nissan leaf (ev) tax ඉවතට .. විදුලි රථ බද්ද අහෝසියි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    nissan leaf (ev) tax ඉවතට .. විදුලි රථ බද්ද අහෝසියි



    විදුලි රථ බද්ද අහෝසියි

    ඇත්ත වෙන්න ඇති නේ බන්
    :dull::dull::dull:

    http://www.ceylontoday.lk/51-113151-news-detail-president-changes-budget-again.html

    http://mini.gossiplankahotnews.com/2015/12/blog-post_42.html
    61043.jpg



    විදුලි රථ බද්ද අහෝසියි

    විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා අය කරන බදු මුදල 5% සිට 50% දක්වා වැඩි කිරීමට අය - වැයෙන් ඉදිරිපත් කළ යෝජනාව යළි පෙර පරිදි 5% සීමාව දක්වා අඩුකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම තීරණය ගෙන තිඛෙන්නේ ඊයේ (23දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. මේ කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහභාගි නොවී සිටීමද අමාත්‍යවරුන්ගේ සුවිශේෂ අවධානයට ලක්ව තිබේ.

    මේ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ පසු මලික් සමරවික්‍රම, සාගල රත්නායක වැනි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසක්ම අදහස් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ විදුලියෙන් ධාවනය වන මෝටර් සඳහා එවන් බදු මුදලක් පැනවීම අසාධාරණ මෙන්ම ප්‍රායෝගික නොවන බවය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී විශේෂයෙන්ම ප්‍රකාශ කර ඇත්තේ තමා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළද මේ තීරණය පිළිබඳව තමාද දැනුවත් වී නොසිටි බවත් පරිසර ආරක්ෂණය පිළිබඳ මුළු ලෝකයේම දැඩි සාකච්ඡාවකට ලක්ව ඇති සහ ඒ වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාවකදී විදුලියෙන් ධාවනය වන මෝටර් රථවලට මෙලෙස බදු වැඩි කිරීම ප්‍රායෝගික නොවන කටයුත්තක් බවය.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Ela Ela. Hybrid Cars tax ekath ohomama adu karai da danne na

    Ganan wedi karapu parana car parana ganatama yai :lol:
     
    Last edited:

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අන්තිමට ඕකගේ බජට් එක සංශෝධනය වෙලා...
    උගේ කියලා ඉතුරු වෙන්නේ ගරු කථානායකතුමණි කියන කෑල්ල විතරක් වෙයිද දන්නෑ
    :baffled: ;)
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අන්තිමට ඕකගේ බජට් එක සංශෝධනය වෙලා...
    උගේ කියලා ඉතුරු වෙන්නේ ගරු කථානායකතුමණි කියන කෑල්ල විතරක් වෙයිද දන්නෑ
    :baffled: ;)

    :baffled::baffled::baffled::lol::lol::lol: