මම පාවිච්චි කරල නෑ. හැබැයි මාත් ගන්න හිටපු නිසා ඔය ගැන හොයල තියෙනව....
ඕකෙ කතන්දරේ කියන්නෙ,
1995ට පස්සෙ ආපු fx2 කියන මොඩ්ල් එක තමයි හොඳ මට්ටමක තියෙන්නෙ. ඊට කලින් ආපු ඒවයෙ ඔය කියන හීට් ප්‍රශ්න, පුලිං පවර් මදි ප්‍රශ්න එහෙම ඇවිත් තියෙනව...
ඕකෙ ඩීසල් මොඩ්ල් වලට එන්නෙ cd20 එන්ජිම.
ඒකෙනුත් fx 2 එකට එන්නෙ cd20et කියන අප්ග්‍රේඩඩ් ටර්බෝ එන්ජිමක්. ඒක නිසා උඩ කියපු ප්‍රශ්න ඕකට අදාල වෙන්නෙ නෑ කියල තමයි මමනං අහල තියෙන්නෙ....
ඊට අමතරව fx 2 එකට පවර් ඔප්ශන් වලට අමතරව ඩුවල් ac, කොයිල් ස්ප්‍රිං, ඔටෝ ඩෝ වගේ ඔප්ශන් ගොඩක් එනව....
ඒනිසා සෙරීන වලින් මාකට්ම මොඩ්ල් එක ඕක......
ඉතිං අපේ අයියල කරන්නෙ, vx වගේ මොඩ්ල් එකකට fx එකේ නිවු ෆේස් එකයි, පස්සෙ දොරයි තියල විකුණනව....
හැබැයි ටර්බෝ එන්ජිම ඇතුලු අනෙක් ඔප්ශන් වලින් ඔර්ජිනල් fx2 එක හොයාගන්න පුලුවන්....
Cd20 එන්ජිමේ තව අවුලක් තියෙනව..., ඕකෙ එන්ජිම අනික් වාහන වලට සාපේක්ශව ඉක්මනට ගෙවෙන්න බලනව...
ඒ වගේම හීට් කරල ගෑස්කට් ගියොත් al හෙඩ් එක ඇද ගහන්න බලනව ඊට පස්සෙ ඕක ෆේස් කරල ගොඩදාන එකත් කරන්න අමාරුයි...... දන්න විදිහට ඒ අවුලනං cd20et2 එන්ජිමටත් අදාලයි...