ninda nathi raye - meaning

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
Thama prethama vivahayae mangala rayae ath dakima pemvatha visin manaya viggraha kirimak mae sinduwa thula gab vela thivenaya.

Palamu pali hatharen, pemvathiya palamu ekvimata pera ketharam biyakin pasuwana vaga apuruwata visthara kara thibenawa, hethuva aya(she)
kuludul ekvima sandaha thawa duratath kanyak novima.

Elaga peli hatheren, meya wataha ganna pemwatha, siyalla amathaka kota dama aya ha ekwanna tthiranaya karanaya jeevithayata aruthak/eliyak ek karamin.

Awasana peli hatharen, jeevithaya kase jeevath kala ududa yanna apuruwata nirmanaya kota thibenaya, Biriya kanyayak nowunath yatharthaya piligena,
ayeta adaraya dakvematath, amenma aya thama biriya lasa piliganimata samiya(husband) darana awanka uthshaya manawa a thula gab kota athii waga
ma dakinaya.

oya mata hithena hati
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නිදි නැති මංගල රාත්‍රියේ ප්‍රථම ප්‍රේමයේ මතකයන් අවදි වී වැලපෙන තම මනාළිය කඳුලු මීදුමක සැඟවී හඬන සඳකට උපමා කෙරෙයි.
    තාරකා, දියේ ගිලුනු කල එහි නිල් එලිය නිවෙන්නා සේ කඳුලු පිරීමෙන් තාරකා වන්වූ ඇයගේ නෙතු යුගෙහි දීප්තිය නැතිව යයි.
    වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙති වන් වූ ඇගේ දෙතොල් සලිත වෙයි.

    වයසින් මුහුකුරා ගිය, ජීවිතයෙහි යථාර්තය අවබෝධ කර ගත් පරිණත වූ ඔහු (මනාළයා) මෙසේ පවසයි.......

    මේ සියල්ල දකින මාගේ සිත කිලිපොලා යතත් කිසිවක් නුදු‍ටුවා සේ මා දෑස් පියා ගෙන ඔබ උණුසුම පතා තුරුලු වන්නෙමි.
    සොඳුරිය...... ජීවිතය යනු සිහිනයක් නොවෙයි. එහි යතාර්ථය ක‍ටුක වුවද අප එයට මුහුණ දිය යුතුය.
    එනිසාම ඔබගේ ප්‍රථම ප්‍රේමයේ සිහිනයෙන් ඔබ අවදි වී හෙටින් ඇරඹෙන අපගේ නව දිවියට එක්ව මුහුණ දෙමු.

    මේ රාත්‍රිය තව ටික මොහොතකින් ගෙවේවි. මේ සඳත් නිවේවි. එලෙසම මේ ක‍ටුකත්වය පවතින්නේද ටික කලකටය.
    එහෙත්, හෙටින් ඇරඹෙන අප ජීවිතය බොහෝ දුරය.
    වෙනකෙකු නුඹේ සිත් කුසුම නෙලාගෙන ඇත. ප්‍රේමයේ සිත් කුසුම නෙලූ බැවින් ක‍ටු අත්තක් වන්වූ පුංචි කුමරියේ, මට ඉඩ දෙන්න, ඔහු මෙන්ම මමද නුඹට ආදරෙයි. එනිසාම ඔහුගේ හාදුව මෙන්ම මගේ මේ හාදුවද නුඹට උණුසුමක් ගෙන දේවි. ඒ හාදු දෙක අතර වෙනසක් නොහැ‍ඟේවි. එහෙත් ඒ හාදුව ඔහුගේ නොවේ මාගේය.

    ඒ, ගීතයෙන් මතුවන එක් අර්ථයක්ය.

    එලෙසම, තම ප්‍රථම ප්‍රේමය මල් ඵල ගැන්වීමට අපොහොසත් වූ අවාසනාවන්ත පෙම්වත් යුවලක අනියම් හමුවක් ගැන මේ ගීතයෙන් අරුත් ගැන්වෙන අපූරුව මෙසේ සටහන් කල හැක.

    එහිදී ප්‍රථම ප්‍රේමයේ පෙම්වතා තම පෙම්වතිය අමතමින් මෙලෙස පවසයි.

    මගේ සොඳුරිය........ , මේ නිදි නැති රාත්‍රියේ, අප ප්‍රථම ප්‍රේමයේ මතකයන් අතර සැඟවී නුඹ අඬන්නේ කිමද?
    සඳක් වන්වූ නුඹේ මුහුණ කඳුලින් වැසී ඇත. තාරකා වන් වූ නුඹේ නෙතු යුගෙහි දීප්තිය කඳුලින් බොඳවී නිවී ගොස් ඇත.
    වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙතිවන්වූ නුඹේ දෙතොල් සලිත වෙයි.

    නුඹ නොමැති මා මිය ගොසින්ය. තනිකඩව මා ගෙවනා මේ ජීවිතය උණුසුමින් තොරය. ලෝකයා කුමක් කීවත් කලත් ඒ සියල්ලට දෑස් පියා, නොනිම් වූ සීතලෙන් කිළිපොලා යන මගේ ගතත් සිතත් නුඹේ උණුසුම සොයා නුඹට තුරුල් වෙයි.
    එහෙත් සොඳුරිය, මේ මොහොත කොතරම් සුන්දර වුවත් අප ගෙවන මේ ජීවිතය සිහිනයක් නොවෙයි. එනිසාම මේ සිහිනෙන් අවදිවී ක‍ටුක වූ යථාර්තයට අප නැවතත් හෙට සිට මුහුණ දිය යුතුව ඇත.

    මේ ‍රැය ගෙවේවි. මේ සඳත් නිවේවි. තව ටික මොහොතකින් අප මේ සුන්දර හමුව නිමා කල යුතුව ඇත. එහෙත් කළනොකිරෙන්න. මන්ද අප ජීවිතයේ තව බොහෝ දුරක් ඇත.

    මගේ පුංචි කුමරියේ සියල්ල අමතක කර දමා ඉතින් මට අවසර දෙන්න. තාවකාලික වුවත් අප මේ මොහොත සතුටින් ගත කරමු. මා නෙලන්නට සිටි මේ ප්‍රේමයේ කුසුම වෙනකෙකු නෙලා ඇත.මලක් නොමැති ක‍ටු අත්තක ඵලක් නූපදී. එලෙසම අප මේ හමුව අපට ඵලක් ගෙන නොදේවි. තහනම් පෙමක් ක‍ටු අත්තකට දෙන හාදුවක් වැනිය. එතරම්ම භයංකරය. එහෙත් මා සොඳුරිය, ඒ ක‍ටු අත්තේ ක‍ටු වලට මා දෙතොල් තියා සිඹින්නේ නුඹට ඇති මාගේ අත්‍යන්ත ප්‍රේමය නිසාවෙනි. ඒ හාදුව කවදත් මා ඔබට දෙන ප්‍රේමයේ එකම හාදුවය.

    මෙලෙසින් මේ ගීතයේ පද වැලෙන් එකිනෙකට හාත්පසින් වෙනස් වූ අර්ථ දෙකක් නිරූපනය වන අයුරු ඉතා අපූරුය. ඒ අපූර්වත්වයම මා මේ ගීතයට බැඳ තබන්නට සමත් වෙයි.

    උපුටාගැනීමකි..
    (මට හිතෙන හැටි. බ්ොගය)

    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පැටියා;8029496 said:
    Menna meaning eka. Mata baninda epa hode. Mahema tamai kiyanna wanne.

    Alutha bandapu joduwak. Kella tama first love eka gana hitanawa. Proposal ekakin tama ma denna set wela tiyanne. Palaweni rathriya gathakaranne. Kolla shot eka deela iwarai. But kella kalin pettiya kadagena. Kollata kara kiyaganda deyak na. Kella andanawa. Rathriya gewenawa.

    Ma prashna nisa alutin patangatta jiwite winasa karaganda ba. Heta home coming eka. Kolla kellata samawa dila ayet thurulu wenawa.

    Malak nati gase: no box

    heta udema awadi we yautuwa tibe: jiwita gamana/home coming.

    You got it brother
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,597
    1,543
    113
    නිදි නැති මංගල රාත්‍රියේ ප්‍රථම ප්‍රේමයේ මතකයන් අවදි වී වැලපෙන තම මනාළිය කඳුලු මීදුමක සැඟවී හඬන සඳකට උපමා කෙරෙයි.
    තාරකා, දියේ ගිලුනු කල එහි නිල් එලිය නිවෙන්නා සේ කඳුලු පිරීමෙන් තාරකා වන්වූ ඇයගේ නෙතු යුගෙහි දීප්තිය නැතිව යයි.
    වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙති වන් වූ ඇගේ දෙතොල් සලිත වෙයි.

    වයසින් මුහුකුරා ගිය, ජීවිතයෙහි යථාර්තය අවබෝධ කර ගත් පරිණත වූ ඔහු (මනාළයා) මෙසේ පවසයි.......

    මේ සියල්ල දකින මාගේ සිත කිලිපොලා යතත් කිසිවක් නුදු‍ටුවා සේ මා දෑස් පියා ගෙන ඔබ උණුසුම පතා තුරුලු වන්නෙමි.
    සොඳුරිය...... ජීවිතය යනු සිහිනයක් නොවෙයි. එහි යතාර්ථය ක‍ටුක වුවද අප එයට මුහුණ දිය යුතුය.
    එනිසාම ඔබගේ ප්‍රථම ප්‍රේමයේ සිහිනයෙන් ඔබ අවදි වී හෙටින් ඇරඹෙන අපගේ නව දිවියට එක්ව මුහුණ දෙමු.

    මේ රාත්‍රිය තව ටික මොහොතකින් ගෙවේවි. මේ සඳත් නිවේවි. එලෙසම මේ ක‍ටුකත්වය පවතින්නේද ටික කලකටය.
    එහෙත්, හෙටින් ඇරඹෙන අප ජීවිතය බොහෝ දුරය.
    වෙනකෙකු නුඹේ සිත් කුසුම නෙලාගෙන ඇත. ප්‍රේමයේ සිත් කුසුම නෙලූ බැවින් ක‍ටු අත්තක් වන්වූ පුංචි කුමරියේ, මට ඉඩ දෙන්න, ඔහු මෙන්ම මමද නුඹට ආදරෙයි. එනිසාම ඔහුගේ හාදුව මෙන්ම මගේ මේ හාදුවද නුඹට උණුසුමක් ගෙන දේවි. ඒ හාදු දෙක අතර වෙනසක් නොහැ‍ඟේවි. එහෙත් ඒ හාදුව ඔහුගේ නොවේ මාගේය.

    ඒ, ගීතයෙන් මතුවන එක් අර්ථයක්ය.

    එලෙසම, තම ප්‍රථම ප්‍රේමය මල් ඵල ගැන්වීමට අපොහොසත් වූ අවාසනාවන්ත පෙම්වත් යුවලක අනියම් හමුවක් ගැන මේ ගීතයෙන් අරුත් ගැන්වෙන අපූරුව මෙසේ සටහන් කල හැක.

    එහිදී ප්‍රථම ප්‍රේමයේ පෙම්වතා තම පෙම්වතිය අමතමින් මෙලෙස පවසයි.

    මගේ සොඳුරිය........ , මේ නිදි නැති රාත්‍රියේ, අප ප්‍රථම ප්‍රේමයේ මතකයන් අතර සැඟවී නුඹ අඬන්නේ කිමද?
    සඳක් වන්වූ නුඹේ මුහුණ කඳුලින් වැසී ඇත. තාරකා වන් වූ නුඹේ නෙතු යුගෙහි දීප්තිය කඳුලින් බොඳවී නිවී ගොස් ඇත.
    වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙතිවන්වූ නුඹේ දෙතොල් සලිත වෙයි.

    නුඹ නොමැති මා මිය ගොසින්ය. තනිකඩව මා ගෙවනා මේ ජීවිතය උණුසුමින් තොරය. ලෝකයා කුමක් කීවත් කලත් ඒ සියල්ලට දෑස් පියා, නොනිම් වූ සීතලෙන් කිළිපොලා යන මගේ ගතත් සිතත් නුඹේ උණුසුම සොයා නුඹට තුරුල් වෙයි.
    එහෙත් සොඳුරිය, මේ මොහොත කොතරම් සුන්දර වුවත් අප ගෙවන මේ ජීවිතය සිහිනයක් නොවෙයි. එනිසාම මේ සිහිනෙන් අවදිවී ක‍ටුක වූ යථාර්තයට අප නැවතත් හෙට සිට මුහුණ දිය යුතුව ඇත.

    මේ ‍රැය ගෙවේවි. මේ සඳත් නිවේවි. තව ටික මොහොතකින් අප මේ සුන්දර හමුව නිමා කල යුතුව ඇත. එහෙත් කළනොකිරෙන්න. මන්ද අප ජීවිතයේ තව බොහෝ දුරක් ඇත.

    මගේ පුංචි කුමරියේ සියල්ල අමතක කර දමා ඉතින් මට අවසර දෙන්න. තාවකාලික වුවත් අප මේ මොහොත සතුටින් ගත කරමු. මා නෙලන්නට සිටි මේ ප්‍රේමයේ කුසුම වෙනකෙකු නෙලා ඇත.මලක් නොමැති ක‍ටු අත්තක ඵලක් නූපදී. එලෙසම අප මේ හමුව අපට ඵලක් ගෙන නොදේවි. තහනම් පෙමක් ක‍ටු අත්තකට දෙන හාදුවක් වැනිය. එතරම්ම භයංකරය. එහෙත් මා සොඳුරිය, ඒ ක‍ටු අත්තේ ක‍ටු වලට මා දෙතොල් තියා සිඹින්නේ නුඹට ඇති මාගේ අත්‍යන්ත ප්‍රේමය නිසාවෙනි. ඒ හාදුව කවදත් මා ඔබට දෙන ප්‍රේමයේ එකම හාදුවය.

    මෙලෙසින් මේ ගීතයේ පද වැලෙන් එකිනෙකට හාත්පසින් වෙනස් වූ අර්ථ දෙකක් නිරූපනය වන අයුරු ඉතා අපූරුය. ඒ අපූර්වත්වයම මා මේ ගීතයට බැඳ තබන්නට සමත් වෙයි.

    උපුටාගැනීමකි..
    (මට හිතෙන හැටි. බ්ොගය)

    :)
    11.gif
    elaz
     
    mhgchanu

    Member
    Nov 11, 2008
    62
    3
    0
    mee kellage pettiya kadila kalin wena kollekge athin mee kella bandala hnymoon ekata giyama thama banda eka seen eka danne eth itin karanna deyak naa badala iwarai nee u kyanawa aluth life ekak patan gamu kiyala...okai banzz theruma..:D
     
    Jul 1, 2012
    17
    15
    0
    උදේ පාන්දර මනුස්සයෙක් රස්සාවට යනවා බිරිද බලන් ඉන්නවා.මේ කෙල්ල හුගක් බාලයි මනුස්සය යන්නේ රැ වැඩට එන්නේ පහුවදා උදේ.හවස් යාමේ ගෙදරට එනවා තව තරුණ ගැටයෙක්.මේ ගැටයා තමා මේ කෙල්ලගේ පලවෙනි සහ අන්තිම ආදරය.මේ කෙල්ල කසාද බැදලා තියෙන්නේ කැමැත්තකින් නෙවේ.
    ඉතින් ආපු වෙලාවේ ඉදලා කෙල්ලගේ දුක කියනවා.එ කාලේ කරපු දේවල් කිය කිය දුක් වෙනවා.හැන්ගි හැන්ගි මනුස්සයට හොරෙන් අඩපුවා මේ කොල්ලා ඉස්සරහා එලිපිට අඩනවා. හැන්ගිලා අඩන්නේ ඇයිද ප්‍රතම ප්‍රෙමයේ..
    මේ ගැණුලමයගේ ඇස්වල(තරු) වල දීප්තිය කදුලු උනපුවහම නැති වෙලා යනවා ඒ එක්කම ක්දුලු හෝ ගාලා වැක්කෙරෙනවා.කට උල් කර කර අඩනවා..
    තාරුකා දියේ ගිලී නිල් එලිය නිවේ
    වැහි බින්දු වැටේවි රොස පෙති කඩා හැලේ(තොල්)
    ඉතින් මේ කොල්ලා රැ තිස්සේ මේ කෙල්ල සනසනවා අන් තිමට මේ සනසන එක කෙලවර වෙන්නේ මෙහෙම.
    කිලිපොලා සැලී යමින් ගුලින් සීතලේ තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගේ උනුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදිවී යා යා යුතුව තිබේ
    මේ වෙන්නේ මොකක්ද කියලා මම කියන්න ඔනේ නැනේ
    මේකේ මුල පේලි දෙකෙන් කියවෙන එක උඹලා මට කියලා දෙයි ලොල්
    නිකන්ම නෙවේ

    ඉතින් මේ විදිහට මුන් දෙන්නට දිගටම ඉන්න එක හීනයක්
    මේ කොලලා කියනවා ජීවිතය කියන්නේ හීනයක් නෙවේ මනුස්සයට අහු උනොත් ඉවරයි හෙට උදේම යන්න ඔනේ කියලා.ඉතින් මේ කෙල්ලට නින්ඳ යනවා එත් කොල්ලා අහැරලා .කොල්ලට හිතේ දෙගිඩියාව කරන වැරැද්ද ගැන .ඉතින් මෙහෙම රැය ගෙවෙනව
    රැය ගෙවේ සදක් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුන්චි කුමරියේ
    දැන් උදේ වෙලා .ජීවිතේ වගකීම් ගොඩයි හැමදාම මේ දේ කරන්න බැ.එහෙම කියලා කොල්ලා යන්න ලැස්තිය.හැබැයි මේ යන්නේ අයේ එන්න නෙවේ.මේ කොල්ලා තාමත් නිදියන් ඉන්න කෙල්ල දකිනවා .
    කටු වලට දෙතොල් තියා පලක් නැති ගසේ
    සිබිමි එකම හදුවයි සොදුර මේ මගේ
    මේ කොල්ලා දන්නවා කරන්නේ අසම්මත දෙයක් කියල එක තමා කටු කියලා කියන්නේ.ක්‍ෂ්නික සතුටක් විතර්‍යි මේකෙන් ලැබෙන්නේ එකයි මලක් නැති ගසේ කියන්නේ .ලන් වෙන තරමට දුකයි බය යි වැඩී සතුටක් නැ.එහෙම කියලා කොල්ලා යන්න යනවා.

    මේ ගීතය අහද්දි එක එක තෙරුම් එනවා.ලමයි නැති ජෝඩුවක් ගැන්ත් මගෙ ඔලුවට ආවා.එත් හුඞක්ම හිතගියේ මේ තේරුමට වෙන වෙන මත තියනවනන් කොමෙන්ට් කරන්න By Dineth Samarakkody
    http://www.youtube.com/watch?v=OiJMTckfIco