mata hithenne machan umba hari. Thanks yaluwa...
මම හිතන්නේ මේ කියන්නේ සැබෑ ජීවිතයේදි එකතු වෙන්න බැරි පෙම්වතුන් දෙන්නෙක් ගැන කියන්නේ.
'තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගේ උනුසුමේ' කියන්නේ නිදාගෙන පෙම්වතිය ගැන සිහින මවන එකනේ.
හැබැයි 'ජීවිතය ඉතිං අපේ, සිහිනයක් නොවේ', ඒ සිහින දකින ඒවා සැබෑ ජීවිතයේදි අත් විඳින්න බැහැ
'හෙට උදෙන්ම අවදි වී, යා යුතුව තිබේ', කියන්නේ සිහිනයෙන් හමු වුනු පෙම්වතියව අත හැරලා යන්න වෙනවා උදේට සාමාන්‍ය ජීවිතයේ වැඩ වලට.
'රැය ගෙවේ සඳත් නිවේ..., ඉතින් අවසරයි', කියන්නෙත් මේ ටිකමයි. රෑ ගෙවුනාට පස්සේ පෙම්වතිය ව දාල යන්න වෙනවා.
අනිත් ඒවා නම් හරියට පැහැදිලි නැහැ. මේක ද මන්දා තේරුම...,
සැබෑ ජීවිතයේ කරදර (වැහි බිංදූ) නිසා ඒගොල්ලන්ගේ ප්‍රේමයෙ ලස්සන නැති වෙලා තියන්නෙ ('රෝස පෙති කඩා හැලේ'). හැබැයි කොච්චර ප්‍රශ්න තිබුනත් පෙම්වතා දිගටම ප්‍රේම කරනවා (කටු වලට දෙතොල් තියල සිප ගන්නවා)
අනේ මන්ද. මම ඕවා ගැන එච්චර දන්නේ නැහැ. ඔය මට හිතෙන හැටි
මේ කියල තියෙන එක තමා තේරුම...... 






