕවා උස්සන් යන්න ගියාම ට්‍රිප් එකේ ආතල් එකක් නැ පොර වෙන්න දගලන එකෙක් හෝ බොක්කෙන්ම ෆොටෝ ගහන එකෙක්ට ඇරෙන්න.
මම කැමරාව තිබ්බට ආතල් ගන්න (කාලා බිලා පිස්සු නටන්න) යනවනම් කැමරාව ගෙදර තියලා යන්නේ.
අනික ඕකක් ගත්තම ඕක පරිස්සම් කරන්න. පුස් බැදෙනවා. ඒවාට නවත්තන්න නිතරම බලාගන්න ඕනේ. දුවිලි වලින් පරිස්සම් කරන්න ඕනේ.
අනික් ඒක DSLR එකකින් gahana raw images පට්ට චෝර. බොරු නම් කියන්නේ iphone හොද ෆෝන් එකකින් සහ 18-55 ලෙන්ස් එකෙන් ගත්ත ෆොටෝස් බලපන්. ෆෝන් එකෙන් ගන්න ඒවා හොදයි. මොකද ඒවාට ඖටෝ filters add වෙලා එන්නේ. ෆොටෝ ඒක ගත්ත කෙලින්ම facebook, insta, tweet, whatsapp, viber share කරා.
DSLR එකෙන් ගන්න ඒවා රෝව් ඒවා චෝර. හැබැයි පොස්ට් එඩිට් කරන්න පුළුවන් පට්ටට මොකද රෝව් නිසා. ඉතින් DSLR එකෙන් ගත්ත. කොම්පුටර් එකට කොපි කරා. ලියිට්රුම් ඔපෙන් කරා. color balance, retouch අනන් මනම් ඔක්කොම කරලා පැයකට විතර පස්සේ ෆොටෝ ඒක රේඩි share කරන්න.
ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ. නිකන් ට්‍රිප් එකක් ගිහින් ෆොටෝ එකක් ගන්න. bday එකකට ෆොටෝ එකක් ගන්න nikon D5300 + 18-55 ලෙන්ස් එකක් අරගෙන උබට කැමරා එපා වෙයි.
** අපේ උන් facebook එකේ මොඩෙල් කරන කෙල්ලොන්ගේ ෆොටෝස් දැකලා හිතන්නේ DSLR එකක් තියේ නම් ෆොටෝ ඒවගේ ගන්න පුළුවන් කියලා. මතක තියාගන්න. ඕවා ගහන උන් ගහන්නේ 70-200 2.8 ලෙන්ස් වලින් ගොඩක් වෙලාවට. ඒ ලෙන්ස් එකක් 200000 කට වැඩි.
** කැමරාවේ තියෙන වටිනාම දේ තියෙන්නේ කැමරාවට අඟල් 2 පිටිපස්සෙන්