නීතිපති දෙපාර්තමේන්තුවේ පුටු පෙරළි
2021 ජුනි 05 වන සෙනසුරාදා, ප.ව. 06:00 31I අධිකරණ වාර්තාකරු
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ පාලන කාලයේ ජනාධිපති කාර්යාලයට සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට අතිරේක ලේකම්වරුන් ලෙස පත්කර තිබූ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරියන් දෙදෙනා සේවා අවශ්‍යතා මත වහාම නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි නීති අංශ ආරංචි මාර්ග කියයි.
ජනාධිපති කාර්යාලයට නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවියත්, අග්‍රාමාත්‍ය කාර්යාලයට නීතිඥ ඉඳුනිල් පුංචිහේවා මෙනවියත් අතිරේක ලේකම්වරැන් ලෙස හිටපු නීතිපතිගේ ඉල්ලීම අනුව පත්කර තිබිණි.
එහෙත් අභිනව නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ තීරණය වී ඇත්තේ ජනාධිපති කාර්යාලයට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අතිරේක ලේකම්වරුන් පත්කළ යුතු නම් ඒ සඳහා ප්‍රමාණවත් ජ්‍යෙෂ්ඨතාව හා පළපුරුද්ද සහිත නිලධාරීන් පත්කළ යුතු බවය. ඒ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් නව නීතිපතිවරයා ඒ ගැන කළ විමසුමකට පිළිතුරු ලෙස අගමැතිවරයා සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දැනටමත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ගණනාවක් අතිරේක ලේකම්වරුන් ලෙස ක්‍රියාකරන නිසා තම කාර්ය මණ්ඩලයට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අමතර නිලධරයන් අවශ්‍ය නොවන බවය.
එසේම නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ මෙයට පෙර නීතිපතිවරයා වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශන නිකුත් කිරීමේ බලය පවරා තිබූ නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුරද වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරන ලද බවයි. එම තනතුර මෙයට පෙර දරන ලද්දේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවියයි.
demote karala sara baala karala mullakata kotu karala aluth ekaa gahannada yanne sinhalu
