ලෝකයේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගෙන සිටි Nissan GT-R R35 මොටර් රථ මාදිලියේ නිෂ්පාදන කටයුතු නවතා දමමින් එයට සමු දීමට Nissan සමාගම තීරණය කරලා තියෙනවා.
2007 සිට වසර 18 ක් තිස්සේ Nissan GT-R මෝටර් රථ 48,000 ක් පමණ නිපදවා තියෙනවා.
අවසාන Nissan GT-R Premium edition T-Spec රථය Midnight Purple වර්ණයෙන් ජපන් ජාතිකයෙක් වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙනවා.
කවදා හෝ R36 රථයකින් නැවතත් Nissan GT-R ආගනමයක් සිදු විය හැකි බවයි Nissan සමාගමේ සභාපතිවරයා ප්රකාශ කරන්නේ.
ලෝකය පුරාම තම අණසක පැතිර වූ Nissan GT-R R35 රථ විසින්,
Super GT 500 Series championship - 5 ක්,
Super GT300 series championship - 3 ක්,
Super Takyu series championship - 5 ක්,
දිනා ගෙන තියෙනවා.
ලෝකයේ වේගවත්ම drift එකට (පැයට කිලෝමීටර් 304.96) හිමි ගිනස් වාර්තාව 2016 දී පිහිටුවෙත් Nissan GT-R R35 එකකින්.
Godzilla, ඔබට සුභ ගමන්.
- විකුම් හර්ෂණ -
https://www.nippon.com/en/news/yjj2025082600964/