ඊයේ හම්බන්තොට වරායේ ඉදන් අරගෙන යන ඔය වාහනයක් අපේ ගෙවල් කිට්ටුව නතර උනා බැටරි බැහැල. එකේ "Zero Emission " කියලත් ගහල තිබ්බ. වාහනේ නම් ලස්සනයි.
zero emmision තමයි මචං මේකේ දුම් පිටවෙන්නේ නෑ නේ
එත් ඉතින් ලංකාවේ මේවා චාර්ජ් කරන්න ඩිසල් සහ ගල් අඟුරු බලාගාර වල විදුලියෙන්
ඉතින් පරිසර හිතකාමී නෑ ඔය කියන තරං
hehe පොඩ්ඩක් අමතක වෙලා වගේ ලංකාවේ වැඩි ප්‍රතිශතයක් විදුලිය නිෂ්පාදනය කරන්නේ ජල විදුලියෙන් කියල. කියන තරම් sustainable නැති උනාට මර ලාබයි . 1Km යන්න 1Rs වගේ තමයි වියදම් වෙන්නේ.
නෑ නේ බං ජලවිදුලියෙන් අඩුයි කියන්නේ ඇත්තද
පැදලා නම් නෑ හැබැයි ඕක ගන්න එක වැඩක් නැති වෙයි බන්
හදිස්සියකට ගමනක් යන්නත් බයයිනේ
ආයි ගෙදරට එනකන් චාර්ජ් කරගන්නත තැනක් නෑනේ
හැබැයි ලග දුවන්න නම් වාහනේ හොද ඇති
හදිස්සියකට කියලා පෙට්‍රල් වත් ගහගෙන යන්න පුලුවන් නම් මීට වඩා ඕක මාකට් වෙයි
hehe පොඩ්ඩක් අමතක වෙලා වගේ ලංකාවේ වැඩි ප්‍රතිශතයක් විදුලිය නිෂ්පාදනය කරන්නේ ජල විදුලියෙන් කියල. කියන තරම් sustainable නැති උනාට මර ලාබයි . 1Km යන්න 1Rs වගේ තමයි වියදම් වෙන්නේ.
If you have solar panels and a grid tie transformer installed at your domestic electrical circuit, go ahead buy one. It's a great city car. No services needed as it only has an electrical motor. But do not think about the re-sale value. To me it's more like a mobile phone or a laptop. Heard a news that AMW will be bringing down the LEAF around 3M. They are currently negotiating a deal with a solar power company to sell a solar power system with the car. This offer will be available soon.



